නිකරගුවාවේ අගනුවර වන මනගුවා ආසන්නයට උල්කාෂ්මයක් කඩා වැටී අඩි 40 ක් පමණ පළළ,අඩි 16 ක් පමණ ගැඹුරු වළක් හැරී ඇත.
මදක් එහා මෙහා වුයේ නම් උල්කාෂ්මය පතිත වනු ඇත්තේ ආසන්නයේ පිහිටා තිබූ නිකරගුවාවේ ගුවන්තොටුපළට බවත් උල්කාෂ්මය පතිත වීමෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් සිදුව නොමැත.
බෝම්බයක් පුපුරන්නාක් මෙන් මහ හඩක් නැගුණු බවත්, ශබ්දය ඇසුණු තැනට ගොස් බැලු විට වැලි උණූ වී දියර බවට පත්ව තිබෙනුත්, මහා වළක් හෑරී තිබෙනුත් දැකගත හැකිවූ බවත් ප්‍රදේශවාසීහු පවසති.
මෙම උල්කාෂ්මය පසුගියදා පෘථීවිය පසුකරගෙන ගිය 2014 ආර්.සී නම් ඇස්ටරොයිඩයෙන් වෙන්වී ගිය කැබැල්ලක් බවට සැකකෙරේ.
2014 ආර්.සී ඇස්ටරොයිඩය මෑත සමයේ පෘථීවියට ඉතාම ආසන්නයෙන් ගමන් කළ ඇස්ටරොයිඩය වන අතර එය පසුගිය සෙනසුරාදා (06) සැතපුම් 25000 ක් දුරින් පෘථීවිය පසුකළේය.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ 2014 ආර්.සී පෘථීවය සම්පූර්ණයෙන් පසුකර යෑමට ප්‍රථමයෙන් මෙම උල්කාෂ්මය පතිත වී ඇති බවයි.මෙනිසා බොහෝ දුරට එය ඇස්ටරොයිඩයෙන් වෙන්වී ගිය කොටසක් ලෙස සිතිය හැකි බව ඔවුන්ගේ අදහසයි.
එසේනමුත් මෙම උල්කාෂ්මය 2014 ආර්.සී හා කිසිදු සම්බන්ධයක් නොමැති අභ්‍යාවකාශයේ සිට පෘථීවියට නිරායාසයෙන්ම ඇදී ආවක් වීමේ හැකියාවක්ද පවතින බව ඔවුන් කියයි.
අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීමට යොදවා ඇති උපකරණයන්ගෙන් මිදී මෙසේ පෘථීවියට කඩා වැටීමට එයට හැකිවුනි නම් ඉදිරියේදී පෘථීවිය වඩා අභ්‍යාවකාශයේ ඇති වස්තු සම්බන්ධව මීට වඩා අවධානයෙන් සිටිය යුතු වන බව විද්‍යාඥයින්ගේ මතයයි.
2013 වසරේ මෙලෙසම කිසිවෙකුගේවත් අවධානයට ලක්නොවී රුසියාවේ චෙල්යන්බින්ස්ක් ප්‍රදේශයට කඩා වැටී පුපුරා ගිය උල්කාෂ්මයකින් පුද්ගලයෝ 1000 ක් පමණ දෙනා තුවාළ ලදහ.ගොඩනැගිලි කිහිපයකටද අලාභ හානි සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකරගුවාවේ මිනිසුන් තම තමුන්ගේ වැඩ කරගනිමින් , නිකරුනේ කාලය ගත නොකරන,රැකියාවල යෙදෙන ජන කොට්ඨාශයක් බවයි පෙනීයන්නේ.අපේ රටේ නම් මොන ජන ගංගාවක් ගලයිද ,මේ වල බලන්න? (නි)
ඉස්සරහට මොන මොන දේවල් වෙයිද කියන්න බැහැ. (නි)
ගාමිණී, ඔතනට කාටවත් ඇතුළු වෙන්න බැහැ (නි)
හැමවෙලේම තමන්ගේ රට ජාතිය ආගම පහත් කරන අයව අංගොඩ යවන්න ඕනෑ (නි)
ගමගේ,ඇතුළු වෙන්න බැරි වුණත් ලංකාවේ නම් පෙනෙන්නේ නැති වුණත් ඈතට වෙලා හරි ඉන්න මොනතරම් ජන ගංගාවක් ඉන්නවද ? (නි)
මේක නිකං වඩේ එකක් වගේ නේද? තමිල්නාඩුවේ අයට මෙන්න නිජබිම ඔප්පු කරන්න චාන්ස් එකක්.(නදී)
ගාමිණී අමතක කරන්න එපා ඔහෙත් ඒ කන්ඩායමේ කියා (නදී)