සිරියාවේ ඩමස්කස් නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරයෙන් මියගිය ගණන 1300 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර වැඩි කොටසක් කුඩා දරුවන්ය.
මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු රොකට් ප්‍රහාරය එල්ල කර ඇත්තේ සිරියා රජයේ හමුදාව බව කැරැලිකරුවෝ චෝදනා කරති.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සිරියාවේ සිවිල් යුද්ධයේදී රසායනික අවි භාවිත කිරීම සම්බන්ධයෙන් මතුවූ චෝදනා විමසා බැලීමට එක්සත් ජාතීන්ගේ සංගමයේ නියෝජිතයෝ පිරිසක් සිරියාවට පැමිණ සිටියහ. මෙම ප්‍රහාරය එම නිරීක්ෂකයින්ගේ රාජකාරී කටයුතු වලට බාධා කිරීමට කැරැලිකරුවන් විසින් කරන ලද ප්‍රහාරයක් බව සිරියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා, එහෙම ඔයාට කියන්න කිසිම අයිතියක් නැහැ. ලෝකේ තව ලොකු ලොකු දේවල් සිද්ධ වුනානේ. එතකොට මේ ගොල්ලනුත් මුස්ලිම්ද? එතකොට බල්ගේරියාවේ සිද්ධිය ලෝක යුද්ධය 2 පටන් ගත්තේ මුස්ලිම් වරුන්ගෙන්ද ? ඇස් ඇරලා හොඳට බලන්න (නි)
මේ බටහිර රටවල් ඔක්කම අත පෙවීම් කරන්නේ ඛනිජ තෙල් සම්පත නිසා බව කව්රුත් දැනගත්තොත් හොදයි...ලංකාවේ තාම කැනීම් කරන නිසා මේගොල්ලෝ නිහඩයි, ටිකක් බලා ඉන්න ලංකාවට මේ අය මොනාද කරන්නේ කියලා.(නදී)
සංජීව-ඇමෙරිකා, එතකොට මොකක්ද පලවන හේතුව?ඔබ කියන ලෙස කුමන හෝ දෙයක් පිළිගැනීමට කවුරුන් හෝ එය දැකිය යුතුද?ඉලෙක්ට්‍රෝනය,චුම්බක ශක්තිය,විද්‍යුතය,නුවණ සහ බුදුන් ලැබූ නිවනත් දුටු අයෙක් ඉන්නවද?බුදුන්ටත් යමා මහ පෙළහර පාන්න සිදුවුනේ තමන් නිවන් දුටු බව අන්‍යයන්ට ඔප්පු කිරීමට.මේවා ඇතිබව පෙන්වන සාධක තුලින් මිසක් දුටු කිසිවෙක් නැහැ. නමුත් අපි ඒවා පිලිගන්නවා.සෑම මනුස්සයකු සතුවම දෙවියන් පිලිබඳ හැගීමක් තියෙනවා. විශේෂයෙන්ම තමුන්ට දුකක් කරදරයක් මුණගැසුණු විට, යදින්නේ දෙවියන් කිසිම නමක් නැති.අත් දෙක උඩට අල්ලලා පිහිට ඉල්ලන්නේ විශේෂ නමක් නැති දැකලත් නැති දෙවියන්ගෙන්.දෙවියන් බුදුන් ලෙස මිස බුදුන් දෙවියන් ලෙස කටවහරේ නැහැ,පළමුව දෙවියන්.මිනිසා දුකට පත් වුනාම දෙවියන්ගේ පිහිට ලබා ඉන් මිදුණු පසු දෙවියන් අමතක කර හෝ කිසිදු පිහිටක් ලැබිය නොහැකි පිළිමවලට නමදින බව ශුද්ධ වූ කුරානයේ සදහන් වෙනවා.ඉස්ලාම් මගින් පැහැදිලිවම ඔප්පු කරනවා මිනිසාගේ දෙවියන් පිලිබඳ සංකල්පය සාධක සමගම. බුදුන් දුන් පණිවිඩය අනුගමනය කරනවා විනා පිළිම වැදීමෙන් ලැබෙන සෙතක් නොමැත.බුදුනුත් කීවේ ධර්මය දකින්නා තමාව දකින බවත් බියෙන් තැතිගත් බොහෝ මනුස්සයෝ ආරාමද ,වෘක්ෂද,චෛත්‍යද ,පර්වතද වනයෙන්ද සරණ පතන බවත්. (ස)
මහසෙන් ඔබ හරි. ගුල්ෆ් කලාපයේ තියෙන සම්පත් අත්කර ගැනීමේ වක්‍ර යුද්දයකට ඇමෙරිකාව ඇතුළු බලවත් ජාතීන් සම්බන්දවෙලා ඉන්නවා.. ඒකේ ප්‍රතිපල තමා මේ සිද්දීන් වලින් පෙන්නනේ.මේ රසායනික අවි ප්‍රහාරය එල්ලකලේ කව්දැයි තවම කව්රුවත් දන්නේ නැ.(නදී)
රවිනාත් .. ඔබ හරියටම තත්වය තේරුම් අරන් තියෙනවා...ගුල්ෆ් කලාපයේ තියෙන සම්පත් අත්කර ගැනීමේ වක්‍ර යුද්දයකට ඇමෙරිකාව ඇතුළු බලවත් ජාතීන් සම්බන්දවෙලා ඉන්නවා.. ඒකේ ප්‍රතිපල තමා මේ සිද්දීන් වලින් පෙන්නනේ.. කවුරු හරි අහන්න පුළුවන් කෝ ඇමෙරිකාව මෙතන නැනේ කියල..නමුත් මට මතකයි වියට්නාම් යුද්දෙදි ඇමෙරිකාව තමයි මුලින්ම ලෝකෙට නාපාම් කියන විෂ බොම්බේ හඳුන්වා දුන්නේ... වියට්නාම් ජාතිකයින් ලක්ෂ ගණන් මරා දැම්මා. (නදී)
දෙවියන්ගේ කැමැත්ත නේද? ඒ කියන්නේ අල්ලා. එහෙනම් කවුරුත් නෙමේ වග කියන්න ඔනේ. අල්ලා තමා වැරදි.අල්ලාට දුක නැද්ද මේ කිසි දෙයක් නොතේරෙන පොඩි ළමයි මරලා දාන්න. දෙවියන්ගේ කැමැත්ත. (ස)
උදය, කුරානයේ නැති දේවල් ඇයි බොරුවට හුවා දක්වන්නේ මොන පිටුවේද ? මොන වාක්යෙද? සදහන් වන්නේ ඔබ කිව්ව බොරුව. මේ ලෝක පැවැත්ම හා සව්රග්‍රහ මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය ඉබේ වෙනවා කියාද සිතන්නේ.., නැත. සත්‍ය ගවේෂණය කරන්න, කට තියෙන පලියට මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා.(නදී)
එල් ටී ටී ඊ එකේ වගේ මෝඩ දර්ශනයක් තමා බහුතර ඉස්ලාම් රටවලටත් තියෙන්නේ. (නදී)
සිරියාවේ තියෙන්නේ දේශපාලනික අර්බුදයක්. එය ජාති හෝ ආගම් වාදී අරගලයක් නෙමෙයි.(නදී)
දෙවියන්ට යට වුණු අන්ධයෝ ඉන්නකම් ඔය යුද්ධ පවතිනවා. (ස)
ජලීල්,උදය කියන්නේ කුරානයේ 9-5 වගන්තිය ගැනයි.එකේ තමයි ආගමික මාස වලින් පස්සේ අන් ජාතින්ව මරන්න,සිරගතකරන්න,අතපය බෙල්ල කපා දමන්න කියල තියෙන්නේ.ඔබ හදන්නේ කුරනයත් බොරු කරන්නද?(නදී)
ඉන්දික නිකන් බොරු කියන්න එපා.කොහෙද ඇමෙරිකාව රිංගන්නේ එතන බෝම්බ පිපුරුනුඑක තමා අපි දැක්කේ ? මීට කලින් මේවා සිදු වෙලා නැහැ වගේ මවා පාන්න එපා .ලෝක ඉතිහාසය කියවල බලන්න මුස්ලිම් වරුන්ට චෝදනා කරලා වැඩක් නැහැ.අනිවාර්යයෙන්ම වාරයක් කාට කාටත් එනවා.(නදී)
ගෆුර් මහත්තයා කටාර්වල ඉදලා ලියලා තිබෙන දෙවියො ගැන අදහසට මම මේ උත්තරය දෙන්නේ. බෞද්ධයෝ දෙවියො විශ්වාස කරනවා. හැබැයි එක් අයෙක් නොවෙයි. හින්දු අයගේ බ්‍රහ්මයන් ඉන්නවා. ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් අය එකම දෙවිකෙනෙක් ගැන කථා කරනවා. බෞද්ධ අය කථා කරන දෙවිවරු තවත් කොට්ඨාශයක්. ඒ අතර විෂ්ණු කතරගම වගේ හින්දු දෙවිවරුත් ඉන්නවා. ඒ අයගෙන් පිහිට ආරක්ෂාව ලැබෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම පන්සිල් රකින කෙනාට දෙවියන්ගේ රජ්ජුරුවො සක්රත් වදිනවා කියලා ත්‍රිපිටකයේ සදහන් වෙනවා. (නි)
අහිංසක ළමුන්ගේ ජිවිත (නි)
සුනාමිය ස්වබාවික විපතක්.අපිට අද වගේ තාක්ෂණයක් තිබුනානම් සැහෙන පමණ ජීවිත බේරගන්න තිබුනා. නමුත් මැදපෙරදිග දැන් පවතින යුද්දය මිනිසා විසින් තවත් සුළු මිනිස් කොටසකගේ (බටහිර)යහපත සදහා පබයන් පිරිසක් පාලකයන් කිරීමේ උවමනාවට අටවන ලද උගුලකි.දැන් ඊශ්‍රායලය සාම පරවියා වී කඩිමුඩියේ කරන්න හදන්නේ කුමක්ද?(නදී)
ෆස්රුල් ගෆූර්,අනුන්ගේ කුණු පෙන්වන්න ඉස්සෙල්ලා තමුන්ගේ කුණු හෝදගන්නවා.තමුන්ගේ අය සියට සියයක් සුද්දවන්තයෝ කියලද කියන්නේ?ඉරාකේ ඇෆ්ඝ්නිස්තනේ,ඊජිප්තුවේ,නයිජීරියාවේ,සිරියාවේ මිනිස්සු මරන්නේ කාගේ කැමැත්තටද? (නි)
ෆස්රුල් ගෆූර්, බුදු පිළිමවලට මිනිසුන් වඳින්නේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කිරීමටයි.එය කවුරුත් නොදැකපු කෙනෙක් වන්දිනවට වඩා අර්ථයක් තියෙනවා. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව, ශ්‍රී මහා බෝධිය ආදී ජීවමාන සාක්ෂි ලෝකයම දකිනවා.අපි වඳින දෙවිවරුන් බුද්දාගමේ දෙවිවරුන් මිසක් ඔය අපි නොදැකපු දෙවියෙක් නෙමෙයි.හේතුවක් නිසා හට ගන්නාවූ යමක් හේතුවක් නිසා විනාශ වේ යන්නයි බුදු දහමේ ඉගැන්වීම.එය තමා නවීන විද්‍යාවේ කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් තියරි කියලා උගන්වන්නේ.පරිසර පද්ධතියක් තුල සිදුවන ස්වාභාවික හේතුන් මත සිදුවන්නාවූ වෙනස්කම් මත සිදුවන සුනාමි වැනි දේ අහවලාගේ කැමැත්තට සිදු වුනා යැයි කීම පුහු මතයකි.කිසිම ආගමක ශාස්තෘවරයෙකු අයහපතක් වෙනවා දැකීම ප්‍රාර්ථනා නොකරයි.එසේ වන්නේ නම් එය ආගමක් නොවේ (නි)
මේ මල්ලිලාට මොන බුදු බණද ? (නි)
කපිලයි, චමින්දයි කියන එක සහතික ඇත්ත.බොරුවට දෙවියන්ට බැනලා වැඩක් නැහැ (නි)
අපරාදේ ජීවිත! (නි)
හා හා වීර ඕවා දේව රහස්. ඕවා අහන්නෙපා.දෙවියෝ කුපිත වෙවී.දැන්නම් අර්ෂා කුජීත වුනා. (ස)
සංජීව-ඇමෙරිකා,ඔබට සිල් සමාදන් වීමේ විද්‍යාත්මක පදනම කුමක්ද සහ ඉන් ලෝකයට වන යහපත කුමක්ද කියා දැනීමක් ඇත්නම් ඉස්ලාම්හි සදහන් උපවාස සීලය ගැන ඔබ ඔවැනි පැනයක් නොඅසනවා ඇත,ඔබ බුදුන් උදෙසා එය කරන අතර අප එය දෙවියන් සඳහා කරන්නෙමු.හැම සතෙකුටම ප්‍රාණය සම වුනාට ඔවුන් එකිනෙකාට වෙනස්,ඒකනේ විද්‍යාත්මකව ඔවුන් වෙනස් විශේෂ ලෙස වෙන්කර ඇත්තේ,අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහිකළ හැකි සතුන් එක විශේෂයකට ගැනෙනවා.ඌරාට සරු ජනිතයෙක් බිහිකරන්න පුළුවන් ඌරකු සමග පමණි. ඉතින් ඔවුන් අනිත් සතුන්ගෙන් වෙනස්,ආහාර සහ හැසිරීම,සත්ව ලෝකයේ තම සහකාරිය සමග සංවාසයේ දීමට සිය සගයන්ට ආරාධනා කරන එකම සතා ඌරා. (නි)
සංජීව-ඇමෙරිකා, පටලවාගෙන ඇත්තේ ඔයාමයි. පැවසුවේ බුදුන් සිටිබ වට විද්‍යාත්මක සාක්කි නොව අපේ ඇසට අසු නොවුනාට අප ඇතිබව පිළිගන්නා ඉලෙක්ට්‍රොන ,චුම්භක හා අනෙකුත් ශක්ති ප්‍රභේද පිළිබදවයි. දෙවියන් පල්ලිය තුල සිටින නිසා අප වැදීමට පල්ලි යනවා නොව,සලාතය පිරිමින් හට ගෙදරින් පිට එකමුතුව කිරීමට කියා ඇති නිසා අප පල්ලියට යන්නේ. ඔබට සාමාන්‍ය පෙළ බුදු දහම පොත හෝ විකිපීඩියා මගින් බුදුන් යමක පෙළහර පෑ හේතුව දැනගත හැකිය.මා ඔබ සමග කිසිදු වාදයක් ආගම පිළිබඳ සිදුනොකරන අතර නොදැකපු දෙවියන් වැදීම පිළිබඳ ඔබගේ මතයට මගේ මතය එක්කිරීමක් පමණය. (නි)
මුලින්ම හොයන්න ඕන මේ රසායන අවි ගැහුවේ ඇත්තටම සිරියානු රජයද නැත්නම් සිරියව පෙරල්ල්න බලන ඉන්න කට්ටියද කියල,
මගේ දෙවන පිළිතුර.දෙවියන්, විද්‍යාව හා බුදුන් වහන්සේ.බුදුන් වහන්සේ කාලම සුත්‍රයෙන් කියනව කිසිම දෙයක් තමන් දුටු පමණින්,ඇසූ පමණින්,පරම්පරාවෙන් හෝ දෙමාපියන් කියූ නිසා,පිළිගත් අයෙකු කියූ නිසා, පොත් පතේ ඇති නිසා පිළිගන්න එපා.තමන්ගේ නුවනින් විග්රහ කර හරි නම් වැටහේ නම් පමණක් පිළිගන්න කියා.මෙයටත් වඩා තාර්කික වූ දෙයක් විද්‍යාවෙන් හැර වෙනත් ආගමකින් කියවේද? බුදුන් වහන්සේගේ ධර්මය මිනිසාගේ යහපත උදෙසාම පමණක් වූ නිසා එහි ශුද්ධ යුද්ධ හෝ පිරිස වැඩිකර ගැනීමක් නැත.එම නිසා ඔබ අසන යමක් පිලි ගැනීමට එය දැකිය යුතුද යන්නට මගේ හා බුදු දහමේ පිළිතුර මෙයයි.,කිසයම් දෙයක් පිලි ගැනීමට එය දැකිය යුතු වුව පමණක් නොවේ, එය තාර්කික හා ඔප්පු කල හැකි මතවාදයක් විය යුතුයි.ඔබගේ ඉලෙක්ට්‍රෝනය, විද්‍යුතය හා චුම්භකත්වය නවීන විද්‍යාත්මක සොයා ගැනීම්.ඒවායේ පැවැත්ම තාර්කික වූ න්‍යායන් හා ගණිතමය ඔප්පු කිරීම් මගින් විද්‍යාත්මක පර්යේෂණාගාරයක් තුල ඔප්පු කල හැකීය.එම නිසා එය අපට දැකිය හැක.නුවන සත්‍ය වශයෙන්ම අපට දැනෙන දෙයකි.මේවා විද්‍යාත්මකව ඔප්පු කළ සංසිද්ධීන්.එය දෙවියන් වැඳීම වගේ නොපෙනන දෙයක් සමග පටලව නොගන්න.එම සංසිද්ධීන් නොපෙනෙනවා යයි කියා දෙවියන් වැඳීම ඔප්පු කිරීමට යාම පුහු දෙයකි.බුදුන් වහන්සේ දේශනා කලා හොඳ කලොත් හොඳ ලැබේ.නරක කලොත් ඊට ප්‍රතිවිරුද්ධ වූ නරක ලැබේ කියා.නිව්ටෝන් කිව ඊට සමාන දෙයක්,ඕනෑම ක්‍රියාවකට සමාන වූ හා ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාවක් ඇත කියා.බුදුන් වහන්සේ කීවා තණ්හාව නිසා ඇතිවන බැඳීම් 3ක් ගැන, කාම තණ්හා,භාව තණ්හා හා විභව තණ්හා ලෙස.නවීන විද්‍යාවෙන් කියනවා අයනික බන්ධන,සහ සංයුජ බන්ධන ලෙස බන්ධන 03 ක් පිළිබඳව.මේවා කරුණු කිහිපයක් පමණයි විද්‍යාව හා බුදු දහම ගැන.කැළණි විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ජේ.කේ.පී.ආරියරත්න මහතාගේ විද්‍යාව හා බුදු දහම යන ග්‍රන්ථය කියවීමෙන් මේ ගැන අවබෝධය ලබා ගත හැක.මට මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.ඔබල බඩගින්නේ සිටීමෙන් කරන උපවාසයේ විද්‍යාත්මක පදනම කුමක්ද? එයින් ලෝකයට වන යහපත කුමක්ද? ඌරා සහ අනෙකුත් සතුන්ගේ විද්‍යාත්මකව ඔප්පු කළ හැකි වෙනසක් තිබේද? එසේ නම් කුමක්ද? ශුද්ධ යුද්ධ යනු මොනවාද? යුද්ධ අවශ්‍ය වන්නේ ඇයි ආගමකට? (දී)
ඔබ කාරණා කිහිපයක් පටලව ඇති නිසා මම ඔබට උත්තර දෙන්නම් කොටස් දෙකක් වශයෙන්.ප්‍රථමව වන්දනා මාන කිරීම හා දෙවනුව විද්‍යාව හා ආගම බුදුන්ගේ ජීවමාන සාක්ෂි අපමණ තිබෙනවා.බුදුන් ඉපදුන බුදුවුන හා පිරිනිවනට ගිය තැන්, ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ තැන්, දන්ත දතුන් වහන්සේගේ පටන් අනෙකුත් දාතුන් වහන්සේලා ජීවමාන සාක්ෂි ලෙස ඉතිරි වෙලා තිබෙනවා.මෑතකදී ඉන්දියාවෙන් වැඩම කල ධාතුන් වහසේලාගේ ආයු කාලය නවීන විද්‍යාව මගින් තහවුරු කලා බ්‍රිතාන්‍ය මගින්.බුදුන් වහන්සේගේ පැවැත්ම එම නිසා කාටවත් බොරු හෝ සංකල්පයක් ලෙස බැහැර කල නොහැකිය.අප නොදැකපු ශාස්තුරුවරයෙකුට අප වඳිනවා නොව සාක්ෂි ඇසින් දැක කනින් අසා තේරුම් ගෙන කරන දෙයක්.බුදු පිළිම වැඳීම මිනිසුන් විසින් සාදාගත් දෙයක්.බුදුන් වහන්සේ දැකීමට එන අප්‍රමාන මිනිසුන් බුදුන් වහන්සේ ආපසු දැකීමට නොහැකි වූ නිසා ආනන්ද බෝධිය රෝපණය කලා.බෞදධයෙකු දැක පහන් සංවේග උපදවා ගත යුතු තැන් 04 ක් බුදුන් වහන්සේ දේශනා කලා.ඉපදුන , බුදුවුන, ප්‍රථම ධර්ම දේශනය හා පිරිනිවනට් ගිය තැන් එම ස්ථානයි.හැබැයි බුදුන් කීවේ නෑ පිළිමවලට වඳින්න එපා කියල.පූජාවන් ආකාර දෙකයි.ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා.ආමිස යනු බුදුන්ට මල් පිදීම ආදී පූජාවන්.ප්‍රතිපත්ති පූජා යනු පන්සිල රැකීම ආදී ක්‍රියාවන්.ඒ දෙකෙන් වඩා හොඳ දේ කුමක්ද කීවා මිස බුදුන් පිළිම වඳින්න එපා යයි කීවේ නැහැ.පිළිමයක් යනු අපගේ පහන් සංවේගය උපදවා ගෙන බදුන් වහන්සේ සංකේතවත් කර වන්දනා කිරීමක්.අප එයි පිටක් පතන්නේ නැත.ඔබල පල්ලියට යන්නේ වන්දනා කිරීමට යන්නේ ඇයි? එහි කවුරුත් සිටිනවද? පේනවද? එය සංකේතාක්මක දෙයක්ද? කරුණාකර අපගේ ධර්මය හරි හැටි නොදැන විකෘති කිරීමට උත්සහ කරන්නෙපා.ඔබගේ දහමේ පිළිම වැඳීම තහනම් බව අප දනිමු.බුදුන් වහන්සේ යමක මහා ප්රාතිහාර්ය පෑවේ බුදු බව ඔප්පුකිරිමීට නොවේ.ශාක්‍ය වංශිකයන්ගේ මානය දුරු කිරීමට හා පුද්ගල දමනය උදෙසයි.කරුණු හරි හැටි දැන වාද කරන්න. (දී)
දෙවියන් ඉන්න මේ රටට මොකද මේ වෙලා තියෙන්නේ,මේක දෙවියන්න්ගේ ප්‍රශ්නයක් නොවේ ,මේක සාතන්ගේ වැඩක්. (ස)
වීර මෙන්න ඔයාට පිළිතුරු : අල්ලාහ් ට ආරම්බයකුත් නැ අවසානයකුත් නැ, අල්ලාහ් කාගෙන්වත් පැවත එන්නෙකු නොවේ, අල්ලාහ් කේවලය(තනි), අල්ලාහ්ගේ ස්ත්‍රී-පුරුෂ බාවය ගැන සදහනක් නැත (ස්ත්‍රී-පුරුෂ බාවය අවශ්‍ය වන්නේ තම පරම්පරාව බිහිකිරීමටය ඒ මනුෂ්‍යාට / සතුන්ට පමණි ), අල්ලාහ් මේලෝකේ සියලු දේ මවා ඇත්තේ මනුෂ්‍ය පැවත්මටය,(ඉන් හරාම් / හලාල් තේරුම් ගෙන ජීවත් වීම මනුෂ්‍යාගේ එලොව ජය ගැනීමට හේතුකාරක වේ) ප්‍රථම මිනිසා වන ආඩම්/හෙව් ඔහුම මැව්වේය, කුරානයේ අල්ලාහ් ගේ වදන් අද එකින් එක විද්‍යානුකූලව ඔප්පු වෙමින් පවතී, එයට හොදම සාධකය බටහිර දිනෙන් දින අන්‍යය ආගමිකයින් ඉස්ලාම් වැළද ගැනීමයි (ලෝකයම මුස්ලිම් නොකළේ ඔයාට තේරණ බාසාවෙන් කියනවනම් විබාගයට කලින් ප්‍රශ්න පත්‍රය පිට උනොත් මහන්සිවී පාඩම් කල අයට වන අසාධාරනේ දන්නවනේ) ඔහුගේ සැලැස්ම අනුවයි ලෝකයේ සහ මේ මුළු විශ්වයේම දේ සිදුඋනෙත් සිදුවෙමින් පවතින්නේත් තවද සියලු දේ නැසෙන සුළුය අල්ලාහ් ගේ බලය සහ අල්ලාහ් නොනැසේ. (කතෘ තුමනි මෙය කරුණාකර පල කරන්න, ස්තුතියි...) (නදී)
@වීර, ලොව උපදින සෑම දරුවෙක්ම උපදින්නේ ඉස්ලාම්හි දෙවියන් පිලිබඳ හැගීමක් ඇතිව,පන්තියක ගුරුතුමා දන්නවා පන්තියේ ඉන්න දක්ෂ හොඳ කීකරු දරුවන් කවුද කියලා ඒ වුනාට විභාගයක් තියන්නේ නැතිව පන්තියේ ළමයා තෝරන එක සාධාරණ නැහැ නේද ? (ස)
@ලහිරු,සෞදිය කියන්නේ සියවස් දෙකකට කලින් තුර්කි ඉස්ලාමීය රාජධානියට අයත් කොටසක් පසුව ප්‍රංශ සහ එංගලන්තය විසින් සමහර අරාබි ජාතිකයන් කොටසක් සමඟ තුර්කියට එරෙහිව සටන්කර වෙනම රටක් බවට වසර 60-70 පෙර ප්‍රකාශ කළා.මොවුන් මේ රටින් යද්දී ඔවුන්ගේ සටනට සහය දුන්න අරාබි පෙළපතකට රජකම දුන්නා.හරියටම ලංකාවේදී වුණා වගේ. සුද්ද යද්දී කළු සුද්දෝ ටිකකට පාලනය බාරදීලා.අපි බහුතරයක් හිතාගෙන ඉන්නේ සෞදිය පාලනය කරන්නේ ඉස්ලාමීය නීතිරීති අනුව බව උනත් මෙහි සමහර මූලයන් බටහිර හා සම්බන්ධයි,මෙහෙ තෙල් සල්ලි ඔක්කොම තියෙන්නේ ඇමෙරිකාවේ සහ යුරෝපයේ.අල්ලාහ් කියන්නේ අරාබි බසින් දෙවියන්ට. (ස)
ගෆුර්, කටාර් වලටම වෙලා ඉන්න. ලංකාවට එන්න එපා. හොදේ. (නි)
අල්ලාහ්ට පෙර ලොව සියලු දේ සිදුවුයේ කාගේ කැමත්තටද? (ස)
හසන් සෞදිය, නම ඇමෙරිකාව ඉදිරියේ දණ ගහගෙන මුළු සේසතම දීගෙන නේද ඉන්නේ? ඒගොල්ලන්ට ඇමරිකාව අල්ලා වගේ පේනවා ඇත්තේ නේද? (ස)
ෆස්රූල් මහත්තයෝ..ලෝකේ වැඩි වශයෙන්ම එකිනෙකා මරාගන්නේ ඔයාලගේම කට්ටිය. ලෝකේ වැඩියෙන්ම ප්රචණ්ඩත්වය පතුරුවන්නේ ඔයාලගේම කට්ටිය. ලෝකේ තියෙන අසාධාරණ වගේම විනාශකාරී මත් ද්‍රව්‍ය වගේ ව්‍යාපාර වැඩි වශයෙන් කරන්නෙත් ඔයාලගේම කට්ටිය. මේක දවසට හත් වරක් ආගම අදහන ඔයාලගේ වැරද්දක්ද, ආගම දේශනා කරන අයගේ වැරද්දක්ද, එහෙම නැත්නම් ඔය කියන දෙවියන්ගේ වරක්දක්ද, කියලා අපිටනම් තේරෙන්නේ නැහැ. (ස)
හරියට හොයලා බලලා කෑ ගහන්න (දී)
සියල්ල දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවෙනවානම් දෙවියන්ට මොකද බැරි මේවා නතරකරන්න මේවා තාක්ෂණයේ අනිසි පල මිස මායාකාර දෙවියෙකුට කළහැකි දෙයක් නොවේ මිත්‍යාවෙන් මිදී ලොව දකින්න (දී)
අර්ෂා,ඔබේ දෙවියන් ගැන ඔබ දන්නා තොරතුරු මොනවාද?නිවැරදි ආගම්වල රහස් තියෙන්න බැහැනේ.ඔබගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නම් පුලුවන්නම් අපට පැහැදිලි කරන්න.අල්ලාහ්ගේ ආරම්භය කුමක්ද?අල්ලාහ් කාගේ කවුද?අල්ලාහ්ගේ ස්ත්‍රී-පුරුෂ නැත්නම් ලිංගයක් නැති නපුංසකද?අල්ලාහ් ශේයිතාන්,ඌරා මැව්වේ ඇයි?සර්ව බලධාරියෙක් සියල්ල දත් කෙනෙක් නම් භක්තිය පරීක්ෂා කරන්නේ ඇයි?අල්ලාහ් ලෝකයම මුස්ලිම් නොකළේ ඇයි?.අල්ලාහ්ද, ඔබේ දෙමව්පියන්ද, ඔබව මැව්වේ?අල්ලගෙ ප්‍රතිහාරයන් විද්යානුකූලද? (ස)
බලාගෙන යනකොට අල්ලාපුක්බාර්ට වඩා ඉක්මනට ලංකාවෙ නීතියෙන් දඩුවම් ලබාදීම ඉක්මන් වගේ..... (ස)
තරහා වෙන්න එපා.කොහොම හරි කියන්න තියෙන්නේ අල්ලාහ් යනු සර්ව බලධාරියෙක් නොවන බවයි.බුදුන් වහන්සේ මීට අවුරුදු 2500 කට පෙරත් දේශනා කරලා තියෙනවා මෝඩ මිනිසුන් සර්ව බලධාරි සංකල්පෙට අහුවෙන්නේ මාළු දැල් වලට අහුවෙනවා වගේ කියලා. (ස)
ජලීල් මට ඔබ ගැන දුකයි. මොකද ඔබත් මිත්‍යා දෘෂ්ටිය පතුරන්නෙක්. වැඩි කල් ඉන්න අමාරු වේවි ඔබට එහෙම.(නදී)
සාමය උදාවේවා! (නි)
වීර - අල්ලාහ් කියන්නේ (දෙවියන්වහන්සේ) හරි. ඒක අපේ දෙවියන්ගේ නම නොවේ. කපුටෝ ජරා කරන මැටි, සිමෙන්ති, පිත්තල පිළිම වලට කිසිම ශක්තියක් නැහැ. දෙවියන් වහන්සේ සර්ව බලධාරී මුළු ලොවම පාලනය කරන්නා. ඔයාලත් ලොකු අකරතැබ්බියකට මුහුණ පානකොට "අනේ දෙවියනේ" කියල ඇයි කියන්නේ? " බුදු සරණයි - දෙවි පිහිටයි" ඇයි එහෙම කියන්නේ? දෙවියන් වහන්සේට නම් ගම කිසිවක් නැහැ. ඔහු ශක්තියක් පමණයි. ඔයාල මේ වගේ අපහාස කරලා අන්තිමේට තවත් සුනාමියක් ළඟදීම එයි. සමහර විට ඉතාමත් දරුණු එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කට තියෙන පලියට දොඩවන්න එපා. තමන් කැමති ආගමක් ඔහේ අදහලා කාලේ ගෙවන්න. මහා ලොකුවට කතා කරන ආගම ගැන පෝය දවසට කලින් පන්සල් යන්න ලැහැස්ති වෙනවා වෙනුවට එදාට බොන්න බෝතල් වෙන්කරලා තබා ගන්න ඔයාල වගේ අය ලෝකෙටම පවක්. (නදී)
ඔය දෙයියෝ ගැන කලබල වෙන කට්ටිය ඕක අනිත් පැත්තට සිදුවෙලා තිබුනොත් කොහොමද මේ එළවලු කන කට්ටියගේ අදහස් බලාගන්ඩ තිබුනා.(නදී)
රන් දෙවොලෙන් බැස එන් දෙයියෝ මිනිස් හිතට වැඩපන් දෙයියෝ.(නදී)
හරිම කණගාටුදායකයි. සියල්ල කල හැකි දෙවියෝ කියල අය ඉන්නවනම් මම ඒ හැමටම වෛර කරනවා.(නදී)
වීර, සෑම දේකටම කාල වේලාවන් ඇත. වාරයක් අනිවාර්යයෙන්ම එයි. අන්න එදාට කියන්න කරපු ඒවා තමා විඳවන්නේ කියා.ඇමෙරිකාවට දඬුවම් දෙනවා කියලා තියෙන ඇමෙරිකානුවන්ව දෙවියෝ මරන්න ඕන කියනවද ?එක සාධාරණ නැහැනේ ? කරපු කට්ටියට නම් ගැලවීමක් නම් නැහැ එක කාටත් එකයි.ඔයාගේ මොලේ හරිම .......... (ස)
අධිරාජ්‍ය ගැන කයිවාරු ගහපු බින්ලාඩන් වයි ගඩාෆි වයි බේරගන්න ගන්න බැරි වෙච්ච එකේ මේ මිනිස්සුන්ව කොහොම බේරාගන්නද?අර්ෂා,අල්ලාහ් දඬුවම් කල කෙනෙක් ගැන ඔබ දන්නවද?අල්ලාහ් මොනාද ඇමෙරිකාවට දීපු දඬුවම්.(නදී)
සෑම මිනිසෙකුටම මරණයෙන් ගැලවිය නොහැක, මරණින් පසු සැබෑ ජීවය ආරම්භ වනු ඇත. (ස)
සිරියා යුද්ධය නැවතිලා බොහෝ කල්, අපේ මිතුරන් වන චීනයත් රුසියාවත් ආරක්ෂක මණ්ඩලේ වීටෝ බලය යොදන්නේ නැත්නම්. (නි)
මෙම බිහිසුණු දෑ සෑදු එවුන්ටත් ජනතාවට ප්‍රහාර කල් එවුන්ට සහ එසේ කිරීමට අණදුන් එවුන්ටත් ,එය සාදාරනීකරණය කරන එවුන්ටත් ජාති ජාතිත් සාප වේවා !!!! (ස)
නසාර් ,මෝඩ කතා කියන්න එපා (නි)
දැන් ලෝක මහා බලවතා මුනි වත රකිනවද?(නදී)
ඉක්මනින් සිරියාවට සාමය උදාවේවා !! ..... (ස)
අර්ෂා- තව කී දෙනෙක් මිය යා යුතුද? අල්ලාහ් දඞුවම් කරන්න .දැන් අවුරුදු දෙකකටත් වැඩියි. (ස)
අර්ෂා, අල්ලාහ් හු අක්බර් කියලද? (ස)
මොකද ඇමෙරිකාව නිහඞ ...වහාම මෙයට මැදිහත් වෙන්න ..සිරියා යුද්ධය නවත්වන්න. (ස)
කවුරු කලත් අපරාධකරුවන්ට අල්ලාහ් දඞුවම් කරයි. (ස)
රසායනික අවි ගැන හොයන්න නිරීක්ෂකයන් එන විටම මෙම සිදුවීම වුණ එක සැක සහිතයි. මේක ඇමෙරිකා අනු දැනුම මත සිදුවූවක්. එවිට මෙය ඇමෙරිකාවට සිරියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුවක් කර ගත හැකිය. සිරියා කැරලිකරුවන් මඟින් බලපෑම් කිරීම අසාර්ථක නිසා ඇමෙරිකාවට කෙලින්ම මෙයට මැදිහත් වීමට අවශ්‍යයි. (ස)
අල්ලා අක්බර් .මේ මිනිස්සු බේරුනානම් ඔබ වහන්සේට ඔක්කොම ලකුණු ටික හම්බවෙනවා. ඇත්තටම දෙවියනි ඔබට මේ අහිංසක මිනිස්සුන්ව බේරගන්ඩ බැරි වුනේ කිනම් කාරණයක් නිසාද ?(නදී)
දෙවියන් වහන්සේගේ කැමැත්ත.(නදී)
වීරා, ඔයා අන්ධයෙක් ද , ඇමෙරිකාවට විටින් විට එන ස්වභාවික විපත් එමටයි. පොඩ්ඩක් ආපස්සට ගිහින් බලන්න. අනික මේ රසායනික අවි ප්‍රහාරය එල්ලකලේ කව්දැයි තවම කව්රුවත් දන්නේ නැ, ඊශ්‍රායලය සහ ඇමෙරිකාවට ඕනා කරන්නේ මැදපෙරදිග යුධ ගැටුම් ඇතිකර ඔවුන්ගේ යුධ උපකරණ විකිනීමටයි. නමුත් අල්ලාහ් ගේ දඩුවම් එනවිට මේලෝකේ මොනම ශක්තියකටවත් එය වලක්වා ගන්න බැරිය. (නදී)
පසිදු, ඔයාට මගේ ප්‍රණාමය. මම සිංහල බෞද්ධයෙක් හැටියට සියලු බෞද්ධයන්ගෙන් ඉල්ලන්නේ සැමට කාරුණික වන්න. හිස් වචන නොකියන්න. (නි)
මොනවද මේ ප්‍රතිචාර??? සිරියාවේ තියෙන්නේ දේශපාලනික කුලල් කා ගැනීමක්. විඳවන්නේ එරට පොදු ජනතාව. බලය සඳහා පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් මරා ගන්නවා මදිවට අහක ඉන්න පොඩි අයත් සමුල ඝාතනය කරනවා. එරට කණ්ඩායම් දෙකටම ලෝක බලවතුන්ගේ සහය ලැබෙනවා. විපක්ෂයට ඇමරිකාව ප්රමුඛ බටහිර කණ්ඩායමත් රජයට රුසියාව ප්රමුඛ කණ්ඩායමත් දක්වන සහය නිසා තමයි මේ වගේ ශෝක ජනක ප්රවෘත්ති අහන්න ලැබෙන්නේ. මේක කියවන අය ආගම් වාදයක් ඇදගෙන මරා ගන්න හදන්නේ ඇයි? ඇයි මේ ශ්‍රී ලාංකිකයෝ මේ තරම් පහත් මානසිකත්වයකට ඇද වැටිලා තියෙන්නේ? වර්ණ ගැන්වූ කන්නාඩි දමා ලෝකය විමර්ශනය කරන්න එපා. වර්ණ කළ කන්නාඩි තුලින් ඔබ දකින්නේ ඔබ තෝරා ගත වර්ණයේ ලෝකයකි. යථාර්තය ඔබ දකින දෙයට වඩා බොහෝ වෙනස් බව කරුණාවෙන් සිතා බලන්න. මෙහි අදහස් දමා ඇති බහුතරය ජාතිවාදය නමැති වර්ණ අන්ධතාවයෙන් පෙලෙන්නෝ වෙති. එවැනි අදහසකට පක්ෂව හෝ විපක්ෂව අදහස් දැක්වීමත් සහ පැහැදිලි කිරීම් කිරීමත් නිසා සිදුවන්නේ මේ රටෙත් බේද භින්න වූ ජන සමාජයක් ඇති වීමයි. වර්තමාන සිරියාව වැනි රටක් ඔබටත් වුවමනාද? (නි)
ඕනෑ ආගමක් අදහන,ඕනෑම ජාතියක,ඕනෑම වයස් මට්ටමක ඉන්න හැමෝටම තමුන්ගේ හෘද සාක්ශිය ඕනෑම දෙයක් කරද්දි(විශේෂයෙන් වැරැද්දක් කරද්දී)දැනුම් දීමක් කරනවා,පෙන්වනවා.මේක මනසක් තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා.අත්විදිනවා,ඒක දැන දැන කරන මනුස්සයා,තිරිසන් මනුස්සයෙක් මිස මානුශික හැගීම් ඇත්තෙක් නෙමෙයි. බලයෙන්,තණ්හාවෙන්,ක්‍රෝධයෙන් හා වෛරයෙන් මත් වූ මිනිසුන්ට පවා තමුන්ගේ හෘදය විසින් දඩුවම් කරන වෙලාවක් මේ ජීවිත කාලයේදීම ලබෙනවා,මැරෙන්න මොහොතකට පෙර. (නි)
එක දෙයක් අප තේරුම් ගත යුතුයි. කිසිම ආගමකට ඔය කියන මහා බලයක් මනුෂ්‍යයන් වෙනුවෙන් කරන්න පුළුවන් කමක් නැත. හොඳ නරක හැමෝටම බල පානවා. නමුත් අපි බොහොම ඉහළය අපේ තමයි හොදම් සහෝදරත්වය තියෙන්නේ කියලා. අනික් ආගම වලට වැඩත් නම් උතුම් සුද්ධ වන්ත කියල හිතන්න යන හැම අගමිකයාටම වරදිනවා. රාමසාන් උත්සවය පහු වුනාම මුස්ලිම් ආගම විස්වාස කරන්නේ නැති අයට පහර දෙන්න කියා කුරානයේ තියෙනවා. නමුත් එම තත්වය වලක්වා ඔවුන් ඔවුන්ම කොටා ගැනීමට ලෝකය පාලනය කරන බලවේගය හෝ දෙවියන් සමත් වී ඇත.(නදී)
පසිදු මම ඔයා එක්ක එකග වෙනවා.(නදී)
සිදුහත් කුමරා ඉපදීමට පෙරත් ,පසුත් හා බුදුවීමට පෙරත් , පසුත් පිරිණිවන් පෑමට පසුත් ඉන්දියාවේ තිබු වෙනත් ආගමික දර්ශන විශාල ගනනකි. අදටත් ඒවායින් කිහිපයක් නොනැසී පවතී. බුදුන් වහන්සේ ඒවා වෙනස් කිරීමට කිසිවිටෙකත් උත්සහ නොගත්තා සේම , ඒවාටද ඒත හා සමානව ගරු කරන ලෙස දේශනා කළ සේක. විවෘත මනසත් හා විචාරශිලි බුද්ධියක (තර්කාණුකූල ) පිහිටා තම නැණපමණින් ධර්මය අවබෝද කරගන්නා ලෙස දේහනා කළේය. ඇතිවන සියල්ල නැතිවන සුලුයි. මදක් සිතන්න. සදාකාලික වන්නේ ඇතිවීඹ සහ නැතිවීම පමණයි. ඒබැව්න් , අනෙකුත් ආගම් වලට අපහාස කිරීමෙන් අපට විමුක්තියක් නොලැබේ. තම මනස පාලනය කරගත් තැනැත්තා (විමුක්තිකාමියා) අන් කිසිවෙකුට හෝ ආගමකට අපහාස නොකරයි. කුසල් කරන්නාට කුසල් කිරීමටත් ,අකුසල් කරන්නාට අකුසල් කිරීමටත් අවස්ථාව සලසා ගතහැකියි. ඒයට කිසිවෙකුගේ බලපෑමක් නැත. තමන්ගේ තෝරා ගැනිම් වල පලවිපාක තමන් කරා කෙදිනක හෝ පැමිනෙයි. ලෝක ධර්මතාවය පෙනෙන හෝ නොපෙනෙන කිසිවෙකුට වෙනස් කල නොහැකියි.(නදී)
මෝඩයෝ වගේ අදහස් ලියන්න එපා.(නදී)
එල් .ටි .ටි සාපයෙන් මිදී අපේ මවු බිම අද සාමකාමී පරිසරයක් බවට පත්වීම ගැන අපි සන්තෝස වෙමු එහෙත් මෙවැනි සිදුවීම් නිදහස් ජාතියක් හැටියට අපි හෙළාදකිමු (අ)
ප්‍රණාමය!!!(නදී)
ලෝකෙ බලවතුන් දෙපිලක් බෙදිලා තමා තමන්ගේ අවි අත්හදා බැලීමට නොයෙකුත් රටවල යුද්ධ නිර්මාණය කරවන්නේ. මේක ඉතිහාසය පුරාවටම සිද්ධ වෙන දෙයක්.අනාගතයෙදීත් නිමක් නැතුවම මේ යුද්ධ තියේවි. (ස)
ඵස්රුල් මහත්තයෝ..ලෝකේ වැඩි වශයෙන්ම එකිනෙකා මරාගන්නේ ඔයාලගේම කට්ටිය. ලෝකේ වැඩියෙන්ම ප්රචණ්ඩත්වය පතුරුවන්නේ ඔයාලගේම කට්ටිය. ලෝකේ තියෙන අසාදාරන වගේම විනාශකාරී මත් ද්‍රව්‍ය වගේ ව්‍යාපාර වැඩි වශයෙන් කරන්නෙත් ඔයාලගේම කට්ටිය. මේක දවසට හත් වරක් ආගම අදහන ඔයාලගේ වැරද්දක්ද ආගම දේශනා කරන අයගේ වැරද්දක්ද එහෙම නැත්නම් ඔය කියන දෙවියන්ගේ වරක්දක්ද කියල අපිටනම් තේරෙන්නේ නැහැ.(නදී)
වීර කියන්නේ කිසිම ආගමක් දහමකට අයිති කෙනෙක් නෙමෙයි. එයට ඕනෑ හැමදේම එයාට කරගන්න. තර්කයක් ඉදිරිපත් කරද්දී හොදහැටි හිතලා බලන්න තහවුරු කරන්න පුලුවන්ද කියා, අපි මනුස්ස වර්ගයා හැටියට අර මැරුණු අය වෙනුවෙන් අනුකම්පා වෙමු. ප්‍රාර්ථනා කරමු මෙවන් දුකක් කාටත් හිමි නොවේවා කියා! (නි)
හැමදේම වෙන්නේ අල්ලාහ්ගේ දෙවියන්ගේ කැමැත්තටනේ. (නි)
මම වීඩියෝ ක්ලිප් එකක දැක්කා අන්තවාදී කල්ලියක් පොඩි ළමයෙක්ගේ බෙල්ලක් කපනවා. මට නම් හිතා ගන්ඩ බැහැ. දෙවියෝ කාට සමාව දෙනවද කියලා.(නදී)
ෆස්රුල්, ඒකම තමයි මේ ලෝකේ තියෙන සදාතනික සත්‍යය. අනිත්‍යය සහ කර්මය කියන යතාර්තාර්ථ වලින් මේ ලෝකේ කාටවත් ගැලවුමක් නැහැ.සුනාමියක් ඇවිල්ලා ගම් නගර එක්ක පන්සල් විනාශ වුණා කියලා අනිත්‍යය දන්නා කෙනෙක් ශෝක වෙන්නේ නැහැ. එහෙත් හැම දෙයක්ම පාලනය කරන්නේ යම් බලවේගයක් කියො විශ්වාස කරන කෙනෙකුට එහෙම හිතන්න අමාරුයි තමයි. (ජාතිය, ආගම හෝ රට කුමක් වුවත් මෙවැනි සිදුවීම් වලින් හෙට හෝ කිසිවෙක් විපතට පත් නොවේවායි ප්‍රර්ථනා කරමි.සියලු සත්වයෝ නිදුක්, නිරෝගී සුවපත් වෙත්වා..!) (නි)
මේ මිනිස්සු නම් හරිම මෝඩ කතා කියන්නේ. හැම එකටම දෙවියන්ව ගාවගෙන.මේ ගොල්ලන්ට ඔක්කොම අමතක වෙලා (නි)
අපේ ජනාධිපතිතුමායි රණවිරුවෝයි නිසා නෙමෙයි නම් මේ වගේ දේවල් හැමදාම දකින්න වෙනවා. (නි)
අන්ධ වෙන්න එපා බොරුවට. නිකන් අන්ධ කතා කියන්න එපා (නි)