බොකෝ හරාම් ආයුධ සන්නද්ධ කන්ඩායමක් වයඹ දිග නයිජීරියාවේ මාෆා නගරය ආසන්න ගම්මානයක පිරිමි හා ගැහැනු දරුවන් 30 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බොකෝ හරාම් කැරලි කරුවන් සහ නයිජීරියා රජය අතර පවතින පස් අවුරුදු ගැටුම් සහගත තත්වය හමුවේ ප්‍රදේශයේ සන්නිවේදන කටයුතු මුළුමනින්ම ඇණහිට ඇති බැවින් මේ පැහැරගැනීම සම්බන්ධයෙන් වාර්තාවී ඇත්තේ දින කිහිපයක් ගතවීමෙන් පසුවය.
නයිජීරියා රජය පවසන්නේ බොකෝ හරාම් කැරළි කරුවන් මේ දරුවන් තමන්ගේ වනගත කඳවුරුවෙත ගෙනගොස් ළමා සොල්දාදුවන් ලෙස පුහුණුකරවන බව යි.
කැරළි කරුවන්ගේ ග්‍රහණයට නතුවූ ප්‍රදේශවල හා ඒ ආසන්නයේ පදිංචි බොහෝ පිරිස් තම දරුපවුල් සමග පලායන්නේ තම දරුවන් කැරළි කරුවන්ගෙන් බේරා ගැනීමේ අපේක්ෂාවෙනි.
පසුගිය සතියේ බොකෝ හරාම් හමුදාව විසින් අඩමාවා ප්‍රාන්තය සමීපයේ පිහිටි ක්‍රිස්තියානි ගම්මානයකින් ස්ත්‍රීන් හා ගැහැනු ලමුන් 60 දෙනකු පැහැර ගෙන ගොස් තිබෙන බව එම ප්‍රදේශයේ ප්‍රජා නායකයන් මාධ්‍යයට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමයේ පණිවිඩය ලෝකෙටම පෙන්වනවා. (ස)
මෙන්න මොවුන්ගේ හෙළුව ලෝකෙටම පෙන්වනවා. (ස)
ත්රස්තවාදයක් ආරම්බකරන්න තිබිය යුතු සුදුසුකම් මොනවද?(හේ)
ඇයි පොඩි ළමයි මේ දේවල් වලට අල්ල ගන්නේ.(හේ)