අත් සතරකින් හා පා සතරකින් යුතු පිරිමි දරුවෙක් නැගෙනහිර ඉන්දියාවේ බරුයිපූර් ප්‍රදේශයේ උපත ලබා සිටී.
දෙමව්පියන් මෙන්ම ප්‍රදේශවාසීන්ද දැනටමත් මේ දරුවාට දේවත්වයක් ආරූඪ කර ඇත.දරුවාට නම් තබා ඇත්තේද ‘‘ගෝඞ් බෝයි (දේව දරුවා)‘‘ ලෙසය.
දරුවා බැලීමට දස දෙසින් ජනතාව පැමිණෙමින් සිටින බවත් ඔවුන් පාලනය කිරීම ඉතා අපහසු බවත් ප්‍රදේශයේ පොලිසිය කියයි.
වෛද්‍යවරුන් පවසන්නේ දෙබිඩි දරුවෙකු උපත ලැබීමට තිබෙද්දී ඇතිව ඇති විකෘතිතාවක් නිසාවෙන් දරුවා මෙසේ උපත ලබා ඇති බවයි.වැඩිපුර ඇති ගාත්රා ඉවත් කර දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකි බවද ඔවුන් කියයි.
නමුත් දරුවාගේ දෙමව්පියන් මෙන්ම ඔහු වටා ගොඩනැගෙමින් සිටින අනුගාමීන්ද ඊට අකමැතිය.මේ දරුවා දෙවියන්ගෙන් ලද සළකුණක් යැයි ඔවුහු දැඩිවම විශ්වාස කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංග සම්පුර්ණ ශරීරයක් ලැබීම කුසල කර්මයක ප්‍රතිපලයක් විකෘර්ති ශරීරයක් ලැබීම අකුසල කර්ම විපාකයක් මේ උපත පෙර ඔහු විසින්ම සිදු කරන ලද බලවත් පාප කර්මයක විපාකයක් (ස)
අනාගතය ගැන සිතන්න (නදී)
ස්කන්ද කුමාර දෙවියෝ නැවත ඉපදිලා වගේ .(හේ)
ළමයා හිගන්නාගේ තුවාලේ වගේ කර ගනිද?(හේ)
මේ දරුවාගේ ඔපරේෂන් එකට දෙමාපියන්ගේ සිතේ කැමැත්ත පහළවේවා ..!(හේ)
මුලා සිහියෙන් මිනිසුන් මේ දරුවට දේවත්වයක් ආරූඩ කළත් බුදුරජාණන් වහන්සේ වේදසිටියානම් දේශනාකරවී මේ දරුවගේ පාපකාරී විපාකය. මේ දරුවා විදින්නේ දුකක්. මිනිසුන් දේවත්වයක් ආරුඩ කලත් කව්ද කැමති මේ වගේ උපතකට. සත්වයාගේ දායාදය ,ඥාතියා , පිළිසරණ කර්මයි. යහපත් කර්මයක් කළොත් යහපත් විපාක. අයහපත් කර්මයක් කළොත් අයහපත් විපාක ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලේ. (බ)
ඉන්දියවෙ සමහර පැති වල ඉන්නව ඔය වගෙ මෝඩ විදිහට හිතන මිනිස්සු. ඒවා ඉතින් කවදාවත් හදන්න බැහැ(අ)
මේ විදිහට විකෘති ශරීර තියෙන අයගේ පින්තුර සහ ප්‍රතිමා අපේ රටේ කොයි තරම් වන්දනාමානයට පත් වෙනවාද. මෝඩයන්ට ඥානය පහළවේවා ! (අ)
අවාසනාවකි, සුවපත් වේවා ! (අ)
අනේ පව් නේද.. ! (ර)
මමනම් හිතන්නේ මේක පවක් කියලා. (ස)
මේ වගේ දරුවන් ඉපදෙන්නේ පිනකට නෙවෙයි කියලයි මමනම් දන්නේ. (ස)
කාලයෙන් කාලයට මේ වගේ මිනිසුන් විවිධ දේවල් කරනවා. ලංකාවෙත් මිනිසුන් රවටන අය ඉන්නවා (නි)
ඕක හම්බකරගන්න හොඳ අවස්ථාවක්. ඉන්දියන් අය සල්ලිවලට නොකරන දෙයක් නැතිතරම්. වකුගඩු පෙනහළු පවා විකුණලා මත්පැන් බොනවා. (නි)
මේ විදියට බැලුවොත් එහෙම අපිට ඉන්දියාවේ දෙවිවරු කොහොමද ඇති උනේ කියල හිතාගන්න අමාරු වෙන්නේ නෑ.. පවු ඒ දරුවා .. (අ)
දරුවාගේ ජිවිතේ ගැන නොසිතා එක එක මන්සගාත ඔලුවේ පුරෝගෙන. (ර)
මේ බබා දෙවියෙක් වෙන්නේ කොහොමද? මේදරුවගේ අමතර අත් හා දෙපා ශල්‍යකර්මයකින් ඉවත්කොට සාමාන්‍ය දරුවෙකුවසේ ජීවත්වන්නට ඉඩ ලබාදිය යුතුය. නැතිනම් මේ දරුවා සදාකල් අබ්බගාතයෙක් වේවි. (ර)