ලොව විශාලතම තක්කාලි සටන පසුගියදා ස්පාඤ්ඤයේ පැවැත්විණි.
වාර්ෂිකව තක්කාලි සටන ස්පාඤ්ඤයේ කිලෝමීටර 60ක් පමණ දිග වැලෙන්ෂියා නගරයේ පවත්වයි. එකි නෙකා හා සටන් කිරීමට මෙවර ඉදුණු තක්කාලි කිලෝ 130000ක් පමණ යොදා ගත් බව වාර්තා වේ.
ඉන්දියානුවන්, ප්‍රංශ ජාතිකයින් බ්‍රිතාන්‍ය ජාතිකයින් 20000 දෙනා ඊට එක් වුහ.
මෙහිදී ඉදුණු තක්කාලි එකි නෙකාට ගසාගනිමින් ඔවුහූ පී‍්‍රති වෙති. තත්ත්පර කිහිපයකින් පසු මුළු නගරයම තක්කාලි වලින් වැසේ. තරගයෙන් පසු නා පිරිසිදු වීමට එහා මෙහා රැගෙන යා හැකි වතුර මල් නගරයේ සෑම තැනම සවි කර ඇත.
යූරෝ 10ක් (රුපියල් 1790 ) ගෙවා ටිකටි පත් රැගෙන මේ සඳහා සහභාගි විය යුතු අතර සහභාගිවන්නන්ගේ ආරක්ෂාව සඳහා නීති රීති පනවා තිබේ.
1945 සිට ආරම්භවූ තක්කාලි සටන මේ වන විට රටවල් කිහිපයකම ජනපි‍්‍රය වාර්ෂික තරගයක් බවට පත් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති හැකි අයගේ විනෝදය සදහා පැවැත්වුවත් මෙඉන් ලැබෙන ආදායම පුණ්‍ය කටයුතකටත් කොටසක් ප්රදානය කලයුතුයි ,ලංකාවේ මෙය පවත්වන්න සලසුම්කරනවානම් මෙය සැලකිල්ලට ගන්න. (දී)
හම්බවෙයි ඔහොම තව ටික කාලයක් යනකොට තක්කාලි ගහ ගන්න . ලෝකේ අහාර අර්බුදත් එක්ක (දී)
මෙයාලගේ ගොන් පොර වගේම ගොන් පාර්ට් එකක් මට හිතෙන්නේ. (ස)
අපරාදේ තක්කාලි , කන්න බැරි නම් තව රටකට නොමිලේ දෙන්න බැරිද? (ස)
ලෝකේ කොච්චර කන්න නැති මිනිස්සු ඉන්නවද.? (ස)
නියමයි....නියමයි.... අපි ආදයෙයි එකට (දී)
විනෝදය වගේම හරිම ලස්සනයි (නි)
මොවුන්ගේ ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙද්දිත් මේ අය කරන විනාශයක තරම.... (නි)
ඕවා තමයි ටොමෑටෝ සෝස් වෙන්නේ (නි)
අපි මෙහෙ තක්කාලි ගෙඩියක් කඩෙන් ගන්න බැරුව ඉන්නවා ගිනි ගණන් කිය කියා. ඔහේ ඔච්චර ගහ ගන්නත් එක්ක තියෙනවා නම් ලංකාවට අඩු ගානට පටවන්න කියමුකෝ. (නි)
ස්පාඤ්ඤයේ තක්කාලි සටන වගේ එකක් ඉන්දියාවේ කරනවා. එය ඔවුන් කරන්නේ තක්කලි වලින් නෙමෙයි. සමහරු පාට පාට දියරයන් වලින් ද කරති. ලංකාවේ නම් අත් බෝම්බ කඩු කිනිසි වලින් මහා මග සටන් නිතරම සිදුවේ (නි)
ලංකාවෙත් මේ දවස්වල තක්කාලි තොග මිල කිලෝ එක රු 30යි.අනික රු 1800 කට මේ තරම් සුන්දර විනෝදයක් ලැබිම කොචර වටිනවද? මිනිස්සු රාත්‍රී සමාජශාලා , මත්වතුර සාද වලට නොයා මෙවන් අහිංසක විදියට විනෝදවීම කොච්චර වටිනවද. (නි)
මම හිතන්නේ ලංකාවේ මෙම දෙයම තක්කාලි නොමැතිව කුණු බිත්තර වලින් සිදු වෙනවා කියලයි (නි)
ඕක මොකක්ද මෙහෙ දේශපාලුවෝ මඩේ බැහැලාම ඉන්නේ.(නදී)