පැරිස් ධම්මචක්ක බෞද්ධ සංගමයේ සභාපති පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ට වසර 75 ක් පිරිම නිමිති කරගෙන ප්‍රංශයේදී පින්කම් මාලාවක් පවත්වනු ලැබිය.
පැරිස් බෞද්ධ විහාරයේ දායක කාරකාදීන්ගේ සන්විධායකත්වයේ මහා සංඝ රත්නය උදෙසා සංඝගත දක්ෂිනාවක් පිරිනමා ආනන්ද හිමියන්ට තිර ජීවනය නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේගේ දෙමාපියන්හටත් උන්වහන්සේ පවිදි කළ ගුරු හිමියන් වහන්සේලාටත් පින් පැමිණිවිණි.
ධම්ම චක්ක දහම් පාසලේ මණ්ඩලයේ මෙයෙයවිම යටතේ දරු දැරියෝ සහ දෙමාපියෝ එක්ව බෝධි පුජාවක් පවත්වා උන්වහන්සේට දිගා සිරි පැතුහ.
පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්දරතන නාහිමියෝ ආශිර්වාද පුජාවක් පවත්වා ආනන්ද හිමියන්ට දිගාසිරි පැතුහ. එහිදී අනුශාසනාවක් පවත්වමින් ලොව පුරා උගතුන් ගේ නොමද ඇගයීමට පත්ව ඉන්නා ආනන්ද හිමියන් ලාංකික භික්ෂුන් වහන්සේලාට ගෞරවයක් ලබාදෙන බව සඳහන් කළහ. පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියන් ආනන්ද හිමියන්ගේ ශාසනික සේවය පැහැදිලි කරමින් විශේෂ අනුසාශනාවක් කළහ.
"රාජ්‍ය සේවයේ නියුතුව සිටි ඒ.පී.තාඹුගල මහතාගේ හා කේ.ඒ.සිසිලියන් නෝනා මතාවගේ පුතුණුවන් ලෙස 1941 පෙබරවාරි 21 වැනි දා මෙලොව එළිය දුටු පින්වත් කුමරා රාජ රාජ මහාමාත්පාදින්ගේ ගෞරවයට පාත්රවන ජාත්‍යන්තර කීර්තියට පත්වන මහා පඬි රුවනක් බවට පත්වේයැයි එදා එම දෙමාපියන් හට නොසිතෙන්නට ඇතැයි ඒ හිමියෝ කීහ.
1954 නොවැම්බර් මස කපුගොඩ ඥානානන්ද ලොකු හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්වූ මහා පඬිරුවනක්වූ කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාර නායක මාහිමිපානන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අල්ගම පුරාණ විහාරස්ථානයේදී කෝන්ගස්දෙනියේ ආනන්ද නමින් සසුනට ඇතුළුවූ උන්වහන්සේ පිරිවෙන් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළින් සිය දැනුම ඔපවත් කර ගත්හ. කලක් උන්වහන්සේ පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනෙහි අධිපතිත්වය දැරුහ. දශක කිහිපයක් ලංකාවේ සිසු දරු දැරියන් හට අගනා මෙහෙවරක් ඉටු කළ ආනන්ද හිමියෝ ප්‍රංශයට වැඩම කර පැරිස් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති තනතුර භාරගෙන කටයුතු කරමින් ඉමහත් මෙහෙවරක් ඉටු කරති. අද යුරෝපයේ වැඩවසන වයෝවෘද්ධ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ ආනන්ද හිමියෝය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේගේ ධර්මදෙශනා ඉතා අර්ථවත් ඉතා කීර්තිමත් සගරුවනක්. ඔබ වහන්සේ බුදු වදනට පමණක් දෙසුම සිමාවූවා නමි ඔබ වහන්සේ බැබලෙනු ඇත සුබ උපන්දිනයක්.! (ර)
සුනිල් කුසුම්සිරි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ප්‍රාර්ථනා කරමි (බ)
ඔබ වන්හන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ප්‍රාර්ථනා කරමි (බ)
අතිපූජ්‍ය කෝන්ගස්දෙණියේ ආනන්ද හිමිපාණන්ට නිරෝගී සම්පත්තියෙන් පුර්නව අප සමග චිරාත් කාලයක් වැජඹේවා. (බ)
සිංහල බසේ දුර්ලභ මහ ඇදුරු යතිවරයකු වූ පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද මාහිමියන්ට නිදුක් නිරෝගී සුවය තෙරුවන් බලෙන් ලැබේවා....!!! (නි)
ඔබ වහන්සේ බුද්ධ ශාසනයට මෙන්ම සිංහල සාහිත්‍යට කළ අනූපමේය සේවය අගය කරමු. ලංකාවේ සමහර සංඝයාට ඔබවහන්සේ ආදර්ශයක් වේවා. (නි)
මෙවන් දේවල් අහන්නත් සතුටුයි (නි)
ගරු නාහිමිට ග්‍රීසියේ අපේ සුභ පැතුම්, නිදුක් නිරෝගී සුවය ලැබේවා ! (ර)
හාමුදුරුවනේ සුබ උපන්දිනයක් ඔබ වහන්සේ දේශපාලනය නම් නොකරන්න. කරන අය කරපුවාවේ ඔබවහන්සේට ලංකාවේ යුරෝපයේ ලෝකයේ ගෞරවයට පාත්රවී ඇත එය රැකගමු. (ර)
ලැබුවාවූ උපන්දිනයත්, එළබෙන වර්ෂයත් නිරොගී සුවතාවෙන් පිරුණු වසරක් වේවා! මහණදිවියේ නිසි ප්‍රතිපල උදාකරගන්නටත්,බොහෝ පිරිසකට මග පෙන්වන්නටත් ඔබවහන්සේට සියලු ආශීර්වාද, ශක්තිය ලැබේවා! (බ)
අහද්දිත් සතුටුයි (නි)
සුබ උපන්දිනයක් වේවා! ඇමරිකාවෙන් මගේ සුබ පැතුම්! (නි)
අතිගරු මාහිමියනි, ඔබවහන්සේට දීර්ඝායු පතමි! (නි)
සුබ උපන්දිනයක් වේවා... අනික් අයට වගේ දේශපාලන බණ ඔබ වහන්සේට පහල නොවේවා .සාදු සාදු සාදු .බුදු පෙරහර ...(බ)
සාදු....සාදු ....සාදු...සාදු....සාදු......!!! (ම)
අපේ හාමුදුරුවේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් (අ)
දිගු කලක් ජීවත් වෙනවා කියන්නේ හුදු කාලය ගෙවා දැමීමක් ලෙස හිතන මිනිසුන් ද සිටින ලෝකයක කාලයට දහමින් අර්ථයක් සෙවූ ශ්‍රේෂ්ට පඬි රුවනක් ලෙස අපගේ කෝ ආනන්ද හිමියන් හඳුන්වන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ කවියෙක්, නව කතා කරුවෙක් වීමත් ඒ හිමියන්ගේ ශාසනික මෙහෙවරට ලැබුන අතිරේක ආකර්ෂණයක් ලෙසයි අප දකින්නේ. කෝ ආනන්ද හිමියනට නීරෝගී දීර්ඝායු සහිත ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.(අ)
ස්වාමින් වහන්ස, ඔබවහන්සේට සුබ ජන්ම දිනයක්! තෙරුවන් සරණයි! (නි)
ඔබ වහන්සේ ලියූ “ හේ සිද්ධාර්ථ නම් වෙයි “ නවකතාව මට සිහිපත් වෙනවා. ඔබ වහන්සේට දීර්ඝායූ පතමි. (නි)
අතිපූජ්‍ය පැරිසියේ ආනන්ද හිමිපාණන් නිරෝගී සම්පත්තියෙන් පුර්නව අප සමග චිරාත් කාලයක් වැජඹේවා. (බ)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .. සුබ උපන් දිනයක්.. චිරංජයතු ...(බ)
සාදු...සාදු ...සාදු ...(බ)
සුබ උපන් දිනයක් වේවා ..(බ)
හාමුදුරුවනේ සුබ උපන් දිනයක් වේවා ..(බ)
සුබ ම සුබ උපන්දිනයක් ..වේවා ..(බ)
සාදු.සාදු .සාදු .(බ)
1978 වසරේ පළවූ "හේ සිද්ධාර්ථ නම් වේ" නවකතාව හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයද දිනා සරසවි ඉතිහාසයේ පශ්චාත් උපාධියකට නවකතාවක් පිළිගත් පළමු වාසනාවන්ත අවස්ථාවද හිමිකරගත්, "අලුත් ඉස්කෝලය,නව කැලණි පාලම,මහ පොළොව අලුත් කිරීම " වැනි කවි පොත් දැයට දායාද කළ හෙළබසේ මහ ඇදුරු යතිවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය කෝන්ගස්දෙණියේ ආනන්ද මාහිමියන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා...!!! (නි)
සෙත් පතමි ! (බ)
මගේ මතකය නිවැරදි නම් "සිද්ධාර්ථ" නම් නවකතාව ලියා නවකතාවක් වෙනුවෙන් ආචාර්ය උපාධියක් ලබාගත් එකම පුද්ගලයා මේ හිමියන්ය. එය අතිවිශිෂ්ට ක්‍රියාවකි . ඔබවහන්සේට දිගාසිරි පතමි. (නි)
මහා යතිවරයාණන්ට දීර්ඝායුෂ පතමි. (නි)
හාමුදුරුවනේ ඔබවහන්සේට ආයුබෝවේවා (බ)
ගරුතර ස්වාමීන්වහන්ස, ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත් සමග දීර්ඝායුෂ පතමු!!!! (බ)
ප්‍රංශයේ තිබෙන පන්සල් වලින් වඩාත්ම ජන හදට ළංවුණ නිහතමානි හිමි නමක් මේ පැරිසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝස්ගස්දෙණියේ ආනන්ද හිමි. මා මේවාට සහභාගි නොවුණත් මගේ හද පිරි ගෞරවය සහිත සුබ පැතුම් 75 වෙනි ජන්ම දිනය වෙනුවෙන් පතමි! (නි)
චිරං ජයතු නාහිමියනි.... (නි)
මෙවන් හිමිවරු රටට වාසනාවන්! (නි)