නින්දෙන් ගෙරවීම නවත්වාගැනීමට ඔහුටම සැත්කමක් කරවා ගත් ශල්‍ය වෛද්‍යවරයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.
අවුරුදු ගණනාවක් තිස්සේ නින්දෙන් ගෙරවීම නිසා පීඩා විඳ ඇති වෛද්‍ය සැන්ග් සියැන්ග්මින්ග් මෙසේ තම අතින් තමන්ටම සැත්කමක් සිදු කැරගෙන ඇත.
නින්දෙන් ගෙරවීමට හේතුවන්නේ තම දිව පහළට තල්ලූවී ස්වාස නාළය අවහිර වීම යැයි සොයාගෙන ඇති ඔහු කැර ඇත්තේ සැත්කමක් ආධාරයෙන් දිව හරහා යන සේ කුඩා බට දෙකක් සවිකිරීමයි.
රාත්‍රී කාලයේදී මෙම බට දෙක අල්ලා නූලක් ගැටගසන ඔහු නූලේ අනෙක් කෙළවර දත් වල ගැටගසයි. දැන් දිව පහළට තල්ලූ වීමක් සිදු නොවේ.
ඉතා සරල සැත්කමක් වුවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව වෛද්‍ය සැන්ග් කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර දොස්තර මහත්තයෙක්නේ... දිවට අමාරුවක් නැද්ද දන්නේ නෑ නේද.... (දී)
දිව හපාගෙන නිදා ගත්තනම් ඉවරනේ (දී)
මෙයාට කියල බැරිවෙයිද? මගේ මහත්තයටත් ඔපරේෂන් එකක් කරගන්න. අනේ කොපමණ ආදරේ උනත් රැට මගේ කන ලග පත්තුවෙන ජේනරෙටරේ නම් මට ඔෆ් කරගන්න ඕනේ ..! (දී)
අනේ රුපවතියෝ (දී)
සල්ලි යන්නෙත් නැහැනේ (දී)
කව්රු හරි මට කියනවද "ඉබේම " කියන වචනේ හරි පැහැදිලි කිරීමක් . ඉබේම වචනේ ඉංග්‍රීසි වචනය වෙන්නේ "ඔටෝමැටිකලි " කියන එක .ඒ කියන්නේ කිසිවෙකුගේ මැදිහත්වීමකින් තොරව යන්න කියන එක . එතකොට මෙතනට ඒක ගැලපෙනවද ?.මෙතනට වඩා ගැලපෙන්නේ "තමන් විසින්ම" කියන එක නේද ?. හැබැයි මම මිනිස්සු "ඔටෝමැටිකලි " කියන එකට ඉබේම කියන වචනය යොදනවා මීට කලිනුත් දැකල තියනවා. (දී)
මේක නම් ප්රාතිහාර්යයක් (නි)
නුවන්, ඔයා හරි (නි)
මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
ඔය දොස්තර මහත්තයා දැන් ඔහොම කිවුවට ඔතන වෙන රහසක් තියෙනවා ඇති. මම නම් හිතන්නේ ඔහු මේක කරගන්න ඇත්තේ බිරිඳගේ හෝ පෙම්වතියගේ උවමනාවට (නි)