දෙවියන්ට ළං වීමට තණකොළ කෑ පිරිසක් දකණු අපි‍්‍රකාවේ සිටිති. ඔවුන් දකුණු අපි‍්‍රකාවේ ගැරන්කුවාහි ආගමික උපදේශකයෙකු වන ලිසෙගෝ ඩැනියෙල්ගේ අනුගාමිකයෝය.
දෙවියන්වහන්සේට ළං වීමට අවශ්‍ය නම් තණකොළ කන ලෙස ඔහු තම අනුගාමිකයින්ට පැවසීය.දෙවියන් වහන්සේගේ බලයෙන් අපේ බඩගින්න නිවා ගන්න අපිට ඕනෑම දෙයක් කන්න පුළුවන්. එසේම එයින් කිසියම් දෙයක් සිදුවූ විට උන් වහන්සේගේ බලයෙන් අපි සුවපත් වෙනවා’ යනුවෙන් ඔහු කියයි.
ඔහු කී දෙය ඉතා භක්තියෙන් පිළිගත් ඔහුගේ අනුගාමිකයින් කිහිපදෙනෙක් බිම දිගා වී තණකොළ කෑහ. සිත්සේ අනුභව කර පසුව කිහිප දෙනෙක් වමනය කරීමටත්, තවත් කිහිප දෙනෙක් උදරය අල්ලා වැසිකිළියට දිවීමටත් පටන් ගත්තේය.
නමුත් ඔහුගේ වදනට කීකරු වන බොහෝ දෙනෙක් එයින් තමන්ට කිසියම් ප්‍රතිලාභයක් ලැබුනු බව පැවසීය. ඒ අතුරින් එක් අයෙක්ගේ බොහෝ කාලයක සිට පැවතුණ උගුරේ අමාරුවක් සුව වූ අතර තවකෙක් ආඝාතයෙන් පෙළී අවුරුදු 2 ක් අවිදගැනීමටවත් නොහැකි වූ ඔහු තණකොළ කෑ පසු සුව වී ඇවිදින්නට ගත් බව පැවසීය.
එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප පෙළක් මුහුණු පොතේද පළ කරන ලදි. එයට විරුද්ධව බොහෝ පිරිසක් විවිධ චෝදනා එල්ල කරමින් කියා සිටියේ මොහු ආගමට අවමන් කරන බැවින් අත්අඩංගුවට ගත යුතු බවයි. එසේම මිනිසුන්ට සත්තුන්ට කන තණකොළ කවනවා නම් එය කිසි විටෙකත් දෙවියන්ගේ කැමත්තක් නොවන බව ඔවුන්ගේ මතයයි.
‘දෙවියන් වහන්සේගේ වචනය පිළිපඳින මිනිසුන් තණකොළ කා එයට සාක්ෂි දුන්නා.’ යනුවෙන් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් ඩැනියෙල් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරේ හොදම ඡායා රූපය .(අ)
ඒ මොකද ඒ ? (නදී)
මේ වගේ මිනිස්සුන්ට තනකොලත් හොඳ වැඩිද මන්ද ?(දී)
තණකොළ කන්න නොවෙයි මට මේ පින්තුර ටික දකින කොට බඩ දගලනවා (දී)
ටිකක් ඈත්තක් තියෙනවා.තනකොල කන අය ලග තමා දේව භක්තිය වෑඩි. ඔය ඔප්පුකරලම තියෙන්නෙ. (දී)
දැන් බඩුවල ගණන් හැටියට අපිටත් මේකම වේවි ළගදී (දිල්)
එහෙමනම් වැඩියෙන්ම දෙවියෝ ගාවට යනවා ඇත්තේ හරකා වෙන්න ඕන (දී)
මටත් වමනේ යන්න එනවා, මේවා දැකලා (දී)
නොදියුණු මිනිස්සු කරපු මෝඩ වැඩක් (දී)
හරක්ට බත් කන්න දෙමු ඒ සත්තුත් කන්න ඕනෙනේ (දී)
දෙවියන් වහන්සේ මේවගේ දෙයක් කරයි කියලා හිතන්නේ නැහැ (දී)
මේ කතාව දාන්න ඕනේ ලංකාදීපේ දෙයියෝ සාක්කි තීරුවේ (දී)
සත්‍යයේ ඇති විශ්මිත හාස්කම ඔප්පු කිරීමකින් තොරව හෝ ජය ගැනීමයි. අදෘශ්‍යමාන දෙවි කෙනෙක් කිව්වා කියා මිනිසුන්ව ගොනාට අන්දවා තණකොළ කැව්වේ අද ඊයේ විතරක් නොවේ. අප්‍රිකාවේ ද පමණක් නොවේ. වසර 2500 කට වඩා පැරණි දියුණු ශිෂ්ටාචාරයක් තිබු ශ්‍රී ලාංකිකයින්ට පිට දේශවල සිට ආ "දෙවිවරු" අද දවසේ වුව තණකොළ කවමින් සිටිති. (දිල්)
අපා ගත උනත් තණකොළ නම් කන්නැහැ (දී)
ලෝක අහාර අර්බුදයකුත් එනවනේ දැන්ම ඕව කාල පුරුදු වෙන එක හොදයි.නමුත් උම් බෑ කියන්නනම් එපා (අ)
අපේ රටේ නම් මැතිවරණ කාළෙට තමා බොහෝ දෙනෙක් තණකොළ බුදින්නේ. (අ)
දෙවියෝ ලඟට යාම කෙසේ වෙතත් සත්තු නම් තමන්ට ඕන තණකොළ වර්ග ඉවෙන් තෝරාගෙන කාල තමන්ගේ බඩගින්න හා රෝග සනීප කරගන්නවා. සතුන්ට තිබුනත් මිනිස්සුන්ගේ ආහාර මාර්ගයේ තණකොළ ජීර්ණය කරන්න අවශ්‍ය දේවල් නැහැ.(නදී)
එක එක දේවල් ලැබේවි කියල පුන්නක්කු කන හරක් ලංකාවෙත් ඉන්නේ. (නදී)
හෙට අනිද්දා වෙනකොට මේ අය දෙවියන් ළඟට යන්න කියල ලිඳකට පනිවිද දන්නෑ (දිල්)
මේ නිව්ස් එක හරක් දැක්කොත් තමා මරු උද්ගෝෂණයක් පටන් ගන්නේ. අපේ රටේ නම් ගසුත් නගීවි. (නදී)
මිත්‍යා දෘෂ්ටිකයන්. මොලය පෑදේවා! (නදී)
පොල් දමා මැල්ලුමක් විදියට කැවානම් මොකුත් වෙන්නේ නැත. මෙහි ආහාරයට ගන්නා තණපලා නම් පලාවර්ගයක් තියෙනවා .මේවා තණකොළ වර්ගයක්.(නදී)
එහෙනම් දෙවියන්ට ලං වෙන්න තණකොළ කන මිනිස්සු දකුණු අප්රිකාවෙත් ඉන්නව.(නදී)
හරියටම හරි එතකොටවත් මොලේ පෑදෙයි.(නදී)
මෝඩ මිනිස්සු!(දිල්)
දෙවියන්ටත් අගෞරවයක් තමයි මේ මිනිස්සු කරන්නේ (දී)