පාපැදි සොරුන්ට වෙනතක් බලා ගැනීමට සිදුවන තාලයේ ආසනයක් නැති අපූරු පාපැදියක් නිර්මානය කිරීමට චිලීයේ ඉන්ජිනේරු සිසුවෝ තිදෙනෙක් සමත්ව සිටිති.
මෙම පාපැදියේ ආසනය සවිව ඇති යකඩ බටය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම හෙළිය හැකි සේ නිර්මානය කර තිබෙන්නකි.එය වරෙක ආසනය සවි කිරීමට උපකාරී වන අතර අනෙක් වර පාපැදිය ආරක්ෂාකාරීව යතුරුලා යෑමට යොදාගත හැකිය.
එසේ පාපැදිය යතුරුලා යෑමට අවශ්‍ය මේ යකඩ බටයට අමතරව ගසක් හෝ ලාම්පු කණුවක්ද අවශ්‍ය වේ.පාපැදිය නතර කර එහි අසුන සවිකර ඇති යකඩ බටය පිටතට ගෙන එය ගස හෝ කණුව වටා යවා පාපැදියට සම්බන්ධ කිරීමෙන් පාපැදිය ගස කපා හෝ ලාම්පු කණුව බිම හෙළා හෝ මිස කිසිදුලෙසකින් ඉවතට රැගෙන යා නොහැකි සේ ‘‘යතුරු‘‘ ලිය හැකිය.
තම සගයෙකුගේ පාපැදියක් නුදුරු දිනෙකදී සොරාගැනීම නිසා මෙසේ අලූත් අදහසක් ක්‍රියාවට නංවා බැලීමට සිතූ බව සිසුන් තිදෙන කියයි.
ඔවුන්ගේ උත්සාහයට ගල් මුල් සම සමව ලැබී තිබෙන අතර පාපැදි සොරෙකුට යකඩ බටය කපා හෝ එයට පහර දී අගුලූ කඩා දමා හෝ පාපැදිය සොරකම් කරගෙන යා හැකියැයි බොහෝ දෙනෙක් පෙන්වාදී තිබේ.
නිර්මාපකයින් තිදෙන පවසන්නේ ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත වැඩිදියුණු කළ අගුලකින් හා එය ක්‍රියාත්මක වන අයුරු දැක්වෙන වීඩියෝවකින් සියලූ ගැටලූ වලට පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ කොච්චර සක්තිමත් අලි දම්වැල් දැම්මත් කඩලා හොරකම් කරන නිසා අයිතිකරු ලොක් දමා (සීට්) අසුන අරගෙන යනවා, අසුන පහසුවෙන් ගැලවීම/සවි කිරීම කල හැකිය. (ර)
මගේ ගරාජයේ මුල්ලක බයිසිකල් 5ක් තිබෙනවා.ඒවා එකතැන පල්වෙනවා පාවිච්චියක් නැතුව.මේ ළඟදී ගරාජය සුද්ධ කළාට පසුවයි මට සිතුනේ ගේට්ටුව අයිනෙන් තියන්නයි. කැමති කෙනෙකුට ගෙනියන්න. එවිට මට වෙනත් දෙයක් තබාගැනීමට ඉඩපහසුව ඇතිවෙනවා. (නි)
කවුද දන්නේ නැහැ රුපවතිගේ ගෙදර ඇවිත් මේවා දාලා යන්නේ (බ)
මොකක්ද මේකේ තියෙන විශේෂය. දැනටත් මේ බයිසිකල් වලට කේබල් එක ලොක් වර්ගයක් පාවිච්චි කරනවා. එකට මෙච්චර දඟලන්න ඕනේ නැහැ.(දිල්)