මිනිසා කුසගින්නේ සිටින විටදී වඩා නිවැරදි තීන්දු තීරණ ගන්නා බව නෙදර්ලන්ත පර්යයේෂකයෝ පිරිසක් කියති.
මින් පෙර ඉදිරිපත්ව තිබූ මතය වූයේ හොදින් අහර ගෙන කුසගිනි නිවාගන්නා පුද්ගලයෝ නිවැරදි තීරණ ගන්නා බවයි.
නමුත් පර්යේෂක පිරිස සිදුකර තිඛෙන සරල පර්යේෂණයකින් බඩගිනිකාරයෝ වඩා නිවැරදි තීරණ ගැනීමට පෙළඹෙන බව අනාවරණයව තිබේ.
පර්යේෂණයට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් යොදාගෙන ඇති ඔවුන් මුලින්ම එම සිසුනට මුලූ රැයක් නිරාහාරව සිටින්නැයි උපදෙස් දී ඇත.
පසු දිනයේදී සිසුන් පර්යේෂණය සදහා විද්‍යාගාරය වෙත පැමිණි විට ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදා ඇති පර්යේෂකයෝ එක් කණ්ඩායමකට ආහාර ගැනීමට ඉඩ සලස්වාදී අනෙක් කණ්ඩායම දිගටම නිරාහාරව තබා තිබේ.
අනතුරුව සිසුන් කණ්ඩායම් 2 ක වෙන් වෙන් වශයෙන් ප්‍රශ්නාවලි, බුද්ධිය මැන බැලීමේ ක්‍රියාකාරකම් ආදියට භාජනය කිරීමට පර්යේෂකයෝ කටයුතු කර ඇත.
එහිදී හෙළිව තිඛෙන්නේ කුසගින්නේ සිටින කණ්ඩායම කුස පුරවාගත් කණ්ඩායමට වඩා බුද්ධිය මෙහෙයවා තීරණ ගන්නා බවයි.
උදාහරණයක් ලෙස දැන් දෙන කුඩා මුදල් ප්‍රමාණයකුත්, අනාගතයේ දෙන විශාල මුදල් ප්‍රමාණයකුත් අතරින් කුමක් තෝරා ගන්නේදැයි කණ්ඩායම් දෙකෙන් පර්යේෂකයින් විමසූ කළ බඩගිනිකාර කණ්ඩායම අනාගතයේ දෙන මුදල් ප්‍රමාණය ලබාගැනීමටත් බඩපුරවාගත් කණ්ඩායම දැන් දෙන මුදල් ප්‍රමාණය ලබාගැනීමටත් කැමැත්ත පළ කර තිබේ.
කුසගින්නේ සිටි කණ්ඩායම අනාගතය ගැන සිතා තීරණ ගන්නා බවක් පැහැදිලිව පෙනුනු බව පර්යේෂකයෝ කියති.
අද සමාජයේ පැතිර පවතින මොනවා කරන්නත් හොදින් කාබී සිටිය යුතුය යන මතය සෑම විටම සැබෑ නොවන බව මෙම පර්යේෂණයෙන් පෙනෙන බව ඔවුහු පවසති.
කුසගින්නේ සිටින විට මානසික පීඩාවක් ඇතිවන බව සැබෑ වුවත් මේ පර්යේණයේ ප්‍රතිඵල අනුව එය සෑම විටම අයහපත් දෙයක් ලෙස සැළකිය නොහැකි බව ඔවුන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව නම් ටක්කෙටම හරියන්න ඕන. අපේ රටේ තීන්දු තීරණ ගන්න අයගේ බඩ ගෙඩි ඕනෑවටත් වඩා පිරිලා තියන නිසා වෙන්න ඇති අපට මේ වගේ ප්‍රතිපල ලැබිල තියෙන්නේ. (නදී)
අසාර්ථක පරීක්ෂණයක් හෝ අසාර්ථක නිගමනයක්. අවිනිශ්චිත අනාගතයකට වඩා, ඥානවන්තයන් වර්තමානය මත රඳා සිටි. (නදී)
මට නම් බඩගින්නේ ඉන්න කොට ඔලුවේ කැක්කුම හැදෙනවා. තීරණ ගන්නවා තියා කරන දේ මතකත් නැහැ. (නදී)
අනේ මන්ද එකවෙලාවකට කියනව වෙලාවට කෑවෙ නැත්තම් බඩෙ ගෑස් හැදෙනව කියල. තව වෙලාවකට කියනව නුවන පහලවෙනව කියල. (ර)
හරියටම කොහොමද එහෙම කියන්නේ? (නි)
එක පරීක්ෂණයකින් විතරක් එහෙම කියන්න පුලුවන්ද? (නි)
එයාල කියනවා අපි අහනවා එයිට වඩා දෙයක් වෙන්නේ නෑ. (නදී)
එහෙම නම් ලංකාවේ අපි ගන්න තීන්දු හරිද? (අ)
අපේ රටේ නම් ටිකක් වෙනස් (නි)
ලංකාවේ ඉන්න බඩගිනිකාරයෝ නම් ගන්නේම වැරදි තීන්දු. මට හිතෙන්නේ ලංකාවට අදාළව නම් මේ පරික්ෂණය වැරදියි කියලයි (නි)
මොන බොරුද?(හේ)
එහෙනම් ඉතියෝපියාවේ සොමාලියමේ වගේ රටවල ඉන්න මිනිසුන්ගේ මොලේ මිට වඩා දියුණු වෙන්න එපැයි ඒ මිනිස්සු කන්න නැතුව දුක්විදින විදවිල්ලට.(හේ)
කවුද දන්නේ අනාගතයේ දී ඔය කියන විශාල මුදල ලබැයිද නොලැබෙයිද කියලා. ඔය කියන අනාගතේ එන්න කලින් මැරුනොත් ? හොදම තීරණය තමා වර්තමානයේ ලබන දෙයක් අරගෙන වර්තමානයේ ජීවත්වෙන එක. මට නම් පේන්නේ බඩගින්නේ ඉද්දි ගන්න තීරණ බුද්දිමත් කෙසේ වෙතත් ආසාවට තණ්හාවට වැඩියෙන් මුල්තැන දීලා ගන්න තීරණ වගෙයි. (නදී)
හලෝ වරුණ ගොඩ කාලෙකින් පස්සේ. කොහොම සැප දුක. අර උරුලව එහෙම තාම ගරු කරනවද ඔයාට? මටත් ආසයි ඔය උරුලව බලන්න (බ)
එරංග, එ්ක තමයි. බඩගින්නේ ඉඳල පුරුදු උනාම සල්ලි ලැබුනත් පෙරේත කමේ කන්නේ නැතුව ඉන්නවා ඇති. (නදී)