බ්‍රිතාන්‍ය ඔත්තු සෙවයේ නියුතුව සිටියදී 2006 වසරේ ලන්ඩනයේදී ඝාතනයට ලක් වූ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝගේ ඝාතනය රුසියානු ජනපති ව්ලැඩිමියර් පුටින්ගේ අනුදැනුම මත සිදුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වීයැයි බ්‍රිතාන්‍ය ස්වදේශී කටයුතු ලේකම්වරිය පවසා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලන්ඩනයේ හෝටලයක් තුලදී රුසියා ඔත්තු සේවයේ නිලධාරීන් විසින් විෂ විකිරණ ශරීර ගත කොට ඔහු ඝාතනය කොට තිබෙන බවත්, එම ඝාතනය රුසියානු එෆ්බීසී ඔත්තු සේවයේ සහ රුසියානු ඔත්තු සේවයේ මෙන්ම රුසියා ජනපතිගෙත් අනුමැතිය අනුව සිදූව තිබෙන බවත් ඇය චෝදනා කරන්නීය.
රුසියතා ඔත්තු සේවයේ ඕනෑකම අනුව ඇලෙක්සැන්ඩර්ට වස දුන් දෙදෙනා කේජීබී ඔත්තු සේවයේ අන්ද්‍රෙයි ලුගෝවොයි හා රුසියා හමුදාවේ හිටපු දිමිත්‍රි කෞටන් බව සොයාගෙන ඇත.
ඔත්තුකරු මරා දැමීමට එෆ්එස්ඩී ඔත්තු සේවයේ නායක නිකොලායි පැට්රෙෂ්ව් හා ජනාධිපති පුටින් අනුමැතිය දුන් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රාජ්‍යයේ පැවැත්ම සදහා පාලකයින් විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. එය බටහිරද පෙරදිගද රුසියාවද යන්න සැලකෙන්නේ නැහැ . අතීතයේත් එහෙමයි. අදත් එහෙමයි. අනාගතයේත් එහෙමයි. රටකට ජාතියකට නැති අයට එය තේරුම් ගන්න අපහසුයි (බ)
රුසියාව කියන්නෙ බටහිර රටවල් වගේ පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින ජාතිකයො ඉන්න රටක් නොවෙයි. කෙළින් කතාකරන කෙළින් වැඩකරන ජාතියක්. තම රට වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්න එඩිතර වෙන නායකයෙක් පුටින් කියන්නෙ. ඒ කර තිබෙන දේ ඔප්පු වුණත් ඒ දේ තමයි වෙන්න ඕනෑ. (නි)
සත්‍යය ප්‍රබන්ධයට වඩා බිහිසුණුය (බ)
සමහරවිට මෙම සිද්ධිය සත්‍ය වන්නට ඕනේ , රාජ්‍ය රහස් රැක ගැනිමට සෙවීමට , එංගලන්තයේ සිටි ඩයනා ආර්යාව මිය ගියේද එන්ගන්ලන්තයේ රහස් ඔත්තු සේවාව මගින් කල දෙයකින් කියා බොහෝ දෙනෙකු පවසනවා , සේම රටකම මෙවෙනි දේවල් තිබෙනවා , රුසියාවේ පමණක් නොව ලෝකයේ සියලු රටවලම. (ර)
රහස් ඔත්තු සේවා වැඩිපුරම කරන්නේ නීත්‍යනුකුල දේවල් නෙවේ. මේවා රටක පැවැත්මට ගොඩක් බලපානවා. නමුත් රට වෙනුවෙන් මිසක "මට" වෙනුවෙන් උනොත් එක ලොකු වැරද්දක්. අපේ කතාවක් තියෙනවා සතුරා පරාජය කරන්න නම් සතුරා සටන ගෙනියන විදිහටම සටන් කරන්න කියල. පුටින් එක කලේ රට වෙනුවෙන්. ලන්ඩන් වලට රිදිලා තියෙන්නේ තමන්ට ඔත්තු දුන්න කෙනා නැති උන එකට. අනිත් එක පාවාදෙන්නන්ට අත්වෙන්නේ මේ ඉරණම හැම විටම. මැරුනේ තමන්ගේ රට රුසියාව පාවාදුන් කෙනෙක් බව අමතක කරන්න එපා. අපේ රටේ රහස් ඔත්තු සේවයට වෙමින් පවතින දේවල් ගැනත් හිතන්න. (ර)
ජයත්,මොහාන්, ඔයගොල්ලන්ගේ අදහස් සමඟ 100% මම එකඟයි. අපේ රටේ කියමනකුත් තියෙනවානේ "කාගේ කාගේ කිල්ලෝට වල හුණු ටිකක් හරි තියෙනවා" කියලා. ඒ වගේ තමයි. රුසියාව වගේම ලෝකයේ අනෙකුත් රටවලත් මේ අමානුෂික වධදී මැරීම සිදුකළා. අදත් සිදුකරනවා. හෙටත් සිදුනොවෙයි කියලා කියන්න බැහැනේ. ස්තුතියි. ආයෙත් දවසක හමුවෙමු. (නි)
ඔය වගේ මිනීමැරුම් රුසියාවටත් වඩා කර තිබෙන්නේ ඇමරිකාවේ සහ එංගලන්තයේ රහස් ඔත්තු සේවා විසින්. (නි)
නිලූක ලියල තියෙන්නේ එහෙම අනාවරණය වෙලා තියන බවට "බ්‍රිතාන්‍ය ස්වදේශී කටයුතු ලේකම්වරිය පවසා ඇතැයි" කියල. සමහරවිට එක ඇත්ත වෙන්නත් පුළුවන්. තමන්ගේ රටේ රහස් දන්නා අය ඝාතනය කිරීම හැම රටක්ම කරන්නේ. (අ)
නාමල්ට බටහිර නැගෙනහිර ටිකක් පැටලිලා වගේ. මධ්‍යස්තව ලෝකය දිහා බැලුවනම් ඇත්ත තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ළිදේ ඉන්න ගෙම්බා වගේ තමන්ගේ අත්දැකීම් විතරයි හරි කියල හිතෙනවා. (අ)
මට මේ ගැන හොඳට මතකයි...ප්ලෝනියම් 210 විකිරණශීලි සමස්ථානිකය අඩංගු ලවනයක් ශරීර ගතකිරීමෙන් මේ ඔත්තුකරුවාව ඝාතනය කලේ.එදත් සැක කලේ, අද සැකකරන අයවමයි. මේ පොලෝනියම් 210 සමස්ථානිකය ශරීරයට එන්නත්කල පසු මුළු සිරුරේම නොනවතින දැවිල්ලක් හට ගන්නවා. මේ ජරා විධිහට වධදී මරා දැමීමේ ක්‍රමය, මෑතකදී කොටස් වලට නැවතත් බෙදී වෙන්ව යන්නටත් කලින් සිටම, රුසියාව කාලයක් තිස්සේ කරගෙන ගෙන ගිය බවට ඇතිතරම් සාක්ෂි තිබෙනවා. (අ)
මේක ලියපු නිලුක සදුන් බණ්ඩාර මහත්තය ආයිත් සැරයක් ඔය එංගලන්තයේ උසාවි වාර්තාව හොඳට බැලුවොත් හොඳයි. එකේ තියෙන්නේ ප්රෝබබ්ලි කියලා. ඒ කියන්නනේ සාක්කි සහිතව ඔප්පු වෙච්චි දෙයක් නෙමෙයි. බටහිර රටවල් හැමදම රුසියාවට විරුද්දයි. එකයි ඇත්ත. එංගලන්තේ යුද්ද කලේ අපිට කරපු දේවල් දැන් ගොඩක් අයට මතක නැහැ. අර බාලසිංහම් කාරයාව තියාගෙන අපිට කරපු දේවල් උන්ට දැන් මතක නැහැ. (අ)
විජිත් ඔයාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් අපි අගය කරනවා නමුත් තමන් අකමැති අයව (ඔත්තුකරුවන් වේවා හෝ නොවේවා ) මරල දැම්මේ රුසියාව විතරක්ම නොවේ අනික් ඔය ප්‍රජාතන්තවාදය තියනවා කියන හැම රටකම ඔය වගේ දේවල් වෙලා තියනවා ඩයනා ගෙ මරණය එක උදාහරණයක් විතරයි ඒක ගැනත් විවිද කතා තියනවා නේ අපේ රටෙත් සිද්ද වුණ සමහර අබිරහස් ඝාතන ගැන ඇත්ත එළිවෙලා නැහැ නේද ? ඕක තමයි ලෝකේ හැටි (අ)
දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
ඔව් විජිත්, රුසියාව විතරක් නෙමෙයි, ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලුත් මේ විදිහටම ඔත්තුකරුවන් මරාදාලා තිබෙනවා. (නි)
බලනකොට ඒ රටවලත් හීන් නූලෙන් ගහන ගේම් තිබෙනවා (නි)
පුට්න් සීතල යුද්ධය කාලයේත් ඉන් පසුවත් රුසියානු රජයේ මතයට එරෙහි වුණ මිනිසුන්ව ප්‍රසිද්ධියේ හා අප්රසිද්ධියේ ඝාතනය කළා. ඔන්න ලංකාවේ සමහරු ඔලුව උඩ තියාගෙන ඉන්න රුසියානු ප්රජාතන්ත්රවාදයේ රඟ. රුසියාවට වඩා බටහිර සිය ගුණයකින් හොඳයි (නි)
මිනිස්සු තමන්ගේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. පුටින් මහතා එයට අනුමැතිය දී ඇත්තේ තමාගේ රට වෙනුවෙන්. (නි)
කොමියුනිස්ට් ක්‍රමය ගැන දන්නා අයට මේවා අරුම නොවෙයි. (නි)