මීට වසර තුනකට පෙර සෞදි අරාබියේ රියාද් නගරයේ විශාල පරිමාණයේ වෙළද ආයතනයක රැකියාවකට පැමිණ රෝගී තත්වයකින් අසාධ්‍යව රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගිය ශ්‍රී ලාංකික තරුණයෙකු වෙනුවෙන් වෙළද ආයතනය විසින් පසුගියදා සෞදි රියාල් 50.000 ක් චෙක්පත ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මහතාට බාර දුන්නේය.
මෙලෙස මරණයට පත්වුයේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචිව සිට මිට වසර තුනකට පෙර සෞදි අරාබියේ රියාද් නගරයේ නෙස්ටෝ සුපිරි වෙළද සංකීර්ණයේ රැකියාවක් සදහා පැමිණි මොහොමඩ් අර්ශාඩ් නමැති (31) හැවිරිදි එක් දරු පියෙකි .
මෙම තරුණයා මෙහි පැමිණ ඇත්තේ තම එකම දියණිය වෙනුවෙන් නිවසක් තනාදීම සදහා බවත් මොහොමඩ් අර්ෂාඩ් නම් මෙම තරුණයා හට මිට ටික කලක සිට බරපතල රෝගයකට ලක්ව රියාද් වෙසෙන ශ්‍රී ලාංකික සමාජ සේවයකු වන අබ්දුල් කාදර් මහතාගේ සම්බධිකරණය සහ සහයෝගය මත රියාද් මුබාරක් රෝහල වෙතත් අනතුරුව ඔබෙයිදා රෝහල වෙතත් වැඩි දුර ප්‍රතිකාර සදහා රියාද් ජාතික රෝහල වෙතත් මාරු අර යවා ඇති නමුත් එහිදී මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටින විටය.
තරුණයාගේ මරණය පිලිබදව කරුණු සොයා බැලූ නෙස්ටෝ සුපිරි වෙළද සංකීර්ණයේ ව්‍යපාර සංවර්ධන අධ්යක්ෂ ඉන්දීය කේරල ජාතික අබ්දුල් නාසර් මහතා සහ එහි එහි අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව මියගිය අර්ෂාඩ් මහතාගේ එකම දියණිය සදහාවූ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ඔහුගේ බිරිද වන ෆාතිමා අනිසා වෙත රියාල් 50.000 (රුපියල් 17.50.000) පරික්ෂණ කළේය.
නෙස්ටෝ හිමිකරු මොහොමඩ් නිලොෆර්,සහ ශ්‍රී ලාංකික සමාජ සේවකයකු වන පානදුර ඇතුල්ගම අබ්දුල් කාදර් මහතාද මෙහි වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සතුටුදායක පුවතක් ගොඩක් දෙනෙක් පිටරට රැකියාවකට යන්නේ තම පවුලේ අයගේ දියුණුව ගැන හිතලයි. සමහර අයට නොසිතු කරදරවලට මුහුණ දෙන්ටත් සිදුවෙනවා. එවැනි තත්වයක් යටතේ උනත් මේවගේ හොඳ ගුණ යහපත් හාම්පුතෙකු යටතේ සේවය කිරීමට ලැබීම නිසා ඒ මියගිය පියාණන්ගේ සිහිනය සබැ වුණා. මෙයට දායක වුණ සැමදෙනාටම බොහොම පින්. (ම)
හොඳ වැඩක්. අසනීපයෙන්, අමාරුවෙන් ඉන්න වෙලාවට පිහිටවෙන එක දේව ගතියක්. විදේශයකදී, භාෂාව දන්නේ නැති රටක, මිනිස්සු හැටියට, අපි අනිත් උදව් අවශ්‍ය අයට පිහිටවෙන්න ඕනෑ. එහෙම පිහිටවෙලා අමාරු අවස්ථාව මඟහැරුනම, අපිට එයින් ලැබෙන සතුට මුළු ජීවිත කාලයටම මතක හිටිනවා. ඒක කොපමණ වටිනවද? (නි)
මොනවා වුණත් කළගුණ දන්නා මනුෂ්‍යයෙක් (නි)
පිටබැද්දර, ටිකක් ඔලුවෙන් හිටගන්න. ඔයාගේ අවයව හරියට නියම තැන්වල පිහිටන්න වාඩිවෙනකොට කල්පනාවෙන් වාඩිවෙන්න (නි)
හොඳ වැඩකට හොඳයි කියන්න ඕනෑ. තාත්තා කෙනෙකුගේ අඩුව මකන්න බැහැ. (නි)
පිටබැද්දර කට ඇරියොත් කියන්නේ ගඳගහන කියමනක් (නි)
හොද දෙයක් කරලා තියෙන එකේ අපි ඒ දේවල් අගයන්න ඕන. අර ඔක්කොම එකම ජාතියේ කියල ජාති වාදය ඇවිස්සපු අයට මම කියන්න කැමති දෙයක් තියෙනවා. පිට රටක වැඩ කරන අපි ළඟ ඔය වගේ ජාතිවාද නැහැ. සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා දමිල හෝ වේවා. අපි හිතන්නේ මෙහෙ ඉන්න හැමෝම ශ්‍රි ලාංකිකයෝ විදිහට. එකම සහෝදර කොටසක් විදිහට. අපි කරපු හැම දේම පත්තර වල පල නොවුනට සහෝදරයන් විදිහට අපගේ සිංහල ජනතාවට අපි අපමණ උදව් කරලා තියෙනවා. ඒ හැම දේම මෙහි ලියන්න ඉඩ මදි. එක වරක් හෝ පිට රට රැකියාවට ඇවිත් ඒ අත්දැකිම විඳගන්න. (අ)
ඔක්කොම එකම ජාතියේ අය නිසා හරි. වෙන ජාතියක කෙනෙක් නම් මොකද කරන්නෙ? (නදී)
අපේ එකෙක් මලත් අපේ එකෙක් උදව් කරන්නේ නැහැ. පෙන්නේ නැද්ද මහින්ද ඉන්න කාලේ මහින්ද කරපු දේවල් (ම)
හොඳ මහත්තුරු කොටසක්. මෙවැනි මරණවලදී සමහරක් ආයතන තියනවා රක්ෂණ වන්දිවත් නොගෙවන කොටසක් (බ)
හොඳ දෙයක්නම් එක වුණේ ජාති දෙකක් අතරද එකම ජාතියක් අතරද කියන එක ප්‍රශ්නයක්ද. ජාතිවාදය සියලු දේට ගාගන්න එපා. (ම)
හොඳ වැඩක්. හොඳ මහත්මයෙක් (නි)
මොන ජාතියක් කලත් අනිත් ජාතිනුත් ආදර්ශයට ගත යුතු හොඳ දෙයක් නේද (නදී)
මෙවැනි ව්‍යසනයකදී සෞදි අරාබියේ වෙසෙන කිසිවෙකුත් ජාතියක් ජම්මයක් කුලයක් මලයක් බලන්නේ නැහැ පිටබැද්දර සහෝදරයා.මේවා අපේ රටට හොද ආදර්ශයක්. (නි)
අර්ශාඩ් නමැති මගේ හිතවත් සහෝදරයා වෙනුවෙන් ඉදිරිපත් වී ඔහුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමේ සිට, මරණයෙන් පසු රක්ෂණ වන්දි ලබාගන්නා තෙක් සියලු වැඩකටයුතු තමන්ගේ කරටගෙන දිවා රාත්‍රී නොබලා සහයෝගය දැක්වූ රියාද් වෙසෙන ශ්‍රී ලාංකික සමාජ සේවයකු වන අබ්දුල් කාදර් මහතා ඇතුළු සියලුම ශ්‍රී ලාංකික සහෝදරයන්ට මගේ උත්තමාචාරය! (නි)
ඇත්තටම මෙන්න මිනිස්සු! (නි)
මට ජාතිවාදී ලේබලේනම් ගහන්න එපා ඔන්න , මෙතන ඔක්කොම එකම ජාතියක් නිසා මේක එ් තරම් ලොකු දෙයක් නැහැ , හැබැයි වෙන ජාතියක කෙනෙකුට මේ වගේ දෙයක් කළානම් අපිට තිබුන ඇත්තටම හිතන්න (බ)