ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයකට කඩාවැදුණු දිවියකු මහත් කලබගෑනියක් ඇති කළේය.
දිවියා ගම්වැසියන් දැකීමෙන්ද ගම්වැසියන් දිවියා දැකීමෙන්ද එකසේ බියපත්වූ හෙයින් දිවියා හා ගම්වැසියෝ යන දෙගොල්ලෝම හිස් ලු ලු අත දිවගියහ.
ඇතැමෙක් දිවියාට ලී වලින් ඇන පළවා හරින්නට උත්සාහ කළද කෝප වූ දිවියා එවැන්නෙකුගේ පශ්චාත් භාගය සපා කෑ නිසාවෙන් ඔවුහුද ලී බිම අතහැර දිවියාගෙන් පළා ගියහ.
ඒ මේ අත දිව යන දෙපා සතුන්ගේ කලබලයෙන් ගැලවී ගැනීමට දිවියා අවසානයේ නිවසක නාන කාමරය තෝරා ගත්තේය.
පසුව වනජීවී නිලධාරීහු දිවියා නිර්වින්දනය කොට රැගෙන ගියහ.සත්ත්වයා වනෝද්‍යානයකට නිදහස් කිරීමට සැළසුම් කර ඇතැයි සදහන්ය.
වන විනාශය නිසා වන සතුන් ගම්වැදීම ඉන්දියාවේ නිතර සිදුවන්නකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ උනානම් මේ වෙනකොට උගේ මයිලුත් නෑ. (දී)
ලෝකෙම කළු දුමෙන් වැසීගිය... අපායක් වන දින ඉතාමත් ලගයි.... ඔව්... ඉතාමත්ම ලගයි..!! හෙට අනිද්දට බලාගන්න පුළුවන් ලංකාවෙත් වන විනාශයේ ප්‍රතිපල කොහොමද කියල. වෙලාවකට හිතෙනවා බුද්ධිමත්ම මානවයා කියන්නේ නිසැකවම මෙකල මිනිස්සුන්ට නොවන බව. (අ)
මේ සිද්ධිය අපේ රටේ උනානම් මේ සතා මෙලෙහකටත් මැරිලා (දී)