සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම කුඩා දියණිය සොබා දහම ගැන ‘අයනු‘, ‘ආයනු‘වත් නොදන්නා බව දුටු චීන ජාතික මවක් දුවණිය පරිසරයට සමීප කිරීමේ අරමුණ ඇතිව ඇය වෙනුවෙන් සම්පූර්ණ කඳු ගැටයක්ම කුලියට ගෙන ඇත්තීය.
මෙම කඳු ගැටයේ හෙක්ටයාර 1.3 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ගොවිපලක්ද ඇත.
ප්‍රදේශයේ නගර සභාවට කුලී ගෙවා ඇති මව ගොවිපලත් සමගම මුලූ කදු ගැටයම
සෑම දිනකම තම දියණිය කඳුගැටය නැරඹීම සදහා කැටුව යන මේ මව ඇයව ගොවිපොළේ වැඩකටයුතු සදහාද යොදවන්නීය.
‘මේක තමයි හොදම විදිය මගේ දුවව පරිසරයට සමීප කරවන්න.ඇයත් මා සමග එන්නේ සතුටින්‘ ඇය කියන්නීය.
‘පන්ති කාමරයක සිටියායැයි කියලා සැබෑ අත්දැකීම් ලැඛෙන්නේ නැහැනේ.සැබෑ අත්දැකීම් ලබා ගන්න පන්තියෙන් එළියට එන්න ඕනේ.සමහරු මගෙන් අහනවා ඇයි ඉතින් කන්දක්ම ගත්තේ කියලා.ඉතින් පරිසරය පිරිසිදුයි, ආරක්ෂා සහිතයි, හරිම ලස්සනයි. අනෙක මට ඒකට ගෙවන්න පුළුවන්නම් ඇයි අඩු දෙයකට යන්නේ‘ ඇය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම්ම අම්ම කෙනෙක් ... (දී)
නැණවත් මවක්. කන්දක් කුලියට නොගත්තත් අපේ රටේ ඕන තරම් කඳු, වන අරන්, දියඇලි , මුහුදු බඩ ප්‍රදේශ ඕන තරම් තියනවා. ඔවුන් සමග ගොස් ඒවා පෙන්වා දී පරිසරය ගැන ඔවුන් දැනුවත් කරන්න අපේ දෙමව්පියනුත් දැනුවත් විය යුතුය. (ස)
වාසනාවන්ත දියණියක්. කෙසේ වෙතත් උපාලි කියනවා වගේ, ලංකාවේ පරිසරය ගැන ඉගෙනගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. හෝටල් වලට ගිහිල්ලා විනෝද වෙන්න වියදම් කරන සල්ලි වලින් ඒ වගේ තැන් වලට ගියොත් ගොඩක් දැනුමක් වගේම විනෝදයකුත් ලබා ගන්න පුළුවන්. (ස)
අගේ කරන්න ඕනේ අම්මගේ සිතුවිල්ල. නමුත් සල්ලිවලට කරන්න දෙයක් නැතිව කෝට් ගනන් වියදම් කැරලා තමාගේ සුරතල් බල්ලන් පුසන් විහාහ කරදෙන මිනිසුත් මේ ලෝකේ ඉන්නවා.(නදී)
අපි කවුරුත් ස්වභාව ධර්මයාට ආදරය කළ යුතුයි.මන්ද ස්වභාව ධර්මයා විසින් අපව ආරක්ෂා කරන බැවින්. (ස)
ඉන්දික,උපාලි, ඔයගොල්ලෝ ලංකාවේ අය ගැන ඇත්තටම පැහැදිලි වැටහීමක් නැද්ද? අපේ කොළඹ සහ අවට වාසය කරන අයගෙන් සියට 99ක්ම හීනමානය කියන රෝගය තියෙන්නේ! දැන් එක ටික ටික ගම් වලටත් ගිහින්.සිංහල දෙන්නෙක් එකතු උනොත් ඉංග්‍රීසියෙන් කතාව. එහෙමත් නැත්නම් සියට 85ක්ම ඉංග්‍රීසි වචන. ඉතින් ගහකොළ පරිසරය ළමයින්ට උගන්වනවා කියන්නේ මෝඩ ගොඩේ බයියලගේ වැඩක් කියල ඒ ගොල්ලෝ හිතන්නේ. රටේ මිනිසුන්ටවත් ඒ රටේ භාශාවවත් බැරිකොට රටක් දියුණු වෙනවා කියන්නේ විහිළුවක්! (දී)
ආදර්ශමත් වැඩක් (දී)
අසෝකා,ප්‍රතිශතය නම් වැරදි වගේ හිතෙනවා. ඒත් අගයක් තියෙන කතාවක් මට කාලෙකින් ඇහුනා. අද නගරයට වැඩිය ගමට වැරදිලා කියලා මට නිතරම හිතෙනවා.මමත් හොඳ ගමේ කොල්ලෙක්, ඉස්සර සරම කැහැපොට කවාගෙන ගිය...දැන් නම් ඉන්නේ නුවර (නි)
අපේ සංස්කෘතියෙන් හයිකින්, කැම්පේන්, නේචර් වොර්ක්,(සිංහල වචන නොමැත), පිහිනීම් අවගේ දේවල් නෑ.අපට ස්වභාව ධර්මෙන් මේ හැම දේම දීල තිබුනත් මිනිස්සු කම්මැලියි.රට වටේම මුහුද,රට හැමතැනම ගඟ ඇලදොළ.එත් කීදෙනාටද පිහිනන්ට පුළුවන්. කවුද කඳු නගින්ට කැමති, කැම්පේන් වලට කැමති.මේවා වෙනස් විය යුතුයි... (ස)
නීලා.. සිංහල වචන නොමැත? ඇත්තට? ඔයත් අර අසෝකා කිව්වා වගේ හීනමානය කියන රෝගය තියන කෙනෙක් ද? බොරුව තමා ගොඩක් ලංකාවේ තියෙන්නේ. ඔයා ශිෂ්‍යත්ව පන්තියකට වැස්සකටවත් ගියානම්.. හයිකින්, කැම්පේන්.. නෙවෙයි කෑම්පින්, නේචර් වොර්ක්.. මේවට සිංහල වචන පිලිවෙලින් පයින් ඇවිදීම හෝ කදූ නැගීම, කදවුරු බැදීම, සොබාදහමේ ඇවිදීම හෙවත් පයින් යාම කියල උගන්වයි.(නදී)
අසෝකා, ප්‍රතිශතය කුමක් උවත් ඔබ කියන දෙය තමයි දැන් වෙලා තියෙන්නේ. ආයුබෝවන් කියන්න ලැජ්ජයි. ලෝකයේ තියන අර්තවත්ම සුබ පැතුම එයයි. ගුඩ් මොර්නින්ග් කියනවා. හැබැයි ඉංග්‍රීසි නිවැරිදිව කතා කරන්න ඉගෙන ගන්නේ නැ. මට මතකයි මහාචාර්ය ජී බි දිසානායක මහතා වරක් පැවසුවා තම මව් භාෂාව නිවැරිදිව හසුරුවන්න නොදන්නා අය වෙන භාෂාවක් උවද නිවැරිදිව ඉගෙන නොගන්නා බව. භාෂා දෙකම එකවර අච්චාරු කරන්නා එක භාෂාවක් වත් ඉගෙන නොගනී. තමාගේ මව් බසට ගරු නොකරන්නා පරිසරයට ගරු කරයි කියල හිතන්න බැහැ. දෙමව්පියන් ඉතින් මේවා දරුවනට පුංචි කලේ ඉඳලම කියල දෙන්න ඕනේ. ළමයිනට නිකම් බොරුවට " අන්කල්" "බායි" කියන්න පුතා කියල බොරු සෝබන උගන්නන්නේ නැතිව.(නදී)
අසෝක ඔබේ කතාව හරියට හරි. කාලෙකට පස්සේ හොඳ කතාවක් ඇහැව්වා. අපේ මිනිස්සු අපේ මුල් අමතක කරලා වෙන රට වල දේවල හරි ලොකුවට ගන්නවා. ඒගොල්ලෝ දන්නේ නෑ බටහිර රටවල අය ඒ රටවලදී සත 5 කට අපිව ගණන් ගන්නේ නෑ කියලා. අපි අපේ හොඳ ගුනදර්ම අමතක කරලා පිස්සෝ වගේ පිටරට වල ආචාර දර්ම ගන්නවා අපිට කරදරයක් වුන විට ඔය සෝබන වලින් වැඩක් නෑ කියල අපේ මිනිස්සු කවදා තේරුම් ගනී ද මන්දා.(නදී)
අනේ වාසනාවන්. මේ අම්ම තමන්ගෙ දරුවා ගැන කොච්චර හිතනවද? අද කාලේ සමහර අම්මලට දරුවන් ගැන හොයල බලන්න වෙලාවක් නැහැ.එක්කො කාර්යබහුලත්වය නිසා නැත්නම් හොයන්න උවමනාවක් නැති කම.ඒත් හැම අම්මම එහෙම නෑ. ඒ අතින් මේ අම්මා කොච්චර ආදර්ශවත් ද? (ස)
වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත දරුවො. මෙවැනි ක්‍රියා අපේ රටේ දෙමාපියනුත් ආදර්ශයට ගතයුතුයි. එවිට අපේ අනාගත පරපුර දයාව කරුණාවෙන් පෝෂණය වේවි. (ස)
දුවට පෙන්වන්න කියල අපේ අය ඉස්සහරට වන්නන්තර පිටින්ම කඳු ගන්න හදයි. එහෙම සුපිරි කොටසක් අද ඉන්නවා අලි හොරු වගේ.(නදී)