සංචාරක ව්‍යාපාරයත් අභ්‍යාවකාශයට ගෙනයෑමට උත්සාහ කරන සමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරය සඳහා නිර්මාණය කළ පළමු යානය පසුගියදා පරීක්ෂණ ගමනක යෙදෙමින් තිබියදී පුපුරා විනාශ විය.
මව් යානයෙන් ගුවනේ ඉහළට යෙන යනු ලැබුණු අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශය වෙත යෑමට නිදහස් කළ අවස්ථාවේදී පිපිරී ගියේය.යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වහා තම පැරෂූටය කි‍්‍රයාත්මක කරවා යානයෙන් ඉවතට පැන ජීවිතය ගලවාගත්තද ගත්තද අසුන් පටියකින් අසුනට සිරවී සිටි අනෙක් නියමුවාට එවන් වාසනාවක් නොවීය.
විනාශවූ යානයේ සුන්බුන් වැස්සක් මෙන් පොළවට ඇද හැලූණු බව සිද්ධිය දුටුවෝ කියති.
යානයේ විනාශයට හේතුව රොකට්ටුවේ වූ දෝෂයක් බවට සැකකෙරේ.
අභ්‍යාවකාශය ජයගැනීම සම්බන්ධයෙන් වර්ජින් ගැලැක්ටික් පාලනාධිකාරිය හා එහි ඉංජිනේරුවන් අතර මත ගැටුම් ඇතිවෙමින් තිබුණු බව ප්‍රසිද්ධ රහසකි.පාලනාධිකාරියට අභ්‍යාවකාශ සංචාරය ඉක්මනින්ම ආරම්භ කිරීමට අවැසි වූවත් ඉංජිනේරුවන්ගේ අදහස වී තිබුණේ අභ්‍යාවකාශ යානා නිර්මාණය සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදුකළ යුතුව ඇතැයි යන්නයි.
මේ මත ගැටුම නිසාම ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් සමාගමෙන් ඉල්ලා අස්ව ගොස් ඇතැයි සදහන්ය.
වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරයේ යෙදීමට කැමැති අයට මේ වන විට ටිකට්පත් විකුණාද අවසන් අතර ඒවා මිලයට ගෙන ඇත්තේ ලෝක ප්‍රකට සිනමා හා ගී තරුය.එක් ටිකට් පතක් ඩොලර් දෙලක්ෂ පණස්දහසක මුදලකට මිල කර තිබුණි.
මධ්‍යස්ථ මත දරන්නන් පවසන්නේ අභ්‍යාවකාශ සංචාරය යනු නව සංකල්පයක් හෙයින් ආරම්භයේදී මෙවැනි අනතුරු අපේක්ෂා කළ යුතුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වර්ජින් ගැලැක්ටික් සමාගම තවමත් ප්‍රකාශයක් හෝ නිකුත් කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගමන් යන අයට දෙවියන්ගෙම පිහිටයි (නදී)
ෂා අපරාදේ මගේ ටිකට් එකේ සල්ලි (නදී)
ගන්දබිබ තත්වයට පත් වෙන්න කැමති අය මෙම ගමනට සහභාගී වෙත්වා (නදී)
තවම අජටාකාශ තාක්ෂණය අතින් ඇමරිකාව සිටින්නේ රුසියාවට වඩා පසුපසින්. එහෙත් එය නොපෙන්වා, නොයෙකුත් දේවල් ඉක්මනින් කිරීමට යාමේදී සිදුවන දේවල් මේවා. (නි)
අභ්‍යවකාශ තරණය වෙනුවෙන් කරන අත්හදා බැලීම් යැයි කියමින් මිනිස් ජීවිත විනාශ කිරීමට රුකුල් දෙන ආයතන වලට විරුද්ධව නැඟී සිටීමට මානව හිමිකම් සංවිධාන යැයි කියා ගන්නන් ඉදිරිපත් නොවන්නේ ඇයි? (නි)
කවුද දන්නේ මේක ඉංජිනේරුවන් හිතාමතාම කළ වැඩක්ද කියලා (නි)
අපේ ඇමති මණ්ඩලේට මේ සංචාරයට අවස්ථාව ලබා දෙමු අපේ සල්ලිවලින් උනත් කමක් නෑ. (නදී)
සල්ලි කාරයන්ට මොනවා කරන්න බැරිද. (නදී)
යහම්පත්, ඔයා දන්නා දේවල්... (ර)
යහම්පත් ... ඇමරිකාවට තියෙන්නේ තවම අවුරුදු 400 ක විතර ඉතිහාසයක් ... ඒ රටේ මිනිස්සු හැමදේම ඉක්මනින් කරලා තමයි අද ඒ රටයි මේ ලෝකේ අනිත් සියලු රටවලුයි පොඩි කාලයක් ඇතුලත මෙච්චර ඉදිරියට ගෙනල්ල තියෙන්නේ .. දැන් බලන්නකෝ අපේ රටට අවුරුදු කී දාහක ඉතිහාසයක් තියෙනවද ? නමුත් මේ දවස් වල අපි මොනවද කරන්නේ ... බිම හාර හාර පරණ වලන් කටුයි , මැටි කාසියි හොයනවා ඇරෙන්න ..(අ)
කින් බෙනට් ,ඇමරිකාව තව වසර 50 කින් ලෝකයේ පරාජිත දේශයක් වන්නේය.නමුත් අප ශ්‍රී ලංකාව සියලුම දේවල් හැකි පමණින් රැකගෙන ඉදිරියටම යන්නේය (නි)
ඇමෙරිකාව ඒවා බලාගනීවි. කාගෙන්වත් ණය අරගෙන පුතාලා ලෝකේ වටේ යවන්න ඇමෙරිකාව හදන්නේ නැහැනේ! (නි)
විවේචනය, විවේචනය. ඔය කාටවත් පුලුවන්ද ඔය වෙච්ච් දේට විසඳුමක් දෙන්න ? අන්තිමේදී ඕක විසඳා ගන්නෙත් ඔය උත්සාහ වන්තයෝම තමයි. (නදී)
ප්‍රනාන්දු ... දෙෙවඥයෙක් වගේ පේන්නේ... දෛවඥයට මරු විකාර පේන්න පටන් අරන් වගේ... ඔයා ඔය කියන කතා වලට සිංහලෙන් කියන්නේ විහිළු කරනවා කියල ...ප්‍රනාන්දුත් අවුරුදු 50 කින් නෙමෙයි පුළුවන් වුනොත් තව අවුරුදු 5 ක් යද්දී ඇමරිකාවේ ඉඳි කියලයි මට හිතෙන්නේ ....මොන විසා වලින්ද කියන එක ලංකාවට මදිකමක් හින්ද මෙතන මම කියන්නේ නෑ...(අ)