වැලන්ටයින් දිනය තම සංස්කෘතිය සමග කිසිම සම්බන්ධයක් නැති බවත් එය සැමරිය යුතු නැති බවත් පකිස්තානු ජනපති මම්නූන් හුසේන් ප්‍රකාශ කර ඇතැයි බීබීසීය වාර්තා කරයි.
හුසේන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ වැලන්ටයින් බටහිර සංස්කෘතියක් බවයි.
වයඹ පකිස්ථානයේ වැලන්ටයින් දිනය තහනම් කිරීමෙන් පසුව ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
ආදරවන්තයන්ගේ දිනයට අදාළ තෑගි,කාඩ්පත් වැනි දෑ වෙළදසැල් වල විකිණීමද තහනම් කර තිබේ.
පකිස්තානයේ විශාලම නගරය වන කරච්චියේ ද ආදරවන්තයන්ගේ දිනය එපායැයි කියමින් උද්ඝෝෂණ පවත්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, පෙෂාවෝර් ප්‍රාදේශීය සභාවේ ද එය " වැඩකට නැති දිනයක් " ලෙස හැඳින්වූ අතර එය තහනම් කිරීමට යෝජනාවක් සම්මත කරන ලදී




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවනි, පළමුව ආගම ගැන හොඳින් දැනගන්න, පසුව අදහස් දමන්න. (නි)
මොන වැලන්ටයින්ද? ඔය රටේ කට්ටිය ගැන අපි නොදන්නවායැ (නි)
වැලන්ටයින් එපා වගේ හජ්ජි දවසට. අසරණ ගවයාගේ බෙල්ල කපන්නත් එපා කිව්වනම් මම මුස්ලිම් වෙනවා (බ)
විවිධත්වය අගේකළ යුතුයි. සීමා පනවා මිනිසුන් කොටු නොකළ යුතුය. (බ)
ඉන්දියාවේ මේ ජාතියේ කට්ටියක් අපිට හරක් මස් කන්න දෙන්න කියල උද්ගෝෂණය කරනවා! (අ)
පකිස්තාන් මානසිකත්වය තියෙන අය තමන්ගේ ජාතියේ අයට කඩේ යනවා හොදටම පේනවා කමෙන්ටු වලින්! (අ)
වැලන්ටයින් වැරදි ලෙස සැමරීම පිළිබද ප්‍රසන තිබුනත්, රුවනිගේ කතාව නම් ඇත්ත. "කාන්තාවන්ට ගල් ගසා මරණ, හිස ගසා මරණ රටකට මොන ආදර දිනයක්ද.? " (ර)
වැලන්ටයින් නරකයි, ළමා විවාහ හොඳයි? (ර)
ලංකාවේ වැලන්ටයින් ලාභ ලබන අංක එකේ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. ලංකාවේ ගැහැණු ළමුන් දස දහසකගේ ජීවිත අදුරුවෙන දවස බවට පත්වී ඇත (ම)
ආදරය කරන අයට විශේෂ දවසක් ඕනේ නැහැ.ඒ වගේම රටකට ඕනේ මොනවාද එපා මොනවාද කියල ඒ රටේ ජනධිපතිට තීරණය කරන්න පුළුවන්.හැබැයි එක ඒ රටින් සිමා වෙන්න ඕනේ.එක ලෝකෙට ඕනෙද එපාද කියන එක මිනිස්සු තීරණය කරවී.(ම)
ආදරය ආගමක් විය යුතුයි.. මිනිස්සු ආදරය කරනවානම් කොච්චර හොඳද.. ආදරයට බටහිර පෙරදිග බේදයක් තියෙනවද? ආදරය කරන එක නවත්තන්න? (ර)
හසන් සහ යකුබ් දෙන්නෙක් නොව එක්කෙනෙකි. (ර)
ඇත්තටම හොඳයි. (ම)
හසාන්, කියපු දේට මං ඒකග වෙනවා (බ)
අනේ හොදයි. (ර)
පිටින් එන ඕනෑම කුණුගොඩක් කරේ තියාගන්නේ ඒ රටේ මිනිසුන්ට විචාර බුද්ධිය නැති නිසයි. යමක හොඳ නරක තේරුම් බේරුම් කරගෙන ජීවිතවලට ළං කරගන්න උගත්කම විතරක් තිබුණට මදි. බුද්ධිමත් වෙන්න ඕනෑ. තමන්ගේ ආගම ධර්මය ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ. (නි)
කිසි රටක බාර නොගන්නා ඕනෑම දෙයක් බාරගන්නා පිරිසක් ලංකාවේ ඉන්නවා. (නි)
පාකිස්තානේ වගේද ලංකාව? පිටරටින් නම් ඕනේ කුනු ලෙඩක් උනත් බාරගනියි. තව ටික දවසකින් ඇමරිකාවේ බුදු දහම නිසා වසංගතයක් තියෙනවා පන්සල් යන්න එපා කිව්වොත් පන්සල් යන ඒකත් නතර කරාවි.(රේ) එහෙම උතුම් රටක් මේක.
මම නම් හිතන්නේ හොද වැඩක් මේක සමහරක්ට හරි අමාරුයි දරාගන්න .(රේ)
පකිස්තානය කියන්නේ කිසිදු ආගමික නිදහසක් නැති, ත්රස්තවාදයට උඩගෙඩි දෙන රටක්.. මේ වගේ රටකට ආදරය විදින්න බෑ.. පුදුමය කියන්නේ කොමන්ට් කරන සමහරුත් මේකට සහය පළකර සිටීමයි.. මේ අයගේ මානසිකත්වය සිතාගත හැකියි (රේ)
රුවනිගේ කතාව තමයි මම මේ තීරුවේ ඇසූ අහපු හොඳම කතාව. ඔබට ගොඩක් පින්සිද්ධ වෙනවා. (නි)
බුද්ධිමත් නායකයෙක්, තාරුණ්‍යයට මඟපෙන්වන්නෙක්..! (නි)
කාන්තාවන්ට ගල් ගසා මරණ, හිස ගසා මරණ රටකට මොන ආදර දිනයක්ද.? (ර)
පාකිස්තානේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.. අයි ඩෝන්ට් ක්නොව් වයි. (ර)
පාකිස්තානු ජනාධිපති තුමණි ඔබට මාගේ ප්‍රණාමය. (ර)
මෙන්න හොද වැඩ ඇතත් මේ අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතියත් නෙවේ තමුන් ආදරය කරන්න කෙන්ට ආදරය කරන්න දවසක් වේලාක් මොකටද මම නම් මගේ අදර්නියන්ට සැමදාම අදරෙයි. (ර)
අපේ එහෙම උනාම නම් මේ වෙද්දී මානව කොමිසමටත් ගිහින්. (ර)