තුවාලයක් තත්ත්පර 15 වැනි කාලයදී සුවපත් කිරීමේ සමත් යැයි පැවසෙන අමුතුම ආකාරයේ සිරින්ජයක් ඇමරිකාවේ රෙව්මෙඩෙක්ස් නම් සමාගම නිපදවා තිබේ.
මෙම සිරින්ජයේ අන්තර්ගත වන්නේ විශේෂයෙන් සකස් කළ ඉතා කුඩා ප්‍රමාණයේ ස්පොන්ජය සියගණනකි.තුවාළයක් සිදුවූ විට එහි මුවවිටට සිරින්ජය තබා ‘එන්නත්‘ කළ විට එහි වන මේ ස්පෝන්ජය තුවාලය මත පතිතවී ප්‍රසාරණය වේ.එවිට තුවාලය බාහිර පරිසරයෙන් ආවරණය වනවා සේම මෙම ස්පෝන්ජයේ අන්තර්ගත වන රුධිර කැටිගැසුම්කාරයක ක්‍රියාකාරීත්වය නිසා රුධිරය කැටි ගැසී රුධිර වහනයද නැවතේ.
මෙය නිර්මාණය කර ඇත්තේ යුද බිමේ තුවාල ලබන භටයින් ඉලක්ක කරගෙනය.වෙඩි වැදී සිදුවන බරපතල ගණයේ තුවාල වලින් රුධිර වහනය වීම නවතා වැඩිදුර ප්‍රතිකාර ලබා දෙන තෙක් තුවාල ලැබූ පුද්ගලයා සුරක්ෂිත කිරීම මෙම උපකරණයේ කාර්යයයි.
සිරින්ජය නිශ්පාදනය කළ රෙව්මෙඩෙකස් සමාගමට පර්යේෂණ කටයුතු සදහා මූල්‍ය පහසුකම් සපයා ඇත්තේද ඇමරිකා ආරක්ෂක අංශයි.
මේ වනවිට සිරින්ජයට අවැසි තත්ත්ව සහතිකයින් ලබාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර සාමාන්‍ය ජනතාවට භාවිතයට ගත හැකි වනසේත් මෙය ඉක්මනින්ම වෙළදපොළට නිකුත් කිරීමට රෙව්මෙඩෙක්ස් සමාගම අපේක්ෂාවෙන් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හදන්න සතුන් කී දෙනෙකුට වෙඩි තිබ්බද දන්නේ නැහැ.. (දී)
නියම වැඩක්.(නදී)
රටේ දැන් යුද්ධයක් නොමැති නිසා මේක ඒ තරම් අවශ්‍ය තාවයක් නැති වේවි. නමුත් හදිසි අනතුරු වලට ලක්වෙන අයට සුදුසු වේවි. (නදී)
මේක ලොකු තුවාල වලට විතරයි පාවිච්චි කරන්නෙ. සාමාන්‍ය භාවිතයට ගන්න බැරි කතාවක් බ්ලොග් අඩවියක සදහන් කරලා තිබුණා. තිලක්, ඔයාගේ ප්‍රතිකාර ක්‍රමය ටිකක් දියුණු කරන්න තිබ්බා නම් තමයි හොද. (නදී)
ඉතා හොද සොයා ගැනීමක්. i(දිල්)
දම්මලා වගේ උන්දලා ඉරිසියාවට විකාර දොඩවනවා.... ඕක අපේ එකෙක් කළා නම් හු තියයි දෙකක් වෙන්න. (නදී)
මිට කලින් මේක අවා නම් අපේ රණවිරුවන්වත් බේරා ගන්න තිබුන (දී)
තිලක්, කොලා නේද වැඩේ ? දැන් ඉතින් අක්මල්ල ගස් ටිකටත් දෙවියන්ගේම පිහිටයි (අ)
ටිකක් විමසිල්ලෙන් ඉන්න. ඕවයේ අතුරු අබාධ දැනගන්න වෙන්නේ තව අවුරුදු ගණනාවකින්. ධම්ම කියන දේ ගැනත් සලක බලන්න ඕනේ. අපේ දේ අපේ අයට අගේ නැති බව ප්‍රතිචාර වලින් පේනවනේ.එකෙන් ප්‍රයෝජන ගන්නේ නොරටුන්. (අ)
හොඳ සොයා ගෑනීමක් (දිල්)
නියමයි. දැන් ඉතින් කඩු කිනිසි කාරයින්ට මොකට බය වෙනවද? සිරිංජරයක් නිතරම ළඟ තබා ගන්නවා.(නදී)
ටිකක් හොයලා බලන්න අක්මැල්ල ශාඛ සාරයට පේටන්ට් අරන් තියෙන්නේ මෙයාලාද කියලා.(දී)
නියමයි නේ දැන් ඉතින් තුවාල කර ගන්න මකට බය වෙනවද?
ඉතා හොද නව සොයා ගැනීමක්, යුද්ධයේදී භාවිහා කරන්න සුදුසුයි (දී)
මේක ස්ථීර පිලියමක් නොවෙයි වෙන්න ඕන. තුවාලෙට නිසි ප්‍රතිකාරයක් ලැබෙනතුරු විතරයි මට හිතෙන්නේ. නැතුව ස්පොන්ජ් ටික ඇතුලේ තියෙද්දී උඩින් තුවාලේ වැහුනොත් ? අනික මිල කොහොම වෙව්විද දන්නේ නැ. ලංකාවට ගේනකොට (දී)
එම බේත මීට කලින් නිෂ්පාදනය කරලා තිබුණා නම් මේ ඡන්ද කාලෙට හෝ උද්ඝෝෂණ වලට ප්‍රයෝජනවත් කියල මට හිතනවා.(අ)
තිලක් , මේක 21 වන සියවස .......(අ)
තිලක්, ඔබ කියන්නේ ඇත්ත වෙන්න පුලුවන්. නමුත් මෙවැනි සිරිංජයක වටිනාකම නම් ඕනැම තැනක රැගෙන යා හැකි වීමත් සහ බෙහෙත් පැලෑට් ගැන නොදන්නා කොනෙකුට පහසුවෙන් පාවිච්චි කිරීඹත් යන දෙකයි.(නදී)
මීට සමාන අයුරින් ක්‍රියා කරන ආයුර්වේද බෙහෙතක් තියෙනවා. අක්මැල්ල දළු තලා තුවාලයට යුෂ දමන්න. ඉන් පසු අතින් තද කර අල්ලාගෙන ඉන්න තත්පර 30 කදී ලේ නැවතී.. අධික රුධිරය ගලන මහා තුවාලයක් වුවත් බිය විය යුතු නෑ. කැලේදී පොරව පහරක් වැදී කකුලේ ප්‍රධාන නහරයක් කැපී ලේ ගලන පුද්ගලයෙක්ගේ ලේ නැවැත්තුවා අපේ ගම්වල හැමෝම මේවා දන්නවා. (නදී)