බොක්සිං වළල්ලේ නම රැන්දු, වර්ගවාදයට එරෙහිව ප්‍රසිද්ධියේම පෙනී සිට ලොවක ආදර ගෞරවය දිනූ මොහොමඞ් අලී පාකින්සන් රෝගය ඉදිරියේ පරාජයට පත්වෙමින් සිටී.
ඔහුගේ සොහොයුරා පවසන්නේ දැන් අලීට හරිහැටි කතා කර ගත නොහැකි මට්ටම දක්වා රෝගය වර්ධනය වී ඇති බවයි.
පාකින්සන් රෝගයෙන් සිරුරේ මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදුවේ. රෝගය වර්ධනය වත්ම මාංශපේෂි වල කි‍්‍රයාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ නවතී.පාකින්සන් රෝගයට මේ දක්වාම නිසි ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.
අලීගේ පුතනුවන් හා දියණිය පවසා සිටින්නේ බොහෝවිට මේ වසර අවසානයට පෙර තම පියා ජීවිතයෙන් නික්ම යනු ඇති බවයි.
ඔහු විදින වේදනාව ඉක්මනින් අවසන් වන්නේ නම් එය ඔහුට මෙන්ම ඔහු දෙස බලමින් සිතින් දුක්විදින තමන්ටත් යහපත් බව ඔවුන් කියයි.
ක්ෂණික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් නමක් දිනා සිටින අලී තමන් සගභාගීව ඇති තරග 61 අතරින් 56 කම ජය ලබාගෙන ඇත්තෙකි.
අසහාය කී‍්‍රඩකයෙකු ලෙස බොක්සිං ක්ෂේත්රයේ නමක් දිනාගෙන සිටියද මොහොමඞ් අලී යන නාමය ලොවම ප්‍රචලිත වූයේ වර්ගවාදයට එරෙහිව ඔහු නොපැකිළව පෙනී සිටීම නිසාය.
බොක්සිං වළල්ලේදී කළු ජාතිකයෙකුවූ තමාට නිග්‍රහ කළ සුදු ජාතික තරගකරුවන්ට අලී පහර දුන්නේ විදුලි වේගයෙනි.එවැනි පුද්ගලයින්ට වර්ගවාදය සම්බන්ධයෙන් අමතක නොවන පාඩමක් ඉගැන්වීම ඔහුගේ අරමුණ විය.වරක් ඔහුව වියට්නාම යුද්ධයට එක්වීම සදහා කැදවුණු කළ ඔහු එය ප්‍රතික්ෂේප කළේ කිසිම වියට්නාම ජාතිකයෙක් ඔහුට කල්ලෙක් යැයි කියා අපහාස කර නැතැයි කියමිනි.
අලීගේ ජීවිත කතාව පාදක කරගෙන සැකසුණු ‘‘අයි ඈම් අලි‘‘ නම් වාර්තාමය සිනමාපටයක් එළැඹෙන නොවැම්බර් මස 28 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම නිහතමානී දක්ෂ ක්‍රීඩකයෙක්. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (නි)
බුදුසරණයි!මොහොමෙඩ් අලි ඔබට (අ)
ලොව විශිෂ්ඨ බොක්ෂින් ශුරයෙක්.ඉක්මන් සුවය පතමි.(හේ)
ඔබට එක්මන් සුවය ලැබේවා.(හේ)
යහපත් මිනිසෙක්. ඔබට ඉක්මන් සුව....!(හේ)
ඔබට දීර්ඝායුෂ පතමි.(ෆහ්)
මෙයා ලංකාවට ආවා නේද?(හේ)
හරිම කණගාටුදායක පුවතක් (නි)
ලොව කොයි කාගේත් ගෞරවය සහ සිත දිනාගත් ක්‍රීඩකයෙක්. ඔහුට ඉක්මන් සුවය පතමි. (නි)
වියට්නම් යුද්දෙට යන්ට බෑ කියල සිපිරි ගෙට ගියා.ඔහු වීරයෙක්.(හේ)
මේ වගේ දෙයකදී දැනෙන දුක අපි කාටත් පොදුයි.මොහොමඩ් අලි , ඔබට ඉක්මන් සුවය පතමි!(හේ)
මරණය නියතයි.(හේ)
ඔබේ දිවියේ අවසාන කොටසට පැමිණ ඇති ඔබට දුක් වේදනා විදින්න නොවී සිටින්න ලැබේවා කියා පතමි. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.(හේ)
ඔබ බොක්සින්ග් පිටියේ සදාතනික වීරයෙකි. (හේ)
කණගාටුදායක පුවතක් (නි)
සෑම්, ඒ ඔහුගේ පෞද්ගලික කැමැත්තයි (නි)
සුප්‍රකට බොක්සිං ශූරයාණනි, ඔබට ඉක්මන් සුවය පතමි! (නි)
"රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්...." (නි)
අලි ඔබට තෙරුවණ් සරණයි. (අ)
අපිටත් ඕකම තමයි (දී)
කැසියස් ක්ලේ නම්වූ මේ ක්‍රීඩකයා ඉස්ලාම් දහම වැළඳගෙන මොහොමඩ් අලි ලෙස නම වෙනස් කර ගත්තා.(හේ)
ඔබට ඉක්මන් සුව පතමි! (නි)
ඔබට ඉක්මන් සුවය පතමි! (නි)
මේ වගේ දෙයකදී දැනෙන දුක අපි කාටත් පොදුයි. සම්බුදු සරණින් ඔබට ඉක්මන් සුව පතනවා! (නි)
තමන් සමාජයේ කුමන ජනප්‍රිය භුමිකාවක සිටියත්, ජීවිත රඟමඬලින් නික්ම යනවිටදී ගරු කටයුතු ලෙස නික්මයාමට හැකි නම් ඇත්තෙන්ම එය වාසනාවක්. (නි)
අකර්ෂණීය ලෝක පුජිත ක්‍රීඩකයෙක්. ඔහුට සහනය ලැබේවා! (නි)