ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 577කි. එහි කැබිනට් ඇමති තනතුරු 20 කි. ඒ අනුව මුදල් හා ආර්ථීක කටයුතු ඇමති තනතුරට සමාන්තරව අයවැය ඇමති තනතුරක්ද ඇත්තේය. රාජ්‍යයේ අයවැය සම්බන්ධ සම්පූර්ණ බලය ඔහුට අයත් වේ.
මුදල් ඇමතිට සමාන්තර එම විෂයේ අනෙක් බලධාරියා ඔහු ප්‍රංශ නව සමාජවාදි ජන රජයේ එම අයවැය ඇමති ධුරය දැරුවේ ජේරොම් කැඋෂැක් මහතාය. එම තනතුරට පෙර ශල්‍ය වෛද්‍යවරයකුට අමතරව හා වෛද්‍ය උපකරණ නිපැයුම් ආයතනයක උපදේශයෙකු ලෙස බොහෝ කලක් සේවය කර ඇත්තේය.
සමාජවාදි පක්ෂයේ සමාඡික ලෝට් ගැරොන් ආසනයේ එම පක්ෂයේ මන්ත්‍රී ධුරය හිමි ඔහු වර්තමාන ප්‍රංශ ජනාධිපති ප්රංශුවා ඔලොන්ද්ගේ ඉතාමත් කිට්ටුවන්ත මිතුරෙකි. ඔහු පාර්ලිමේන්තුව නොමග යැවීය , මහජන විශ්වාසය කඩ කිරීම වංචාව හා බොරු කීම ආදි කරුණු රාශියක් හේතු කොට පසුගිය ඔහුට ඇමති පදවියෙන් ඉල්ලා අස්වීමටද සිදුවුයේය. එය ප්‍රංශ දේශපාලනයේ විශාල ආන්දෝලනයක්ද ඇති කළේය.
එසේ වුයේ ඇයි ?
පසුගිය දෙසැම්බර් මස මීඩියා ෆාට් නම් ප්‍රංශ වෙබ් අඩවිය රහසක් හෙළි කළේය. ඔහුගේ වත්කම් හෙළි කිරීමේ ප්‍රකාශයේ සදහන් නොමැති විදේශ බැංකු ගිණුම් ඇති බව ප්‍රථමයෙන් හෙළි කළේය. මෙම වෙබ් අඩවියේ ප්‍රධානියා වන්නේ ප්‍රංශයේ මුද්‍රිත ලෝක ප්‍රසිද්ධ ලෙමොන්ඩ් පුවත් පතේ හිටපු ප්‍රධාන කතෘ එඩ්වි ෆැලැනෙල් නම් ප්‍රංශයේ සුප්‍රසිද්ධ මාධ්‍යවේදියාය. මෙම හෙළිකිරීම ප්‍රංශ දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්රය තුල සුළි සුළගක් මෙන් හමා ගියේය.
එබැවින් විවිධ හමුවීම් වලදී ඉහත ඔහුට එල්ලවී ඇති චෝදනාව ගැන බොහෝ ප්‍රංශ මාධ්‍ය ඔහුගෙන් ප්‍රශ්න කළේය. ඒ සෑම අවස්ථාවකම විදේශ ගිණුම් තමන්ට නොමැති බවත් එසේ ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙස මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ඔහු අභියෝග කළේය.
ඊට පසුදින ස්විට්සර්ලන්තයේ යු එස් බි බැංකුවේ අවුරුදු 20 ක් පමණ කාලයක සිට ගිණුම පවත්වාගෙන යන බවත් එම ගිනුමේ යුරෝ ලක්ෂ හයක් ඇති බවත් එම මුදල් සමහර අවස්ථාවලදී සිංගප්පුරූවේ මුදල් ආයතන හා හුවමාරුවී ඇති බවද සාධක සහිතව හෙළිකළේය.
ඔහු එක් දිනක යම් ස්ථානයක කළ දෙබසක මීඩයා ෆාට් වෙබ් අඩවිය හඬ පටයක් කරළියට ගෙන ආවේය. එම හඬ පටය අනුව ස්විස් බැංකුවක ඔහුට ගිණුමක් ඇති බව ඔහුම කියන්නේය. හඬ පටය මාධ්‍යයයේ හා දේශපාලන කරලියේ රඟන විට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ප්‍රංශයේ දක්ෂිනාංශික විපක්ෂය මේ ගැන පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කළ හෙයින් ප්‍රංශ පාර්ලිමේන්තු සභා ගර්භය ඉදිරිපිට ඒ සදහා ඔහුට අනිවාර්යයෙන්ම පිළිතුරු දීමට සිදුවුයේය.
තමන්ට එවැනි විදේශ ගිණුම් නොමැති බව සනාථ කරමින් ඔහුට ඇති චෝදනාව ප්‍රතික්ෂේප කර ප්‍රංශ පාර්ලිමේන්තුවේ සියලූ දෙනා ඉදිරියේ ප්‍රකාශයක් කළේය. ඒ සමග ඔහු ඊට පසුදින වූ දෙසැම්බර් 06 වැනිදා බොරු ප්‍රචාරය කරමින් තම කීර්ති නාමයට අපහාස සිදුකළැයි කියමින් සිය නීතිඥයන් මගින් මිඩියා ෆාට් වෙබ් අඩවියට විරුද්ධව අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළේය.
නීතිඥ ජෝන් වෙයි ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. ජෝන් වෙයි යනු ප්‍රංශයේ සුප්‍රසිද්ධ දක්ෂ නීතිඥවරු පස්දෙනා ගෙන් කෙනෙකි. ඒ සමගම ඔහුට එවැනි ගිණුමක් නොමැති බවට සහතික කරන ලෙස ස්විට්සර්ලන්තයේ යූ එස් බි බැංකුවෙන් ඉල්ලා සිටියද;දෙසැම්බර් 19 වැනිදා බැංකුව විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ මන්ත්‍රී ආසනයේ විරුද්ධ පාක්ෂික මිචෙල් ගොනෙල්. ඔහුගේ දකුණු පිලේ දේශපාලන මිතුරෙකි. ඉහත සදහන් හඩ පටිය පටිගත කළේ ඔහු බව දෙසැම්බර් 21 වැනිදා මිචෙල් ගොනෙල් මාධ්‍ය ඉදිරියේ පැවසීය.
එසැණින් මාධ්‍ය සුළි සුළගක් ප්‍රංශය හරහා හමා ගියේය. ජනවාරි මස 08 වැනිදා මේ අනුව ප්‍රංශ පොලීසියේ විශේෂ පරීක්ෂණ අංශයකින් මේ ගැන සොයා බැලීමට තීන්දු කළේය. පරීක්ෂණ නිගමනය අනුව මාර්තු 19 වැනිදා හඩපටයේ ඇති හඩ ඇමතිගේ බව පරීක්ෂණ වාර්තා පැහැදිලි තීන්දුවක් දුන් හෙයින් බදු වංචා කිරීම ප්‍රධාන කොට ඒ සමග බද්ධ වූ වංචාව , බොරුව ,විශ්වාසය කඩ කිරීම යන අනු මාතෘකා එකතුවක චෝදනා පත්‍රයක් ඔහුට විරුද්ධව අධිකරණ පරීක්ෂණයක් ඇරඹීමට තීරණය වුයේය.මේ වන විට ප්‍රංශ මාධ්‍යයේ තොරතෝන්චියක් නොමැතිව ඉහත සිදුවීම ප්‍රචාරය වීමත් ප්‍රංශ ජනතාව දැනුවත් වීමත් දැඩි විවේචන එල්ල වීමත් ඇමති තුමාට දැඩි පීඩනයක් ඇතිවූ බව ඒ දිනවල දැක ගැනීමට ලැබුණේය. මෙම සියලූ කරුණු හේතු කොට මාර්තු මස 19 වැනිදා සවස ඇමති තනතුරෙන් ඉල්ලා අස්වී නිහඩව පාර්ලිමේන්තුවෙන් පිට වූයේය. එනමුදු අප්‍රේල් 02 වැනිදා එම පරීක්ෂණ කටයුතු අධිකරණ විනිස්චයකාරවරුන් ඉදිරියේ ඔහුට විදේශ ගිණුම් ඇති බව පිළිගත් අතර මුලින් බොරු කිව් බවද පිළිගත්තේය. ඒ අතර පාර්ලිමේන්තුවේ සියලූ දෙනාගෙන් සමාවද අයැද සිටියේය. මෙම පරිසරය ප්‍රංශයේ වර්තමාන පාලක පක්ෂයට එතරම් සුබදායක නොවුනු අතර දැඩි විවේචන රැල්ලකට ආණ්ඩුව අසු වුයේය.
එබැවින් ඔහු කළ වරදට සමාවක් දිය නොහැකි බවත්; එවැනි දේ ඉදිරියට ඇති නොවීමට තමන් වග බලා ගන්නා බවත් පවසමින් මහජනතාව ඉදිරියේ රූපවාහිනිය මගින් ප්‍රකාශයක් කිරීමට ජනාධිපති ප්රංශුවා ඔලොන්ද්ට සිදු වුයේය. එම සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කරමින් මුළු ආණ්ඩු පක්ෂයම අපහසුතාවට පත්කළ බවත් ඔහු කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් බව පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් කියැවිණි. ඔහුගේ විදේශ වත්කම් ගැන පරීක්ෂණ පවත්වන අතර ඉදිරියේදි ඔහුට දැඩි දඩුවම් විඳීමට සිදුවන බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි. ඔහුට මෙම ඉරණම අත්වීමට හේතු වුයේ කුමක්ද?
ප්‍රංශ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දේශපාලනයට අවතීර්න වන සියලූ දෙනා තමන්ගේ වත්කම් බැරකම් ඇතුලත් සත්‍ය තොරතුරු අදාල අංශ වලට ලබා දිය යුතුය. ඒ අනුව ඉහත ඇමති තමාගේ වත්කම් හෙළිකළේය. එම නිසා ඔහුට දේශපාලන භූමියට අවතීර්ණ වීමටත් ඇමති තනතුරක් දැරීමටත් අවශ්‍යය පසුබිම සකස් වුයේය.එනමුදු ඔහු විසින් ඉදිරිපත් කර තිබූ වත්කම් ලැයිස්තුවේ ඉහත සදහන් විදේශ ගිණුම් ගැන කිසිම සදහනක් නොමැතිවා පමණක් නොව එම ස්ථානය හිස් තැනක් ලෙස තබා තිබීම ඔහු වංචා කල වරදකරුවෙක් බවට පත් කළේය. යම් හෙයකින් ඔහුගේ විදේශ ගිනුම් හෙළිකර තිබුනේ නම් ප්‍රංශයේ දේශපාලන කටයුතු වල නියැලීමට ඉඩක් ඇත්තේම නැත. දේශපාලනයට ඇති කෑදර කමට ඔහු වංචා කළේය. අද එයට දඩුවම් විඳීමට ඔහුට සිදුවී ඇත්තේය.
අද ප්‍රංශ දේශපාලනයේ නියුතු සියලූ දෙනාගේම වත්කම් විස්තර දැන ගැනීමට සාමාන්‍ය ප්‍රංශ ජනතාවට හැකියාව ලැබී ඇත්තේය. මෙම පෙරළිය නිරිමට ප්‍රංශය මාධ්‍ය සමත් විය. මෙවැනි ඛෙහෝ වංචා හෙළිකර ප්‍රංශ දේශපාලකයෝ ගෙදර යැවු අවස්ථා නිතර දැකීමට ලැඛෙන්නේය. ප්‍රංශ මාධ්‍ය එතරම්ම ප්රබලය. තම බිරිද ඉදිරිපිට කෙසේ වෙතත් මාධ්‍ය ඉදිරිපිට කීකරු වීමට සිදුවී ඇති බව පසුගිය දිනක ප්‍රංශ ඇමැති වරයෙකු කිව් කථාව සත්‍යයක් බව එයින් ඇග වෙන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ජනමාධ්‍යත් ප්‍රභලයි. හැබැයි 99.99% ඉන්නේ බලයේ ඉන්න අයට කඩේ යන අයයි. ලංකාදීපය ඒ අතින් තවමත් නිවැරදි පාරේ යනවා. ඒ ගැන සන්තෝෂයි (නි)
රීටාට, මීඩියා ෆාර්ට් නොවේ මේකට කියන්නේ මීඩියා පාර්ට් . මෙය සත්‍ය සිදුවීමක්. පළමුව මම සුනිල් ආනන්ද මහතාට ස්තුතිවන්ත වෙනවා, ලංකාවේ අයව මේ වගේ සිද්ධීන් ගැන දැනුවත් කරනවට (නි)
නිකොලා සාකෝසි ජනපතිව සිටිද්දී ඔහුගේ අලුත් බිරිද මෝස්තර නිරුපිකාවක් විදියට සිටි කාලයේ ගත් නිරුවත් ඡායාරුපයකුත් පල වී තිබුනේ.(නදී)
ප්‍රංශයේ හිටපු ජනාදිපති නිකොලස් සර්කෝසි කරපු හොරකම් එළිවෙන්නේ දැන්. ඔහු කර තිබෙන වංචා සහ මිතුරන් වෙනුවෙන් කරපු දේවල් දැන් උසාවි වල නඩු මාර්ග මගින් එළිවෙනවා. ලෝකයේ කොහෙත් එකයි. වංචාව ආසියාව අප්‍රිකාව වගේම දියුණු බටහිර රටවලටද පොදුයි. නමුත් ලංකාවේ වගේ මඩ ව්‍යාපාර බොහෝ අඩුයි.(නදී)
ප්රංස ජනාධිපති හොලන්දේ මහත්තයා තීරු බදු රහිත වාහන බලපත්, ලැප් ටොප් පරිගණක තේ පැන් සංග්‍රහ එහෙම තියන්නේ නැහැල්ලුද?(නදී)
අපේ රට පාලනය කරන ඇමෙතිලගෙන් 80% විතර උසස් පෙළවත් සමත් නැහැ , 50% විතර තමයි සාමාන්‍ය පෙළ සමත් , ඉතින් කොහොමද රට දියුනුකරන්නේ ? ප්‍රංශයේ අමෙති කෙනෙක් පාර්ලිමේන්තුවේදී බොරු කිවුවොත් අහන ඉන්න අය මේ ගන්න සොයා බල ප්‍රශ්න ඇතිකරනවා. අපේ රටේ ඇමතිලා නිලධාරීන් විසින් ලියල දෙන දේවල් කියවන්න විතරයි දන්නේ. අහන් ඉන්න මිනිස්සු අත්පුඩි පාරක් ගහල නිකන් ඉන්නවා. විපක්ෂයෙන් ප්‍රශ්න මතුකලොත් අල්ලාගෙන ගහනවා.(නදී)
දැන් මේකට කියයිද දන්නෙ නැහැ ලංකාදීප පුවත්පත රජයට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා කියලා.(නදී)
මෙවැනි පුවත් පලකරන අපේ රටේ ලංකාදීප පුවත්පතට අපේ ප්‍රණාමය. දේශපාලනයට කඩේ නොයන ලංකාදීප පුවත්පතට ජය වේවා.(ස)
මුරුගන්,ඔයාගේ නැට්ට පෑගිලා.මමත් දන්නවා ලංකාවේ ගොඩක්ම දේසපාලකයො හොරු.ඔයාල වගේ මෝඩයෝ පත්කරපු අය.උන් රට උකස් කරලා කනවා අපි පිට රට රස්සාවල් කරලා උකස් බේරනවා.උන් ඔක්කොම අපිට නයයි.කවද හරි ඕව ගෙවන්නත් වෙයි අපට.මහපොළොව සිඳිලා වියලිලා යාම පුදුමයක් නෙමෙයි සතර අපායට වැටිච්ච සත්වයෙකුට ඒකෙන් ගොඩ එන්න ලැබුනොත් අන්න ඒකයි පුදුමේ.(ස)
මාධ්‍යවේදීන්ගේ නිදහස කොහොමද, ආරක්ෂාව කොහොමද, පමණක් නෙවේ පාලකයන්ට කඩේ නොයන මාධ්‍යවෙදින් නොවේද එහෙ ඉන්නේ.(නදී)
මාධ්‍යවේදියාට අති විශාල බලයක් තිබෙන රටක්. රැකවරණ පතා මෙහෙ එන මාධ්‍යවේදීන්ට සියලු ආරක්ෂාව ,රැකවරණය දෙන්නත් මේ රජය බැදී ඉන්නවා. ඔවුන් ගැන කිසිදු තොරතුරක් කිසිම රටකට දැනගන්න ඉඩකුත් නැහැ. (නි)
මෙම පනත සම්මතවෙලා තිබුණා නම් අපට එක ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක්වත් නොමැති වන්න ඉඩ තිබුනා (නි)
නියමයි ප්‍රංසයේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්න නැ.(ස)
මීඩියා ෆාර්ට් කිවේ ප්රංස බසින් වෙන තේරුමක් ඊට තිබේද එහෙමත් නැතිනම් ඉංග්‍රීසි තේරුමම එහි ගැබ්ව ඇත්තේද? එහෙම ඇහුවේ ඉංග්‍රීසි තේරුම නම් "මාධ්‍ය පඩය" යන්නයි.(නදී)
අපේ ඊනියා බටහිර විරෝධී රැල කෝ? (නි)
මේ තරම් මේ ගැන ප්රංස මාධ්‍යයෙන් කතා කරන්නේ මේ වගේ දේවල් දුර්ලබ දේවල් නිසා. අපේ නම් පැයෙන් පැයට බ්‍රේකින් නිවුස් වලින් මේවා වාර්තා කරනවා. ඒත් දඩුවම් කෙසේ වෙතත් හිටියට වැඩිය හොදට ඉන්නවා. හැබැයි මෙහෙ ඉන්න තරමක් ඉන්නේ බටහිර විරෝදියෝ. (නි)
දැක්කද සදරුවන් ලෝකේ අනික් රටවල්. මට පුදුමේ ඔයාට හොද දේ හොදයි කියන්න වචන එන්නේ නැති එක ගැන.කොහෙද ගම. (නි)
කොහොමද එහෙ නිතිය? අපේ රට ගැන පුරාජේරු ගහන අයගේ කටේ පිට්ටු හිරවෙනවා වගේ දැනෙනවා ඇති නේද? (නි)