අවසාන මොහොතේදී ඇඳ සිටි කලිසම අතට හසුවීම නිසා තට්ටු හයක ගොඩනැගිල්ලකින් බිමට පැන්න තම ස්වාමියාගේ ජීවිතය බේරා ගැනීමට චීනයේ චැන්ග්චුන්ග් ප්‍රදේශයේ කාන්තාවක සමත්වූවාය.
ඇයගේ කෑගැසීම අසා රැස්වූවන් පොලිසිය දැනුම්වත් කිරීමට කටයුතු කළෝය.
පොලිස් නිලධාරීන් පැමිණ සැමියා බේරා ගත්හ. සැමියාව බිමට වැටීමට ඉඩ නොදී ඔහු ඇඳ සිටි කලිසමෙන් අල්ලාගෙන සිටියාය.
මානසික ව්‍යාකූලතාවයකින් පසුවන්නේයැයි සොයාගෙන ඇති හෙයින් බේරාගත් සැමියා දැන් සිටින්නේ රෝහලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ බිරිදක් (නි)
යකඩ ගැහැනියක් නේ. ආදරයට ඕනෑ පර්වතයක් වුණත් උසුලන්නා පුළුවන් (නි)
මේ මනුස්සයා මෙහෙම අතට අහුවුණු ගමන් එකපාරටම රෝහලකට යවලා කරදර කිරීම වැරදියි. අඩුම තරමේ මාස 3 වත් කාලයක් දුන්නා නම් නේද හොද? (නි)
ඒ කලිසම ලංකාවේ එකක් වෙන්න පුළුවන්
චීන මහා ප්‍රාකාරය ලෝකයේ පුදුම හතෙන් එකක් කියනවා වගේම නුතනයේ පුදුම දේවල් ලෝකයට කියාපෑමට චීනය සමත්වෙනවා, අභ්‍යාව කාශයේ සිට සජීවී ලෙස ඇමතීම,වැසිකිලි බටෙන් බිලිඳෙක් පණපිටින් එලියට ගැනීම.තම යහළු සැමියා සමග උරණවී කාන්තාවක් මහා දවාල්යේ නිර්වස්ත්‍රව මහා මාර්ගයේ ගමන් කිරීම, මේවා පුදුම , 8,9,10 කරන්නට චීනය උත්සාහ කරන්න යනවද මන්දා...(දී)
ඔහුට ඉක්ම සුවය. කලිසමේ බ්‍රෑන්ඩ් එක ඉක්මනට ලංකාවේ සුපිරි ඇදුම් අළෙවි සැළකට එවන්න. (නි)
කලිසම චීනයේ වෙන්න බැහැ තමා. මොකද චීන බඩු එහෙම නැහැ. එහෙම තිබෙන එකම දෙය චීන මහා ප්‍රාකාරය. (නි)
අපේ සමහර ගැටවු ඩෙනිම් ඇඳගෙන ඉන්නේ ඔය ඡායාරූපයේ ඉන්න මනුස්සයාගේ කලිසම තියෙන මට්ටමටනේ. කොයි වෙලේ කඩාවැටෙයිද දන්නේ නැති ගානට. මෙයත් ඒ විදිහට ඇඳගෙන හිටියා නම් බිරිඳට අතේ ඉතුරුවෙන්නේ කලිසම විතරයි. (නි)
උපාලි ඇත්තම තමයි ඔයා කියපු දේ !!! මේ සිද්දිය ගැන සතුටු වෙනවා ගැහැනියක් ඉතාමත් දක්ෂ ලෙසින් පිරිමියෙකුගේ ජිවිතයක් බේරාගෙන නිසා ..!!! අපේ කෙනෙක් නම් ඔලුවේ අත් දෙක තියාන කෑ ගහවි මිනිහ බිමට වැටිලා මැරේවි (අ)
මරණය වෙන්න තිබෙන්නේ ඔය විදියට නොවන නිසා ඔබ බේරුනා . ශක්තිමත් කාන්තාවක් ඇය (ස)