මා ඉදිරියේ සිටියේ ඉතිහාස ගත මිනිසෙකි. ඔහුගේ මතවාදය හා ක්‍රියාවලිය ගැන විවිධ විග්රාහ විවේචන තියෙන්න පුළුවන්. එහෙත් ඔහු ඉතිහාස ගත මිනිසෙක්. මම කියුබාවට පැමි‚යේ එම මිනිසා හමුවීමයි.˜
කියුබානු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝ ප්‍රංශ ජනාධිපතිට පිළිගැන්වු රාත්‍රි භෝජන සංග්රහායේදි ප්රංශුවා ඔලොන්ද් ජනාධිපති පැවැත්වූ දේශනය ආරම්භ කරමින් එසේ පැවැසීය.
ලෝක දේශපාලන ක්ෂේත්රයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස සලකමින් දශක හයක් පමන ලෝකයෙන් හුදෙකලාවූ නිදහස් කියුබාවට පැමිණෙන ප්‍රථම බටහිර යුරෝපීය නායකයා වෙමින් පසුගියදා ප්‍රංශ ජනාධිපති තුමාගේ කියුබා සංචාරය සිදු වුයේය. ඔහු සමග කියුබා පැමිණි කණ්ඩායම තිහක් පමන විය. ඔවුන් අතර වැඩි දෙනෙක් කාන්තාවෝය. ඔවුන් සියල්ලෝ ඇමතිවරු හා මන්ත්‍රී වරුය.
කියුබා සංචාරයේදි ප්‍රංශ ජනාධිපති දින පොතෙහි හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝ හමුවීමේ සඳහනක් නොමැත. එනමුදු පසුගිය සදුදා ප්‍රංශ ජනාධිපති විසින් චේ ගුවේරා ස්මාරකයට උපහාර දැක්වීමෙන් පසු හවානා විශ්ව විද්‍යාලයයේ සිසුන් සදහා දේශනයක් පැවැත් වුයේය. දේශනය අවසන්වී පිටත්ව යන ප්‍රංශ ජනාධිපතිගේ විදේශ උපදේශක ජැක් උඩිබර්ඩ් මහතාගේ දුරකථනයට ඊළග විනාඩි 15 හිටපු කියුබා නායක අවුරුදු 88 වයැසැති පිදෙල් කැස්ත්‍රෝ හමුවීමට කැමැත්තෙන් සිටින බව දැන්වීය. ඒ අනුව ජනධිපති සමග විදේශ උපදේශක ජැක් උඩිබර්ඩ් හා සෙනට් සභාවේ හිටපු සභාපති සමාජවාදි පක්ෂයේ ජෝන් පියෙර් ඛෙල් බටහිර හවානා හී පිහිටි පිදෙල් කැස්ත්‍රෝගේ නිවසට ගියේය. ඔවුන් පිළිගැනීමට කැස්ත්‍රෝ සමග ඔහුගේ බිරිඳ හා දියණියෝ දෙදෙනෙක් පිළිසඳරට අසුන් ගත්තෝය. ප්‍රථමයෙන් විප්ලවීය නායකයා කථාව අරඹමින් —ඔබගේ මෙම ප්‍රථම හමුව ඉතිහාස ගත වෙනවා. ඒ වගේම මමත් ප්‍රංශයට පැමිණ තිඛෙනවා යැයි‘ පවසමින් හරියටම විනාඩි පනහක් කථා බස් කළේය. මාධ්‍යයට අවසර ලැබුණේ ඡායාරූපයක් ගැනීමට පමණි. කෙසේ නමුදු කෘෂිකර්මය, වතුර හා පරිසරය රැකීම යන කරුණු ගැන අදහස් හුවමාරුවූ බවත් ඔහුගේ අසනීප. තත්වය ගැන ඇසු විට උරහිසේ ආබාධයක් ඇති බවත් ප්‍රතිකාර ගන්නා බවත්, චේ ගුවේරා ගැනද ඔහු සමග කථා බස් කළ බවත් ප්‍රංශ ජනාධිපති කාර්යාලීය නිවේදන වල දැක්වේ. ප්‍රංශ ජනාධිපති සමාජවාදි පක්ෂයේ ප්රංශුවා ඔලොන්ද්ගේ දේශපාලන තරුණ විය විප්ලවවාදි චේ ගුවේරාට දැඩි ලෙස ආදරය කල කෙනෙකි. ඔහු ඔහුට ගරු කලේය . එබැවින් කියුබා විප්ලවයේ පියා සමග ඔහුගේ විප්ලව වාදි සගයා ගැන කතා කිරීමට ලැබීම අතිශය සතුටට හේතුවක් බව ප්‍රංශ ජනපති පැවසීය.
කියුබා විප්ලවයේ පියා ලෙස සැලකෙන පිදෙල් කැස්ත්‍රෝ හමුව ප්‍රංශයේ සාමාන්‍ය ජනයාට විශේෂයක් නොවුනත් ප්‍රංශ මාධ්‍ය, ලෝක දේශපාලන හා ප්‍රංශ දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් වුයේය. 1959 ජනවාරි 01 වැනිදා බැටිස්ටාගේ පාලනයෙන් මුදා ගත් කියුබාව පිදෙල් කැස්ත්‍රෝගේ පාලනයට හසු වන්නේය. ඇමෙරිකාව සමග විරසකවීම හේතුවෙන් කියුබාවට එරෙහිව 1962 පෙබරවාරී 07 වැනිදා සිට ආර්ථීක, වාණිජ, මුදල් ප්‍රධාන කොට ජාත්‍යයන්තර තහංචි පැනවිණි. පිදෙල් කැස්ත්‍රෝ දැඩි ලෙස අසනීප වීමෙන් පසු 2008 පෙබරවාරී 24 වැනිදා රාහුල් කැස්ත්‍රෝ ජනාධිපති ලෙස නම් කළේය. ඔහුගේ ආගමනයෙන් පසු 2014 දෙසැම්බර් මස 17 වැනිදා ඇමෙරිකාව විසින් පැණවූ තහංචි ඉවත් කර ගන්නා බව ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා දැන්වීය. ඉන්පසු එරටට පැමි‚ ප්‍රථම බටහිර රාජ්‍ය නායකයා ප්‍රංශ ජනාධිපති විය.
මින් පෙර 1974 දී ප්රංශුවා මිතොරොන්ග් කියුබාවේ සංචාරය එය නිල වශයෙන් නොවේ. එබැවින් ප්රංශුවා ඔලොන්ද් කියුබාවට පැමිණි ප්‍රථම ප්‍රංශ ජනාධිපති ලෙස ඉතිහාසයට එක් වන්නේය. එහෙත් මෙම විශේෂ හමුව ගැන මාධ්‍යයේ හා දේශපාලන කරලියේ විවිධ අදහස් පළවේ. පිදෙල් කැස්ත්‍රෝ ඒකාධිපතියෙකි. කියුබා ජනතාව සිර ගෙදරක සිර කර තැබූ ඔහු මුණගැසීම ප්‍රංශය ලැජ්ජාවට පත් කිරීමක් බව දක්ෂිණාංශික පක්ෂ මන්ත්‍රී බුරූනෝ ලෙමෙර් මාධ්‍යයට පැවසීය. හමුවීම ඉතිහාසගත ජායා රූපයක් පමනක් යැයි සමහරු කීවේය.
කෙසේ නමුදු ප්‍රංශ ජනාධිපති හා පිදෙල් කැස්ත්‍රෝ හමුව ඉතිහාසගතවී හමාරය. මෙම හමුවේදි පිදෙල් කැස්ත්‍රෝ පැලඳ සිටියේ අඩිඩාස් ලාංචනය සහිත කමිසයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හිටපු ජනාදිපති තුමාත් ඔහු බලයේ සිටි කාලයේ ගිය කියුබාවට , ගිහින් මෙතුමාව බලා , චේ ගුවේරාගේ පවුලේ උදවිය lසමුවී කතා බහ කරලා විස්තර සොයා ලංකාවට අවේ , ඒවා ලංකාවට උචිත විදියට ගලපා රට හදන්න , එහෙත් ඒවා කරන්න කොටසක් ඉඩ නොදී එතුමාව පලවා හෙරියා ,(කේ)
යවනාඩ්, රටට ආදරය කරන නායකයන් හින්දා රටත් පවුලත් දෙකම දියුණු වන බවට කස්ත්‍රෝ වගේම තම රටට සතුරු බටහිර බලවේග වලින් ආරක්ෂා කරගැනීමට වෙහෙසුණු සෙසු රාජ්‍ය නායකයන්ගෙන්ද උදාහරණ සැපයෙයි. (නි)
හොඳ පුවතක් (නි)
කස්ත්‍රෝ කොපමණ කලක් බලයේ හිටියද දැන් බලයේ ඉන්න කෙනාට ඔහුගේ ඇති නෑකම කුමක්ද? යනාදිය ගැන නොදන්නා පහුගිය කාලේ අන්තර්ජාල ලනු ගිලපු උදවිය තමයි මේ අදහස් වලින් බොහොමයක් දාලා තියෙන්නේ. (බ)
ආනන්ද දොඩම්ගොඩ දන්න බම්බුව .එයා දන්නේ අශ්වයෝ පිට යන්න පමණයි .පිදෙල් කස්ත්‍රෝ කවුද ? කියලා දැන ගත්තේ සමහර විට මෙම ලිපියෙන් පසුව වෙන්න ඇති .අපි නොදන්න දොඩන්ගොඩ (බ)
අසහාය යුග පුරුෂයා (බ)
රටට ආදරය කරන නායකයෝ නිසා රට දියුණුවෙනවා. පවුලට ආදරය කරන නායකයෝ නිසා පවුල දියුණුවෙනවා. (නි)
අදහස් දැක්වූ හුඟක් අය ක්රස්තෝලා ගැන දන්නේ නැහැ වගෙයි. (නි)
අන්න ඒකට අපේ රටේ නායකයෝ. (නි)
ස්ටුටි ලකදිපට මය පල කිරීම ගැන .(කේ)
යුග පුරුෂයන් සැමවිටම නිවැරදි නොවේ (කේ)
රටකට හොඳ වටිනා නායකයෙක් ලැබුණට වැඩක් නැහැ, ඒ රටේ ජනතාවට එතුමාගේ වටිනාකම තේරුම්ගන්න තරම් මොළයක් නැත්නම් (නි)
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන්, ධම්ම, සහ අචිත්ට කියන්න තියෙන්නේ මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳලා ගනීද කියලයි. (නි)
ඉතා හොඳ කරුණු ඇතුළත් ලිපියක් (නි)
මේ වගේ නායකයෙක් ලබන්න අපි පින් කරලා නෑ..අපේ ඉන්නේ කටින් දේශප්‍රේමියෝ විතරයි. (අ)
මේවා හොඳ ආදර්ශ අපේ රට කන දේශපාලුවන්ට. ඇත්තටම අපේ රටේ ජරා දේශපාලන නියෝජිතයින්ට මේවා පේන්නේ නැත්තේ එච්චරටම ආත්මාර්ථකාමී මිනිස්සු. මිනිස් කම බල්ලටම ගිය ලංකාව. අහෝ ලංකාව මුදලට බලයට අම්ම තාත්තා බිරිඳ පාවා දෙන දේශ පාලුවන්ට යහපතක් නොවේවා! (නදී)
මහා ලෝක බලවතාගේ ආසන්නයේම සිට අවුරුදු 55 ක් ම සම්බාදක මැද කියුබාව ආරක්ෂා කරගනිමම ඇති ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වටහා ගන්නට.(හේ)
අපි පින් කරලා මදි මේ වගේ නායකයෝ ලබන්නට.(ම)
දුප්පත්කම,නුගත්කම ,දුරාචාරය හා අපරාධවලින් පිරුණු රටක් ලෝකයේ හොඳම අද්යාපනය හොඳම සෞඛ්‍ය සම්පන්න ජාතියක් බවට පත් කරන්න නොසලෙන අධිෂඨානයෙන් ජනතාව වෙනුවෙන් සටන් කළ අභීත රාජ්‍ය නායකයා.සොඳුරු විප්ලවාදියා. ලොකු කුඩා සැම කිව්බානුවෙකුගේම ආදරණිය නිරහංකාර සොඳුරු ආඥාධායකයා..ආදරණිය පිදෙල්...ඔව් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ලෝකයේ වැඩිදෙනෙක් විප්ලවවාදීන් ගේ ආදරණිය සහෝදරයා පිදෙල් කස්ත්‍රෝ....(බ)
සැබෑ මිනිසුන් දෙදෙනෙකු ගැන වූ වැදගත් පුවතක්.(ම)