ලෝකයේ වර්ණවත්ම ස්ථානය ඉන්දියාව බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන්දියානුවන්ගේ සම්ප්‍රදායික උත්සවයක් වූ හෝලි උත්සවයේ දී වර්ණ ශක්තිය ඔවුන් පෙන්වන බවත් ඉන්දියාවේ ගැහැනුන් හා මිනිසුන් විවිධ වර්ණ භාවිතා කරමින් විචිත්රත්වය ලොවට හඬගා කියන බවත් එම වෙබ් අඩවිය පවසයි.
ඉන්දියාවේ මිනිසුන් ජිවත්වන සියළුම පෙදෙස්, ඔවුන්ගේ ආගමික ස්ථාන, අධිරාජ්‍ය යුගයේ ගොඩනැගුණු යුරෝපීය ගොඩනැගිලි පවා වර්ණවත්ය. වර්ණවලට ආදරය කරන මේ අපූරු සංස්කෘතික ජනතාව ගැහැනුන් හා මිනිසුන් තම ඇඳුමෙන් පවා අපූරු වර්ණ සංකලනයක් ලෝකයාට පෙන්වන බව ඔවුන්ගේ මතයයි. තමන් කෑමට ගන්නා ආහාරයේ ද ඉන්දියානුවන් අපූරු වර්ණ සංකලනයක් භාවිතා කරන බව මේ වෙබ් අඩවියේ දක්වා තිබේ.
ගමන් බිමන් යන රථයේ පවා අපූරු වර්ණ යොදාගන්නා ඉන්දියානුවන් සිය සංස්කෘතික උරුමයක් ලෙස මේ වර්ණ බාවිතයට පුරුදුව සිටිතියි සමාජ විද්‍යාඥයෝ කියති.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර වර්ණවත් වුණත් අතේ දුරින් තියාගත්තේ නැතිනම් ඉවරයි (ම)
2016 වසර එක්සත් රාජධානියේ ඉන්දියානු සංස්කෘතික වසර විදිහට නම් කරලා තියෙන්නේ. (නි)
අලංකාර ඡායාරූප පෙළක් (නි)
එඩ්වඩ් පෙරේරා මහතාට සහ පිටබැද්දර ජයා මහතාට මගේ ප්‍රණාමය! මේ පින්තූර වලින් කියන්නේ වර්ණ සංකලනයක් ගැන මිස ලෝකයේ පිරිසිදුම රට ගැන නෙමෙයි. මොකද පම්පෝරි ගැහුවට ලංකාවේ තාම කුණු දාන්න කියලාවත් හරියට තැනක් තියෙනවද? කුණු කඳු ගහලා අගනුවර ආසන්නයේ (නි)
හොඳ ලිපියක් (නි)
අයියෝ! අනවශ්‍ය කතා නැතුව මේ ලස්සන බලමුද? ලෝකේ කොහෙත් හොඳ නරක, ලස්සන අවලස්සන, කළු සුදු, ගඳ සුවඳ තිබෙනවා. අපිට පුළුවන් නම් යහපත් දේවල් දිහා බලලා විඳින්න, ලෝකේ කොච්චර ලස්සන වෙයිද ? (නි)
ඉන්දියානු වැසියන්ගේ වර්ණ රසඥතාවය හා වර්තමාන දරිද්‍රතාවය විසින් බිහිකර ඇති අපිරිසිදුකම කියන්නෙ දෙකක්. විවිධ වර්ණ පිළිබඳ සංකල්ප දේවත්වය හා සබැඳුන කතා පදනම් කරගෙන බිහිවුණ අතර අද පවතින අපිරිසිදු බව පවතින සීමිත සම්පත් ප්‍රමාණයට ඔරොත්තු නොදෙන අන්දමට පුපුරා ගොස් ඇති ජනගහණ වර්ධනය විසින් ජනතාවට උරුමකර ඇති දෙයක්. (නි)
බුදු රජාණන් වහන්සේ පස්මහබැලුම් බලලා ඉන්දියාවේ ඉපදුනේ ඇයි දන්නේ නැහැ නේද ? (ස)
මිලානෝ නගරය කෙසේවෙතත් පිටිගල කියන ගමනම් ඉන්දියාවට එහා ,,,,,(රේ)
දැනුත් ඉන්දියානුවෝ රටට ඇතුළුවෙලා තමයි ඉන්නේ. (නි)
අපේ රටේ දියුණුවයි ඉන්දියාවේ දියුණුවයි සංසන්දනය කර බැලුවොත්, ඒක අහසයි පොළොවයි වගේ. අපිට ඉන්දියාවේ කර්මාන්ත සහ කාර්මික දියුණු තත්වයට කවදා එන්න පුළුවන්වෙයිද හිතාගන්නවත් බැහැ. අප හොඳින් සිහි තබාගත යුතුයි, අපේ රටෙත් පාසල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා හරියට කැසිකිළි සහ වැසිකිළි පහසුකම් නැති සහ එක වැසිකිළියක් හෝ නැති. අපට දියුණුව කරා යාමට ඉන්දියාවෙන් ගතයුතු ආදර්ශ සහ උගතයුතු පාඩම් බොහෝයි. අපි ඒවා උදාහරණයට ගෙන අපි අපේ රට සංවර්ධනය කරන්න දායක වෙමු. (නි)
ඉන්දියාවේ සැබෑ තත්වය නම් මේක නෙවෙයි. (ස)
ඉන්දියානුවන් ලංකාවේ රස්සා වලට එන්න පටන් අරන් බින්න බහින්න කසාද බඳින්න , පවුල් පිටින් එන්න ගත්තාම ලංකාවත් ටික දවසකින් එ් තත්වයට එවි. යහපාලලා ලස්සනට ඔය වැඩේ කරලා දේවී. ඉන්දියාවට ඕනෙත් ඔය මිනිසුන්ව කොහේ කොහේ ට හරි තල්ලු කරලා සල්ලි හම්බ කර ගන්න තමයි. (ස)
අදාල මාතෘකාවට අනුව වර්ණවත්ම රට ඉන්දියාව තමයී. දමිළ ජනයා පාටපාටින් අදින බව සැමගේ මතයයී.(ම)
ඉන්දියා වැසියන්ගේ වර්ණ රසාඥතාවය හා වර්තමාන දරිද්‍රතාවය විසින් බිහිකර ඇති අපිරිසිඳුකම කියන්නෙ දෙකක්. විවිධ වර්ණ පිළිබඳ සංකල්ප දේවත්වය හා සබැඳුන මිථ්‍යා කතා පදනම් කර ගෙන බිහිවුණ අතර අද පවතින අපිරිසිඳු බව පවතින සීමිත සම්පත් ප්‍රමාණයට ඔරොත්තු නොදෙන අන්දමට පුපුරා ගොස් ඇති ජනග්‍රහණ වර්ධනය විසින් ජනතාවට උරුම කර ඇති දෙයක්. (ම)
ඉතාමත් අපිරිසිදුයි. හෝටලයකට ගියාම හොඳ වැසිකිලියක් නැහැ. ජල පහසුකම්, හොඳ ආවරණයක් සහිත පිරිසිඳු වැසිකිලියක් යන්න සුඛෝපභෝගි දෙයක් යනුවෙන් තමයි සාමාන්‍ය මිනිසුන් බොහෝ දෙනා සිතන්නේ. පාරවල් අයිනේ කසල , මලපහ දිගටම තියනවා. මට එහිදී මගේ ඉන්දියන් රියැදුරා , මට අවවාද කරා, මම නොදැනුවත්ම අපේ රටේ වගේ යන්න හදන කොට,පාරේ තාර කොටසෙන් පිට ඇවිදින්න එපා කියල. මට ආදරේට නොවේ. මම අසුචි පාගාගෙන ඇවිත් උගේ වාහනේ කිලිටි කරයි කියල වෙන්න ඇති. (ම)
රොහාන් ඔයාගේ අදහස් මසුරං (ස)
අපේ අය තව අවුරුදු 5000 ක්ම ඉන්දියාවට බැන බැන ඉන්නකෝ. එතකොට ඔක්කොම හරියයි (නි)
අලංකාර ඡායාරූප එකතුවක් (නි)
ඉන්දියාව ලොව අපිරිසිදුම රටකි. අදාළ එන්නත් නොමැතිව රටට ඇතුල් වුවහොත් භයානක රෝග වැලදෙනු ඇත. විශාල ජන ප්‍රමාණයක් වැසිකිලි නොමැතිකම නිසාම මළපහ කරන්නේ අනාරක්ෂිත පරිසරයටය. නිසි සුභසාධන වැඩපිළිවෙලක් නොමැති කම නිසාම බීමට ගන්නා ජලයෙන් බොහෝ ලෙඩ රෝග සෑදේ. ජීවන තත්ත්වය අතින් බැලුවහොත් ලංකාව ඉන්දියානුවන්ට සුර පුරකි. (අ)
ඉන්දියාවෙන් අප ලැබූ දායාද බොහොමයි. එහෙත් අපි ඒවා අපට ඕන විදියට සකස් කරගෙන ක්‍රමානුකුල බවක් ඇතිකර ගෙන සිටි. ඉන්දියාව අපිරිසිදු වන්නේ එහි ඇති අන්ත දරිද්‍රතාවය හා අන්ත කුලභේදය නිසාය. පහත කුලවල අයට සලකන්නේ සතුන්ටත් අන්ත විදියටයි. (ම)
පාට පාට අපිරිසිඳු රට ! (ම)