පිළිකා සෛල වර්ධනය සීමා කිරීමේ හැකියාව කහ කුඩු වලට ඇතැයි ඇමරිකාවේ ලූයිස්විල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
පිළිකා සෛල ආසාදනයව සිටි මීයන් ඔවුන් තම පර්යේෂණයන් සදහා භාවිතා කර තිබේ.
කහ කුඩු විවිධ මාත්‍රා වලින් එම සතුනට ලබා දී ඇත.ඔවුන් මාස 4 ක් පුරා ඔවුන්ගේ සිරුරු වල පිළිකා සෛල වර්ධනය කෙසේ වන්නේදැයි නිරීක්ෂණය කර ඇත.
කහ කුඩු ලබාදීමත් සමග පිළිකා සෛල වල වර්ධනය සීමා වූ බව නිරීක්ෂණය කිරීමට හැකිවූයේ යැයි පර්යේෂක පිරිස පවසති.
ඔවුන් පවසන ආකාරයට කහ කුඩු පිළිකා සෛල වර්ධය පාලනය කරන රහස ඇත්තේ වෙනතැනකය.පිළිකා සෛල වර්ධනයට හේතු වන හෝමෝන නිපදවීම කහ කුඩු වලින් සීමා කරනු ලැබීම නිසා මෙසේ පිළිකා සෛල වර්ධනය සීමා වන්නේයැයි ඔවහු කියති.
කහ කුඩු වල පිළිකා සෛල නැසීමේ ගුණයක් ඇතැයි බොහෝ පර්යේෂණයන් වලින් හෙළිවී ඇති කරුණකි.එසේ වන්නේ යැයි කියා කහ කුඩු බදුන් පුරා අනුභව කිරීම හෝ ආහාර වලට ඉහළින්ම යොදා අනුභව කිරීම හෝ ඵලදායී නොවන බව පර්යේෂකයෝ කියති.කහ කුඩු ආහාර ජීර්ණ කි‍්‍රයාවලියේදී ඉක්මනින්ම බිද වැටෙන බැවින් සිරුරට අවශෝෂණය වන්නේ සුළු ප්‍රමාණයකින් වීම මීට හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති.
මෙනිසා මෙම පර්යේෂක පිරිස රුධිර නාල වලට සෘජුව ඇතුළු කළ හැකි කැප්සියුලයන්ට කහ කුඩු වල අන්තර්ගත රසායනයන් යොදා ගෙන භාවිතයට ගෙන තිබේ.මෙමගින් අදාළ සංයෝගයන් ක්ෂණිකයෙන් රුධිරයට අවශෝෂණය වන අතර තම පර්යේෂණයේ සාර්ථකත්වයට හේතුව වූයේත් එයම යැයි ඔවුහු පවසති.
මිනිසුන්ට මෙය කෙසේ බලපානු ඇත්දැයි සොයාබැලීම ඔවුන්ගේ මීළග අරමුණයි.විශේෂයෙන් පියයුරු පිළිකා වැනි තත්ත්වයන් පාලනය කිරීම සදහා කහ කුඩු භාවිතා කළ හැකිවනු ඇතැයි ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාදිමත් කාලෙක ඉදන් අපේ මුතුන් මිත්තෝ ඕවා කෑවේ තියෙන ගුණය නිසා තමා.(නදී)
පිළිකාව හැදුනම වෙදකම් කරනවාට වඩා පිළිකා අවදානමෙන් ගැලවීමට උත්සාහ කල යුතුයි. අපී ආහාරයට ගන්න කහ ප්‍රමාණය හොඳටම ඇති. කුඩා ප්‍රමාණයක් රුදිරයට අවශෝෂණය කර ගත්තත් එය එති තිබෙන අවදානමෙන් ගැලවෙන්න ඇති. අපේ පැරණි ආහාර රටාව බොහෝ ආරක්ෂිතයි. (නදී)
මෙම නෙව්ස් එක අපිට අලුත්දෙයක් නෙවෙඉ.ලංකාවේ ඉන්න ඉසිවර වෙදදුරන් මෙම ඖෂද අනාදිමත් කාලයක සිට භාවිත කරනවා.බලන්ගොඩ ඉන්න පිලික සුවකරන වෙද හාමිනේ කෙනෙක් බොහොම කලක සිට කහත්,පොලොස්ගටත්,පොල්කිරිත් භාවිත කරනවා.එම වෙදැදුරු තුමියට ධීර්ග ආයුෂ පතන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා. පිටරටින් කප්සුලයක ආවොත් අපෙමිනිසුන්ට හරි ලොකුඉ.අපගේ ඉපැරණි ඖෂධ ගුණ තිබෙන ආහාර ගන්න පුරුදුවෙන්න.නැවතත් අපිට අපගේ දේවල් ගැන හිතන්න කාලය ඇවිත් තිබෙන්නේ.ඔබසැමට නිරූගි සුව පතමි. (දී)
ඕක අපි දැනගෙන ගොඩාක් කල්, දේශීය ආයුර්වේදයේ ඕක තියෙනවා (දී)
ලංකාවේ කහ කුඩු වලට හොද කාලයක් එන්නයි යන්නේ (දී)
කහ පාවිච්චි කරලා එක පිලිකා වර්ගයකට බෙහෙතක් හදල කියල ගොඩක් කාලෙකට ඉස්සර ආරංචි වුනා. කහ කුඩුවල ගොඩක් බලවත් විෂ බීජ නාශක හැකියාවක් තියන බව බටහිර අය දැන් දන්නවා. අනික ලෝකයේ විවිද රටවල විවිද රෝග පැතිරෙන ආකාරය නිරීක්ෂණය කරලා ඒ රටවල කෑම බීම පරිසරය නිරීක්ෂණය කරලා තමයි මේ ගැන ඒගොල්ලෝ හොයාගන්නේ. ඊටපස්සේ බෙහෙත් හදල වැඩි මිලගණන් වලට විකුණන අතරම ලෙඩ නැති රටවල ලෙඩ ඇතිවන විදිහට පරිසරය වෙනස් කරන්නත් මේ අය උත්සහ කරනවා.(නදී)
කහ කුඩු කොච්චර හොඳ උනත් කෑමට ගන්න කලින් ඒවා පිරිසිදු කහ කුඩුමද කියල සැක හැර දැනගන්න ඕන.අද වෙලඳපොලේ තියෙන කහකුඩුවලට කූඨ වෙලෙන්දො සිවුරු පඬු පොවන්න ගන්නා සායම් වර්ග පවා කලවම් කරන බව මෑතකදී සොයාගෙන තිබුන.එහෙම දෙයක් ආහාරයට ගත්තොත් මලාට පස්සෙත් පිලිකා හැදෙන්න බැරි නැහැ... (දී)
කහ කුඩු බඩට ගියහම ඇඟට උරා ගන්න ප්‍රමාණය ඉතා අල්ප බව අපේ පැරණි අය දන්නා හින්ද තමයි අමු කහ අඹරල ඇඟේ ගාන්න අපේ අය පුරදු වෙලා හිටියේ. ඕව අපිට අලුත් ආරංචි නොවෙයි. (දී)
කලින් මට අමතක උන දෙයක් මේක . ඔය හදන්නේ අපේ අමුකහ උන් තුට්ටුවට දෙකට අරගෙන කැප්සුල් කරලා අපිටම විකුනන්න ! ඔය පිටරට කපටි ප්රචාරයන්ට අහු වෙන්න එපා. වතාවක් ඇමෙරිකාවේ රටකජු වගාවෙන් මහා අතිරික්තයක් වෙලා තියෙන කොට රටකජුවල කොලොස්ටෝරෝල් නැතිය ,රටකජු හර්දයාබාද වලට හානි වෙන්නේ නැතිය කියල ලෝකේ ලොකුම පුවත් පතක මුල් පිටුවේ පල වෙලා තිබුන. මේ අයට ගිය ලෝකෙක මලේ අපිට ජීවත්වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. "අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් " (දී)
හොද තත්වයේ ඇති කහකුඩු මිරිස් තුනපහ ගන්න වාසනාව තියෙනවා නම් ඇත්තටම නිරෝගි සම්පන්න ජීවිතයක් ලගා කර ගැනීම සුළු දෙයකි.(නදී)
ලංකාවේ කහකුඩුවල බොහෝවිට තියෙන්නේ , පාන්කුඩු සමග කලවම්කල ඩයි වර්ගයකි.(නදී)
කහ වවන්න ක්‍රම හදලා හැම ගෙදරකම අපේ රටේ පැරණි කහ වර්ග වවන්න පටන් ගන්න. විකුණන පැකට් වල තියෙන විස නිසායි පිළිකා හැදෙන්නේ.(නදී)
කහ කුඩු වෙනුවට අපේ රටේ ලොකු මහත් හොරු ගෙන්නන්නේ සුදු කුඩු ? (නදී)
මේ දාල තියෙන ප්‍රතිචාර දැක්කම හරිම සතුටු හිතුනා. අපේ කහ විතරක් නෙමෙයි තුනපහ කුඩුත් නොයෙක් රෝගාබාධ වලට ගුණයි. මට මාර්ටිනික් කියන රටේදී අවුරුදු 89ක කාන්තාවක් හමුවුනා. ඇයගේ ඇස් පෙනීම හොදටම දුර්වල වෙලා තිබුනලු. මොකුත් වැඩක් කරගන්න බැරි විදියට ඉතින් ඊට පස්සේ කවුද කිව්වා කියල මාසයක් විතර අමුකහ මිරිකලා බිව්වලු. දැන් හොදට ඇස් පේනවා පොලට ගිහින් බඩුත් විකුනනවා. එහෙ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ අමුකහ.(නදී)
මේ දාල තියෙන ප්‍රතිචාර දැක්කම හරිම සතුටු හිතුන. අපේ කහ විතරක් නෙමෙයි තුනපහ කුඩුත් නොයෙක් රෝගාබාධ වලට ගුණයි. මට මාර්ටිනික් කියන රටේදී අවුරුදු 89ක කාන්තාවක් හමුවුනා. ඇයගේ ඇස් පෙනීම හොදටම දුර්වල වෙලා තිබුනලු. මොකුත් වැඩක් කරගන්න බැරි විදියට ඉතින් ඊට පස්සේ කවුද කිව්වා කියල මාසයක් විතර අමුකහ මිරිකලා බිව්වලු..දැන් හොදට ඇස් පේනවා පොලට ගිහින් බඩුත් විකුනනවා. එහෙ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ අමුකහ.(නදී)