වයඹදිග පාකිස්තානයේ හමුදා මුරපොළකට තලෙයිබාන් සටන්කාමීන් ඊයේ(29) එල්ල කළ ප්රහාරයකින් හමුදා භටයෝ හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සුරන්ග් බාබා සියාරට් ග්රාමයේ පිහිටි හමුදා මුරපොළ වෙත කඩා වැදුණු අත්බෝම්බ සහ රොකට්වලින්වලින් සන්නද්ධ සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප්රහාරය එල්ල කරනු ලැබ ඇත. එහිදී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම්වලින් සටන්කාමීන් දස දෙනෙකු ද මිය ගොස් ඇති බව වාර්තා වේ. පාකිස්තානයේ ගෝත්රික ජනයා වාසය කරන වසිරිස්තාන් ප්රදේශයේ අල් කයිඩා සංවිධානය හා සම්බන්ධ සටන්කාමීන්ගේ කඳවුරු පිහිටා ඇත. මෙම සටන්කාමීන් මර්දනය කරන ලෙසට පාකිස්තාන රජයට ඇමෙරිකාවෙන් නිරතුරු බලපෑම් එල්ල වේ. එහි ප්රතිඵලයක් ලෙස කි්රයාත්මක කළ මෙහෙයුම්වලින් පාකිස්තාන හමුදාභටයන් 3000ක් පමණ මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd