චිලී රටේ වාර්ෂික ‘‘තක්කාලි සංග්‍රාමය‘‘පසුගියදා පැවැත්විණි.
7000 ක් පමණ දෙනා එක්ව සිටි අතර තක්කාලි වලින් එකිනෙකාට පහරදී ගැනීම ජයටම සිදුවිය.‘‘සංග්‍රාමය‘‘වූ තක්කාලි ටොන් 40 කින් ඔවුහු ගහගත්හ.
මේ තක්කාලි සැපයෙන්නේ නොමිලයේය.මෙසේ වසරක් පාසා නොමිලයේ තක්කාලි සපයන චිලීයේ තක්කාලි වෙළදුන් මෙවන් උත්සව ආධාරයෙන් තමනට නව ආයෝජන අවස්ථා මතු කර ගනිති.
මීට හා සමාන උත්සවයන් ස්පාඤ්ඤය ඇමරිකාව හා කොස්ටාරිකා බිද ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වම්බටු සංග්‍රාමයක් කළා නම් හොද නැද්ද? (නි)
මම දැකලා තියෙනවා සමහර අප්‍රිකානු රටවල කන්න නැතුව කූඹිත් එක්ක කෑම අහුලාගෙන කනවා. ඒ වගේ රටකට දුන්නොත් නරකද?(නදී)
මේ උත්සවය සැණකෙළියක්. සාමාන්‍යයෙන් ස්පාඤ්ඤය,පෘතුගාලය වගේ රටවල මේ වගේ සම්ප්‍රදායන් තියෙනවා. දොඩම් වලිනුත් ගහ ගන්නවා. මේවට ගන්නෙ ඉදිලා වැඩිවෙලා බෙරි වෙච්ච තක්කාලි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මේ උත්සව හේතු වෙනවා. මේවා කන්න නැති රටකට දුන්නා නම් ඒ රටේ ඉන්න දේශපාලනඥයෝ කියයි තක්කාලි දුන්න නම් බතුත් දීපල්ලා කියලා. (නි)
චිලී රටේ තියෙන්නේ මහ මෝඩ තක්කලි සංග්‍රාමයක්. ඒකත් අවුරුද්දකට එක වරයි. ඒකට අපේ රටේ ඔය තියෙන්නේ නියම මඩ සංග්‍රාමයක් අවුරුද්ද පුරාවටම.(නදී)
කන්න නැති රටකට දෙන්නකෝ (දී)
පිස්සු අනේ (දී)
ඕවා තමයි ආපහු බෝතල්වල දාලා එවන්නේ.(නදී)
මේවා පිස්සු වැඩ. තක්කාලි ටික විකුනගත්ත නම් කොච්චර ආදායමක් ගන්න තිබුනද?(නදී)
අපරාදේ, තක්කාලි චට්නි හදලා වෙළඳ පොළට යවන්න තිබුණේ. (නි)
මේක අපේ රටේ තිබිබ නමි කටිටිය තක්කලි පැත්තකින් තියලා අතින් පයින් ගහගනියි.(නදී)
අපිත් ගොවි උද්ඝෝෂණ වලදී මේක කරමු. (නි)
පැණි බේරෙන තක්කාලි සෝස් පැකට් කරලා ලංකාවටත් එවන්න මලේ. (නි)
අපේ රටේ ගහගන්න දේවල්වල හැටියට ඕක මොකක්ද?(නදී)
අපොයි සල්ලි.(නදී)
ඇයි හිටිගමන් දඹුල්ලේ එළවළු විකුනන්න බැරිව වලදාන්නේ.(නදී)
අපේ රටේ හිටපු ගමන් දේශපාලකයෝ පොල් ගහන්නේ ලොරිවලින්ම ගෙනල්ලා. ඉතින් බලනකොට මේක මොකක්ද?(නදී)
රටේ නම මාරු කළා නම් හරි ටොමැටෝ කියලා. (නි)
ගොවි නැගුම මෙහෙත් පටන් ගනිමු. (නි)
හරිම අපරාධයක්. ඒත් ඒක ඒ රටේ විනෝදාංශයක්නේ. (නදී)
තක්කලි සංග්‍රාමය බලන්නත් කම්මැලියි. වටිටක්කා සංග්‍රාමයක් කළා නමි කම්මැලි නැතුව බලන්න තිබුනා.(නදී)