දෙපයින් නැගී සිටීමටත්, තත්පර ගණනකදී මෝටර් රථයක් බවට පත්වීමටත් හැකි අපූරු රොබෝවෙකු නිර්මාණය කිරීමට ජපාන සමාගමක් සමත්ව තිබේ.
වරෙක සාමාන්‍ය රොබෝවෙකු සේම දෙපයින් ඇවිද යන මේ රොබෝවා විධානය ලබා දුන් සැණින් තම හිස ඉදිරියට නමා,දෙඅත් ඉදිරියට ගෙන පහළට නැවී මෝටර් රථයක් බවට පරිවර්තනය වේ.
ඇවිද යන විට පැයට කිලෝමිටර 1 ක වේගයක්ද මෝටර් රථයක් බවට පරිවර්තනයවූ විට පැයට කිලෝමිටර 10 ක වේගයක්ද මෙම රොබෝවාට ඇතැයි සඳහන්ය.
රොබෝවා 16.4 ක් උසට නිර්මානය කිරීමට සැළසුම් කර තිබෙන අතර දැනට ආදර්ශයක් ලෙස නිර්මාණය කර තිබෙන මේ රොබෝවාගේ උස අඩි 4.3 කි.
මෙවැනි රොබෝවරුන් පර්යේෂණ කටයුතු,දිවි ගලවා ගැනීමේ කටයුතු සදහා යොදාගත හැකි බව විද්වත්හු පෙන්වා දෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! අපෙත් ඉන්නේ... ගමට ආවිට මල්මාලා මැද්දේ පැයට කිලෝමීටර 1යි. ඔය සංකල්පය ජපනා හොරකම් කරලා තියෙන්නේ අපෙන් (නි)
මම නම් මේ වගේ දේවල් දැක්කේ ඉංග්‍රීසි චිත්‍රපට තුලින්. දැන් දැන් හැබෑවටම දකින්න අහන්න ලැබෙනවා මේ රොබෝ ගැන (නදී)
අප අය ට ඕක හම්බුනොත් මස් කරයි ජපනයටවත් හොයාගන්න බැරි විදිහට (බ)
ජපනා හපනා. (අ)
හරි හරි ඔහොම ඉන්න අපේ එවුනුත් හෙට අනිත්දට ජපනත් පරද්දයි වේගා හැදුවට පස්සේ ..... එතකොට තමයි ජපනාට අඩන්න වෙන්නේ.....(ස)
මෙහෙත් ඉන්නවා උදේට දෙපයින් ගොස් සවසට බාර් එක ලඟදි පාද හතරක් වෙන.(හේ)