ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව දැවැන්ත පාගමනකට කාන්තාවෝ එක්වෙමින් සිටිති.
''විමෙන්ස් මාර්ච් ඔන් වොෂින්ටන්" යනුවෙන් නම් කර ඇති මෙම පාගමන ලොව පුරා කාන්තාවන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව ක්‍රියාත්මක කර ඇති විරෝධතා මාලාවේ එකක් ලෙස සැලකේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සෙනසුරාදා (21) සම්පූර්ණ කාලයම ජනාධිපති කාර්යාලයේ රැඳී සිටි බව ද වාර්තා විය. මේ ආකාරයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව විරෝධතා 600ක් පමණ ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නව පරිපාලනය යටතේ කාන්තා අයිතිවාසිකම් තර්ජනයකට ලක්වනු ඇතැයි එම කාන්තාවෝ පවසති. මෙම විරෝධතාවල අරමුණ කාන්තා අයිතිවාසිකම් වෙත අවධානය යොමු කරවා ගැනීම යැයි ද පැවසේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඇමරිකාවේ වාමාංශිකයින්ගේ බොළඳ ප්රයන්තයක්. ඇමරිකාවේ කාන්තාවන්ට නැති අයිතිවාසිකමක් නැහැ (නි)
මේක නම් හරිම ප්‍රශ්නයක්. තාම දිවුරුම් දුන්නා විතරනේ. කොහොමද එයා කාන්තා අයිතීන් නැති කරනවා කියන්නේ. එයාගේ බිරිඳත් කන්තාවක්නේ. එහෙම අයිතීන් නැතිකළොත් එයාගේ පවුල් ජීවිතේටත් එය බලපායි. ඉවසිල්ලෙන් ඉඳලා දැනට නැති අයිතීන් ඉල්ලන එකනේ වැඩිය සාධාරණ. (නි)
ට්‍රම්ප් බලයට පැමිණීමට පෙර ඔහු කළ ප්‍රකාශවලින් කාන්තවන් සම්බන්ධයෙන් ඉතා ප්රතිගාමී ස්ථාවරයක් පෙන්නුම් කළේ. එය ලෝකය මෙතෙක් දිනාගත් බොහෝ මානව හා කාන්තා අයිතීන්ට තර්ජනයක්. තිස් ලක්ෂයක වැඩි ඡන්දයෙන් පැරදුනු ට්‍රම්ප්ට බලය ලැබුණු ඇමෙරිකානු ජනපතිවරණ නීතියේ අඩුපාඩුවද මින් පෙන්නුම් කරනවා. (නි)
ජනපතිවරණ වේදිකාවේ හිලරි එල්ල කළ කාන්තා අපයෝජන ගැන ට්‍රම්ප් දුන් පිළිතුරවල යම් දැඩි බවක් නොතිබුණා නොවේ. නමුත් එය ආයුධයක් කරගැනීමට තරම් සුදුසු නොවේ (බ)
සුනිල් ඔයා ගිහින් ඒ අඩුපාඩු ටික හදල දීල කාන්තාවන් වෙනුවෙන් වීදි බහින්න එහේ නවතින්න .(බ)
ට්‍රම්ප්ට තියෙන්නේ, කාන්තා ලෝලී ඉතිහාසයක්. පදවි කාලයෙදී, බිල් ක්ලින්ටන් අභිබවා යන්නත් පුළුවන්. එහෙම වුනොත්, ලෝකේ ලොකුම පොලිස්කාරයා වෙනුවට ලෝකේ ලොකුම කාන්තා ලෝලියා කියල කියන්නත් වෙයි. (බ)
සුනිල් ට්‍රම්ප් විවේචනය කළේ කාන්තාවන් දෙතුන් දෙනෙක් මිස සියලු කාන්තාවෝ නෙමේ... ඇමරිකාවේ ජනාධිපති පත්වෙන්නේ වැඩි ඡන්දයෙන් නොව වැඩි ප්‍රාන්ත ගණනක ජයග්‍රහණය කළ කෙනාටයි (බ)
අැමරිකානු ඉතිහාසයේ තිබුනු ජනාධිපතිවරන වලින් මෙවර ජනාධිපතිවරනය තුන්වෙනි ලෝකයේ මට්ටමට වැටුනා. ඉතිහාසයේ නොවුණ දේවල් ගොඩක් දේවල් එහෙ වෙනවා. මේ අැමරිකාව පිරිහීමේ අාරම්භයද? (නි)
ටෝනි - රියාද්, ඇමරිකාවේ සල්ලි තිබෙන කාටත් තිබෙන්නේ කාන්තාලෝලී ඉතිහාසයක්. මට සල්ලි ලැබුනොත් මගේ ඉතිහාසයත් ඒ වගේ වෙන්න පුලුවන්. (නි)
මේ නම් තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාවක්. මොකද ට්‍රම්ප්ගේ නෝනා ලස්සනයි, තරුණයිනේ. (නි)
ඕවා හිලරිගේ වැඩ ! එයා තවමත් අකමැතියි පරාජය පිළිගන්න. අපි සතුටු වෙන්න ඕනි ට්‍රම්ප් බලයට ආපු එකට. හිලරි බලයට ආවනම් නැවත රට රටවල අර්බුද ගොඩ නගනවා.(හේ)
සිල්වා, ඔබ කියන දේ හරියට හරි (නි)
සිල්වා සමග මමත් එකඟයි. හිලරි ජයලලිතාත් එක්ක එකතුවෙලා අපට කළ දේ මතකද? හිලරිගේ වැඩකිඩ ගැන විශාල වීඩියෝ සංඛ්‍යාවක් යු ටියුබ් එකේ තියෙනවා. මිනීමැරුම් ගැන පවා ඇයට චෝදනා එල්ල වෙනවා. (නි)
මේවා දකිනකොට ඒකාබද්දේ මතක්වෙනවා. කොච්චර උඩ පැන්නත් වැඩක් නැහැ. ඡන්දෙන් දිනුව කෙනා තමයි ජනාධිපති. (නි)