තුවාල වූ විට ඉබේම සුවපත් වීමේ සමත් කෘත්‍රිම මාංශ පේෂී විශේෂයක් නිපදවීමට ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්වවිද්යාශලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිතිග
මෙම මාංශ පේෂීන් ස්වභාවික මිනිස් මාංශ පේෂීන් හා සම වන බවත් වෙනසකට ඇත්තේ ඒවාට නැවත නැවත දලූලා වැඩෙන බවත් පර්යේෂකයෝ කියතිග
ඔවුන් මේ දිනවල පර්යේෂණ කරමින් සිටිනුයේ මෙම මාංශ පේෂීන් මිනිස් සිරුරට බද්ධ කළ හැකි හොදම ක්‍රමය සොයා බැලීමටයිගදැනට මිීයන් ආධාරයෙන් සිදුකර ඇති පර්යේෂණ වලින් වලදී සාර්ථක ප්රයතිඵල අත්කර ගැනීමට ඔවුහු සමත්ව ඇත්තාහග
මිීයන්ගේ සිරුරු වලට මෙම මාංශ පේෂීන් බද්ධ කර ඒවාට තුවාළ සිදුකර නිරීක්ෂණය කිරීමේදී තුවාළ වසාගෙන යළිත් මස් වැඩෙනු දැකගත හැකිවූවේයැයි ඔවුහු පවසතිග
මෙම මාංශ පේෂීන් වලට මෙසේ යළි වැඩීමට හැකියාව ලැබී ඇත්තේ ඒවායේ අන්තර්ගත කර ඇති විශේෂ ෙසෙලයක් නිසා බව පැවසේග
අතීතයේදීත් මෙවන් නැවත වැඩෙන මාංශ පේෂීන් ලොවට හදුන්වාදීම සිදුවුවද ස්වභාවික මාංශ පේෂීන්ට සෑම අතින්ම සම වන කෘතිම මාංශ පේෂියක් නිපදවා එයට නැවත වැඩීමේ හැකියාවද ලබා දී ඇත්තේ ප්රනථම වතාවට බව සදහන්යග
පර්යේෂණ කටයුතු සාර්ථක වන්නේ නම් ඉදිරියේදී තුවාළයක් සිදුවූ විට පීඩා විදිමින් සිටීමට අවශ්යත නොවනු ඇතග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ ඉන්නෙ තුවාලයක් වුණහම සදහටම ඒ තුවාලය හිලක් වගේ තිබෙන අයද? එහෙනම් ඒ අනිත් රටවල් වලට කරන කෙනෙහිලිකම් වල විපාක වෙන්න ඇති. අපිට නම් ස්වභාව ධර්මයෙන්ම ඒ දායාදයක් ලැබිලා තිබෙනවා. ඉස්සර නම් නවමු පර්යේෂණයක් ගැන කිව්වාම අපිට ගොඩක් ආඩම්බරයි. දැන් නම් බයයි. මොකද අද කන හාල් ඇටෙත් වස!!! ඔන්න ඕකයි බටහිරයන්ගේ සොයාගැනීම් වල ප්‍රතිපල. (නි)
කෘත්‍රීම මාංශ පේෂී ඕනේ නැහැ. අතුරු ආබාධ කෝටියයි. ඒත් කොහොමත් පිටරට දේ ලොකුයිනෙ අපේ අයටත්.. මං දැකලා තියෙනවා මම ගාලා තියෙනවා සිංහල බෙහෙත් බඩු කඩවලින් දෙන තෙලක් නම මතක නැහැ. ගෑවාම ඕනම සුලු තුවාලයක් ඉක්මණින් හම හා වෙනවා. එච්චර ගාණකුත් නැහැ. (ස)
උසස් සොයා ගැනීමක්. රිය අනතුරු,හදිසි අනතුරු වලින් චප්ප වෙන කුඩු වෙන තත්වයන්ට ඉතා හොඳ වෙයි. විලියම් සහෝදරයා, ඉරිසියා කර කර නොඉඳ අර උද්ඝෝෂණ කර කර ඉන්න අපේ ආයුර්වේද මල්ලිලට ගිහින් කියල බලන්ට පරේෂණ ගවේෂණ කරලා ඔය කල්ක චුර්ණ නුතන යුගයට සරිලන ලෙස වැඩි දියුණු කරන්නට කියලා. (ස)
සකුරා, ඔයාට ඇමරිකාව හැදුවොත් ඉස්තරම්. නමුත් ලංකාව කළොත් ඒක කිසිම වැඩක් නැහැ. ඕවා ප්රචාරක වැඩ. එක පාරක් ඇමරිකාව යුද්ධ වලදී ප්‍රයෝජනයට ගන්න පුළුවන් ලේ කුඩු පැකට් හැදුව කිව්වා. ඒකට පිරිසුදු වතුර විතරයි දාන්න ඕනේ. කෝ දැන් ඒවා? තමන් ගොඩක් දියුණුයි කියල පෙන්නන මොනවා හරි කියනවා. අර විලියම් කිව්වා වගේ කැටවල තෙල් ටිකක් ගෑවම තුවාලවල මස් ලියලනවා. මගේ එහෙම වෙලා තියෙනවා.(නදී)
කවුද හිතුවේ රැහැන් ඇති දුරකථන ගැන.රැහැන් නැති දුරකතන ගැන. විවිධාකාර බද්ධ කිරීම්, ප්ලාස්ටික් ශල්‍ය කර්ම මෙකි නොකී මේ හැම දෙකම විශ්වාස කළ නොහැකි දේවල් හැටියට තමා සඳහන් වෙන්නේ. හරියට විලියම් කිවා වගේ. (ස)
රට ජාතිය මොනවා වුණත් මේ වගේ සොයාගැනීම් ඉතාම වැදගත් දෙයක් හැටියට මම නම් දකින්නේ. දියවැඩියාව තිබෙන මනුස්සයෙක් අනතුරකට ලක්වෙලා තුවාල හොඳ කරගන්න අවුරුදු ගානක් දුක් විඳිනවට වඩා මේ වගේ දෙයකින් ඒ මනුස්සයා සනීප කරන්න පුළුවන් නම් හොඳ නැද්ද? (නි)
මම නම් හිතන්නේ මේකෙන් වැඩිපුරම වාසි සැළසෙන්නේ දියවැඩියා රෝගීන්ට (නි)
අපේ මුතුන් මිත්තෝ ඕවා සොයා ගත්තේ මීට අවුරුදු දහස් ගණනකට පෙර නේද? (නි)
මැරෙන්නේ නැති අමි එකක් හදාගෙන අපිට වගේ රට වලට ගහන්ඩ හිතනවද දන්නේ නැ. අපිත් අර තෙල් බෙහෙත කාලීනව දියුණු කරලා හදමුද එහෙම අාමි එකක්? (නදී)
සකුරා ඔබ කියන දෙය තේරුම් ගන්න මිනිස්සු ලංකාවේ නැහැ.(දිල්)