බොහෝ දුම්බොන්නන් දුම්බීම අත්හැරීමට පෙළඹෙන්නේ ඔවුන් තම සෞඛ්‍යට වඩා පෙනුම මුල් කොට සළකන හෙයින් යැයි නවතම සමික්ෂණයකින් හෙළිව තිබේ.
දුම්බීම අත්හැර පුද්ගලයින් 1500 ක් යොදාගෙන සිදුකර ඇති මේ සමික්ෂණයෙන් ඔවුන්ගෙන් බහුතරය දුම්බීම නිසා තම පෙනුමට සිදුව හානිය ගැන සිතා දුම්බීම අත්හැර ඇතැයි අනාවරණයව වී තිබේ.
නොකඩවා දුම්පානයෙහි යෙදෙන්නන්ගේ සම රැළි වැටීම,දත් කහ පැහැ ගැන්වීම,මුහුණ අව පැහැ ගැන්වීම,නියපොතු කඩතොලූ වීම වැනි ලක්ෂණයන් ඇති වේ.
දුම්පානයේ ආදීනව ගැන බොහෝ කරුණු තිබෙතත් ඒවා සියල්ලක්ම පාහේ සෞඛ්‍යමය කරුණු අරබයා ඉදිරිපත් කළ ඒවා බවත් දුම්පානය නිසා පෙනුමට සිදුවන හානිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරී නොමැති බවත් සමික්ෂණය කළ බි්රතාන්යයේ වි.අයි.පී. විද්‍යුත් දුම්වැටි නිෂ්පාදක සමාගමේ අදහසයි.
දුම්පානය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු උදෑසන මුහුණ බලන කණ්නාඩියෙන් නොපෙනන නිසා දුම්පානය කරන්නන් දුම්පානය අත්හැරීම කෙරෙහි වඩාත්ම යොමු කරවන්නේ පෙනුමේ සිදුවන වෙනස්කම් බව සමීක්ෂණයට ලද ප්‍රතිචාර වලින් පෙනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි සමහර රටවල ගෑණූ අය නම් දුම් බොන්නේ කෙට්ටු වෙන්න ඕන කියලලු. අනේ මන්ද. (දිල්)
සමන් විද්‍යාවට අනුව දුම් බිම නිකොටින් වලට ඇබ්බැහි වීමක් පමණක් නොවේ. එය නිතර සිගරට්ටුව කට තුලට දමා ගැනීමේ බෞතික පුරුද්දක්ද වේ. නිකොටින් ඇබ්බැහිය නැති කලත් බෞතික පුරුද්ද නැති කිරීමට කලක් ගතවේ. ඒ බැවින් දුම්පානය අත් හැරීමට උත්සහ කරන්නන් නිතර රස කැවිලි අඩිය ගැනීමට පෙළබේ. එය ස්තුල භාවයට හේතුවකි.(නදී)
විද්‍යාවේ කියන විදියට දුම්කොලවලට වඩා ගංජා අගැට කරන විනාසේ අඩුයි.නමුත් ගංජා හැමතැනම වැවෙන නිසාත්,ඕනෑම කෙකෙක්ට ඉතා පහසුවෙන් පානය කල හැකි නිසාත් එයින් ආණ්ඩු වලට බද්දක් අය කිරීම ප්‍රයෝගික නැත. (අ)
මම එක්කත් ඒ අය හිටියා. මැරුනේ හතර මහා දුක් විඳලා. ගෙවල් වල අයට කරදර කරලා තමයි දුම් බොන්නේ. ඒ මගේ පාප මිත්‍රයෝ(නදී)
දුම් බොන ගොඩක් අය මෝඩ ගති හා අඩු මානසික ගතියක් තියන අය. මේ අය කවදාවත් අඳුරෙදි දුම් බොන්නේ නැහැ. අනුන් ඉස්සරහ ලොකුකමක් ගන්න තමයි මේ වැඩේ කරන්නේ.(නදී)
ලංකාවේ වෙලා තියෙන්නේ දුම් බොන්න සල්ලි නැතුව මුහුණ රුයිතෙට යන එක.(දිල්)
රුයිතෙට ඉතුරු උනොත් ඇති (දී)
සිගරට් බොන කෙනෙක් ගාව හිටියත් වමනේ යනවා (දී)
මරුව තමන්ම ලංකර ගන්නවා (දී)