ඇමරිකා ජනපතිවරණ සටනේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයකු වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නව ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ඉන්දියානාවේ පැවැති ඡන්ද ප්රචාරක රැලියකට එක්වෙමින් ට්‍රම්ප් කියා සිටියේ ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ ලොකුම වංචාව සම්බන්ධයෙන් චීනය වගකීම බාරගත යුතු බවයි. චීනය ගෝලීය අපනයන තරගකාරීත්වය ඇති කිරීම සඳහා චීන මුදල් ඒකකය වන යුවාන් නෝට්ටුව විවිධ නූල් සූත්තරවලට ලක්කරන බව ට්‍රම්ප් කියයි. මේ හේතුවෙන් ඇමරිකාවේ ව්‍යාපාරිකයන්ට හා සේවකයන්ට දරුණු අනතුරක් ඇතිවන බවද ඔහු පෙන්වා දෙයි.
චීනයට තම රට දූෂණය කිරීමට ඉඩ නොදිය යුතු බවත් එය අප කරන දෙයින් තීරණය වන බවත් ට්‍රම්ප් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත (බ)
මොන දේ කතා කලත් චීනය නැත්නම් අද බොහෝ ඇමෙරිකන් මිනිස්සු බඩගින්නේ. ලෝකයේ එකම ශක්තිමත් ආර්ථිකය තියෙන්නේ චීනෙට. ඉතින්, අපි චීනය වටා යනවා මිසක් ඇමෙරිකාවේ පස්සේ ගිහින් වැඩක් නැහැ කියන්නේ මේකට තමා මොකද, චීනයේ විදේශ වත්කම් ඩොලර් ට්‍රිලියන 4.5 කට වඩා වැඩි වෙන විට ඇමෙරිකාවේ වත්කම් වෙනුවට විදේශ ණය ඩොලර් බිලියන දහස් ගානක් වෙලා. (ර)
ට්‍රම්ප්ගේ කතාවෙත් ඇත්තක් තියෙනවා.. චීනය කරන්නේ බටහිර රටවල නිෂ්පාදන කොපි කරගෙන ඉතා අඩු වැටුප් සහ පහසුකම් යටතේ තම රටේ මිනිස්සු ලවා අඩු කොලිටියට හදවලා ලෝකයට විකුණන එක. (ර)
ඇමරිකාව ණය ගැතියෙක්,චීනය ණය හිමියෙක් වෙන්න පුළුවන්. ඒත් චීනයේ වෙලෙඳපොළ ඇමරිකාව. චීනය කොපි කැට් කරන එක ලෝකයේ නව නිපැයුම් කරන හැම රටකටම තර්ජනයක්. ට්‍රම්ප් හොයන් යන්නේ හදවතට කතා කරන ඇමරිකන් ඡන්ද.ඒකයි මේ. (ම)
තිලක්, චීනයේ සමාගම් වැඩිහරියක ආයෝජනය කරඇත්තේ ඇමරිකාව බව ඔබ දන්නවාද? ඇමරිකානු සමාගම් නැත්නම් චීනයට බඩගින්නේ ඉන්න වෙන්නේ (නි)
ලංකාවේ අයට නම් හොඳදේට වඩා ලාබදේනේ හොඳ නේද? (නි)
1980 ගණන් වලදී චීනයේ ළඟම හිතවතා ඇමෙරිකාවයි. ඇමෙරිකාවෙන් තමයි ණය ගත්තේ. ඇමෙරිකාව එක්ක එකතුවෙලා සෝවියට් දේශයට හතුරුකම් කළා. වියට්නාමයේ පැත්තක්ම විනාශ කළා. පොල්පොට් ආරක්ෂා කළා. මේ හැමදේම කළේ ඔවුන්ගේ අරමුණු වලට මිසක් අපි වාගේ පුංචි රටවල වලට ආදරේට නොවෙයි. මුළු ලෝකෙම හූරාකන්නේ චීනා. මේක තමයි නව යටත්විජිතවාදය. අපි ණය උගුලට අහුවුණේ චීනය පස්සෙන් ගිය නිසයි. (නි)
නාමල්, මම චීනය ගැනත් ඇමෙරිකාව ගැනත් හොඳට දන්නවා. ඇමෙරිකාව නිකුත් කරන ජාතික ණය සුරැකුම් පත් වලින් 80% කටත් වඩා මිලදී ගන්නේ චීනය. චීනය නිව්යෝර්ක් වල තියෙන ලෝකේ හොඳම අධි සුපොඛ්ජබෝගී හෝටලයත් ගත්තා. දැනගෙන කතා කරනවා මිසක් නොදැන කතා කිරීමෙන් වැළකීම නුවනට හුරු දෙයක්. චීනයේ තියෙන ආර්ථික සැලැස්ම නිසා අඩුම ගානේ තාවකාලික වීසා වත් ඇමෙරිකන් අයට නිකුත් කරන්නේ නැහැ. (හේ)
තිලක් ඔබ ඇමරිකාව ගැන කිසිදෙයක් නොදන්නා හදයි.. ඇමරිකාවේ ණය සුරැකුම්පත් චීනය ලබාගන්නවා වගේම ඇමරිකාව චීනයේ කර ඇති ඩොලර් බිලියන ගණනක ආයෝජන ගැන ඔබ දන්නේ නෑ.. චීනය ඇමරිකාවේ හෝටලයක් මිලට ගත්තාට ලෝකයේම වැඩිම ව්‍යාපාරික දේපල හිමි ඇමරිකාවටයි.. චීනයේ බහුතර මිනිස්සු අමරිකානුවෙක්ගේ වැටුපින් 1/10 වත් ලබා නොගන්නා බව දන්නවාද.. ඔබ වගේ බටහිර විරෝධයක් ඔලුවේ හිරකරන් ලෝකය ගැන කතාකරන්න හදන අය මට ලංකාවේ ගොඩක් හමුවී තිබෙනවා (බ)
නාමල්ගේ අදහස් නිවැරදියි. චීනය ගැනත් ඇමෙරිකාව ගැනත් හොඳට දන්නවා කිව්වට තිලක් බොරු කියන්නේ (නි)
නාමල්, කලබල වෙන්න එපා. තිලක් දන්නා ප්‍රමාණය ගැන අපිටත් හොඳින් වැටහෙනවා. (නි)