පවුල් පිටින් දිය යට නවාතැන් ගැනීමට ඉඩ සැළැසෙන කාලය වැඩි ඈතක නොවන සෙයකි.ඒ දිය යට ඉදිකෙරෙනා හෝටල් සංකීර්ණයකට ඩුබායිහිදී පිඹුරුපත් සැකැසෙමින් ඇති බැවිනි.
මේ හෝටල් සංකීර්ණයේ නිර්මාණ කටයුතු භාරව කටයුතු කරන්නේ ‘‘ඩීප් ඕෂන්‘‘නම් පෝලන්ත සමාගමකි.දැනට ඉදිරිපත් කර ඇති සැළැස්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක රූප රාමු සිහිගන්වයි.දිය යට හා උඩ හෝටල් සංකීර්ණ දෙකක් ඉදිකිරීමට නියමිත අතර දිය යට හෝටල් සංකීර්ණයේ කාමර 21 ක් ඉදිකරෙනු ඇත.මිට අමතරව කිමිදුම් මධ්‍යස්ථානයක් අවන්හලක් හා ‘‘දිය යට තැබෑරුමක්ද‘‘ මෙහි ඇතිකිරීමට සැළැසුම් කර ඇත.
හදිසි අවස්ථාවකදී වහා දිය මතුපිටට පැමිණීමට හැකි වන පරිදි දිය යට සංකීර්ණය නිර්මාණය කර තිබේ.
මේ හෝටල් සංකීර්ණය මිනිස් ජනාවාස ඉදිකිරීම නවතම මානයකට ගෙන යනු ඇති බවද ඉදිරියේදී දිය යට නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඇති හැකියාව පිළිඹද සොයා බලන බවද නිර්මාණකරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔසෑම් මහත්තයෝ අප්‍රිකාවේ මිනිසුන්ට ඒ විදියට සලකන්නේ ඒ මිනිසුන් පත්කර ගත්තු දූෂිත ආණ්ඩුවලින්.. ලෝකෙ ව්‍යාපාර තියෙන්නේ වෙළදාම් කරන්න.. දන්සැල් දෙන්න නෙමෙයි.!(නු)
හරිම ලස්සනයි. දවසක් හරි මෙහි ජීවත් වෙන්න ඇත්නම්.....(ස)
කොයි තරම් ලස්සන දේ හැදුවත් එයාලා මහ දුෂ්ඨ මිනිස්සු. මටනම් පිලිකුල් (ස)
මේ හෝටලේ ඕනෑම වෙලාවක ඇදලා ගොඩට ගන්න පුලුවන් විදියට හදනවා කියලා කියන්නේ ඇත්තද? (නි)
මාරයි නේද? (නි)
ලොකු තල්මහෙක් ඇවිල්ලා ජනේලෙට තට්ටු කළොත් පණ අපා කියලා නිදි ඇදුමෙන්ම දුවන්න වෙයි.. ඒකත් හරි කොහේ දුවන්නද? ඔයා මුහුද යටනේ..!(නු)
මා දන්නා පරිදි නුදුරු දිනකදි තෙල් සම්පත ඉවර වෙනබැවින් ඊට ප්‍රථමයෙන් සූදානමක් වශයෙන් සංචාරක කර්මාන්තයට නගා සිටුවීමට ඩුබායි රජය කටයුතු කරයි.. (නු)
සුනාමියක්වත් ආවොත් ඉවරයි (ස)
රටක් දියුණු කරන්න මොන තරම් දේවල් ඩුබායි වල කරනවාද?(නු)
ලාල් මහත්තයෝ ඩුබායි වග පිටින් ගිහින් ඉන්න කාටවත් පුරවැසි බව නෑ. එයාලා දෙන්නෙත් නෑ (ස)
ඔසෑම් මහත්තයෝ අප්‍රිකාවෙ අයට සළකන්න තමයි එහෙ ආණ්ඩු තියෙන්නෙ..!(නු)
ලෝකයේ වෙළද සංගම් තියේනනේ වෙළදාටම මිස දන්සැල් දෙන්න නෙමෙයි.. (නු)
මේ ව්‍යාපෘතිය ලංකාවේ සිංහල අයගේ ආයතනයකට දෙන්නයි තිබුණේ. (නි)
මිනිසුනේ .. දක්ෂ වැඩ අගය කරන්න පුරුදු වෙන්න , මේක ලංකාවේ කෙනෙක් කරානම් කොච්චර පුරාජේරු ගහනවද ඔයාලා (ස)
මේවා කලාට කමක් නෑ. පරිසරය විනාශ කරන්නේ නැතුව (ස)
අප්‍රිකානුවන්ට හිතන්න බැරිද මේ පිළිබදව..!(නු)
ඒගමන දිය යට හෝටලේ තැබරුමකුත් අරින්න යනවලු, අහන්න දෙයක් ඉතින් අනිත් ඒවා ගැන. (නු)
රටකට ආදරය කරන හැටි අපේ ඇත්තෝ බලාගනිත්වා..!(නු)
රටකට ආදරය කරන හැටි අපේ ඇත්තෝ බලාගනිත්වා..!(නු)
මේ වගේ දේවලට තමාගේ රටේ මුදල් පරිහරණය කලාට මොකද වෙන්නේ..!(නු)
ඩුබායි තව දුරටත් මුස්ලිම් රටක් නොවේ. (නි)
දිය යටින් ගින්දර ගෙනියන කාලේ ඕකත් කජ්ජක්ද ? (ස)
අප්‍රිකානු මුස්ලිම් රටවල වාර්ගක යුද්ධ ඒ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ, මරෙණවා. මේ මුදල් ඒ රටවලට දුන්නා නම් මොකද වෙන්නේ. (ස)