නිවසක් නැතිව වසරක කාලයක් කාරයේ නිදා ගත් එංගලන්තයේ පවුලක් බලධාරීන්ට චෝදනා කරයි. ඔවුන්ට නිවසක් කුලියට ගැනීමට තරම් වත්කමක් නොමැති බව කියති.
නමුත් වසර දෙකක කාලයක සිට ඔවුන්ට ස්ථීර ලිපිනයක් නැති හේතුවෙන් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
නෝමන් කැරවයිස් (61) සහ සිය බිරිඳ කැරොල් (56), දියණිය ලමාස් (20) සහ පුත් ලෙවිස් (21) සමග කාරයේ දිවි ගෙවති. නෝමන් සඳහන් කරන පරිදි මීට වසර 10 කට පෙර ඔවුන්ට නිවසක් තිබී පසුව එය විකුණා ඇත. ඔහු රියදුරෙකු ලෙස කුලී රථ ආයතනයක සේවය කරයි.
රාති‍්‍ර කාලයේදී බිරිඳත්, දියණියත් පසුපස අසුනේ සහ ඔහුත්, පුතත් ඉදිරිපස අසුනේ නිදා ගන්නා බව ඔහු සඳහන් කර තිබේ. මතක ඇති කාලයක ඔවුන් සැප නින්දක් ලබා නොමැත. තරුණ දරුවන් දෙදෙනෙකු සමග මෙසේ පාරේ නිදාගත නොහැකි බැවින් තමන්ට නිවසක් දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලගදීම මන් මගේ එංගලන්තේ ගේ විකුණලා ලංකාවෙන් පොඩි කාර් පොඩ්ඩක් ගන්නවා.(නදී)
මම හිතන්නේ මෙයාගේ නෙමෙයි මේ කාර් එක. එයා වැඩකරන සමාගමේ.... (ස)
බුදු දහමේ කියන්නේ ඕක තමා, එංගලන්තේ හිටියත් ඇමෙරිකාවේ හිටියත් පව් කලොත් දුක් විඳින්න වෙනවා කාටත් පොදු දෙයක්. (ස)
එංගලන්තේ කාර් වල හරි ඉන්න පුළුවන්, ගෙයක් නැත්තම් ලංකාවේ මහපාරේ තම ඉන්න වෙන්නේ. එකත් බෑ අල්ලන් යනවා. ලංකවේ ඔයිට වඩා දුක් විදින කීදෙනෙක් ඉන්නවද? අපේ මිනිස්සුන්ට එංගලන්තේ කවුරු හරි එහෙම හිටියම ලංකවේ මිනිස්සු විඳින දුක අමතක වෙනවා. (ස)
නියමයි. (නි)
දුකම මොනතරම් සතුටක්දෝ? (නි)
ඉන්දික , පේනවනේද ලංකාවේ සමහරුන්ගේ ටිකිරි මොළ වල තරම.අන්තර්ජාලය පාවිච්චි කරන්නේ විගඩන් වලට,දෙයක් ඉගෙන ගන්න නෙවෙයි.(නදී)
එංගලන්තේ නායකයෝ අපේ රටේ අයගේ මානව හිමිකම් උල්ලංගනය වීම ගැන බලනවා. තමන්න්ගේ රටේ ඉන්න ගෙයක් දොරක් නැති මිනිස්සු පාරේ නිදියනවා. .අනේ එංගලන්ත කාරයන්ගේ සත්ව කරුණාව. ලෝකේ ඉන්න හැමෝටම පේන්නේ අපේ රටේ ප්‍රශ්ණ විතරමනේ හැබෑට.(නදී)
රු , ලක්ෂ 2, එංගලන්තේ ගන්න පුළුවන් කාර් එකකට, ලංකාවේ ගන්න නම් වටිනාකම රු ලක්ෂ 40 වත්, යනවා, ලංකාවේ බදු තමයි බදු,... මම ඉන්නෙත් එංගලන්තේ තමා.(නදී)
මුළු ජීවිත කාලයම කාර් එකේ ජීවත් වෙන අය ඇමරිකාවෙත් ඉන්නවා. (නි)
ලංකාව රත්තරන් රටකි (නි)
එක්කෙනෙක් ඇවිල්ල ලංකාව සිංගප්පුරුවක් කරන්න හැදුවා. තව කවුරු හරි ඇවිල්ල ලංකාව එංගලන්තයක් එහෙම කරන්න හදයි වත්ද? (නදී)
ලංකාවේ ඉන්න දේශපාලනය කරන අය ලංකාවේ නොහිටියානම්. හිතන්න එහෙම අය ලංකාවේ නෑ කියලා. ලංකාවට ගහන්න තව රටක් නෑ.(නදී)
ඇවිත් බලන්න මේ රටවල හැටි. ලංකාව කියන්නේ රත්තරන් රටක්.(නදී)
අම්මෝ පව්...... (ස)
ලංකාවෙන් ගිය මල්ලිලා, අයියලා ,අක්කලා ඉන්නේ හරියට දිවිය ලෝකේ ගියා වගේ. එංගලන්තේ ඇත්තටම පුදුම කටු තමා කන්නේ අපේ අයත් මේ වෙලාවට මතක් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගිය සිංහල කොල්ලන්ගේ ගීතය.(නදී)
මෝරලා, ප්‍රශ්නයක් කර ගන්න එපා. විකුණන්න ගේ ..,ගන්න කාර් එකක් [නියමයිනේ] (නි)
ලංකාවේ නම් ගෙයක් හදන්නත් බැහැ කාර් එකක් ගන්නත් බැහැ (දී)
එහෙ කාර්යක මිල ලන්කාවමෙන් තුනෙන් එකක් නිසා ඕන මිනිහෙක්ට කාර් එකක් ගන්නද පුළුවනි කවද්ද අපිට ඒවිදියට කාර් එකක් ගන්ඩ ලැබෙන්නේ ? (දී)
එංගලන්තෙ කාර් ලාභයි, ගෙවල් ගණන්.ලංකාවෙ ගෙවල් ලාභයි, කාර් ගණන්.(ස)
රුක්මල්, එන්ගලන්තෙ ඔය කාර් එක පවුම් 500කට විකුනන්න පුලුවන්.... කාමර දෙකක් එක්ක තනි තට්ටුවෙ පර්චස් 5ක ප්‍රමානයේ නිවසක් පවුම් 100,000කට වඩා මිලයි... එහේ කාර් මිල අඩුයි.... ඒත් ගෙවල්වල මිල ඉතාම ඉහලයි... (දී)
එංගලන්තෙ කාර් එකක් සතියක පඩියෙන් ගන්න පුළුවන්. නමුත් ගෙයක් ගන්න වසර ගණනක් වැඩ කරලා ඉතුරු කලත් ගන්න බැහැ.ලංකාවට වඩා මෙහේ ක්‍රමේ සම්පුර්ණයෙන්ම වෙනස්. (ස)
වහලවල් නැද්ද එහේ නගින්න (දී)
සාමාන්‍යය නිවසක් විකුනලා කාර් 50 විතර ගන්න පුලුවන්. (ස)
අනේ ඇත්තට ඒ රටවල මිනිස්සුන්ට කාර් ගන්න සල්ලි තියෙනවා. ගෙයක් ගන්න සල්ලි නෑ.අපේ රටේ මිනිස්සුන්ට කාර් ගන්න සල්ලි නැතිව අඞනවා .මාර ලෝකයක් නේ මේක... (ස)
මෙහෙව් රටකටද අපේ මිනිස්සුත් මේ පැනගෙන යන්න හදන්නේ? (ස)
එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ හිඟන්නන් ගේ වෙනස දැන් හොඳින් වටහා ගන්න ... (ස)
විකුනන්න කාර් එක , ගන්න ගෙයක් පොඩියට හරි, සිම්පල් ප්ලෑන් එකක්නේ.... (ස)