ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස තම බෑණා වන ජාරෙඩ් කුෂ්නර් මහතා පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
35 හැවිරිදි කුෂ්නර් මහතා ජනපතිවරණ ප්රචාරක රැලිවලදී ප්‍රධාන මෙහෙයක් ඉටු කළ අයකු බව කියති. ධවල මන්දිරයේ ඔහුගේ නව රාජකාරියට දේශීය හා විදේශීය ප්‍රතිපත්ති ආවරණය කිරීම භාරව ඇතැයි විදෙස් වාර්තා පෙන්වාදෙයි.
ව්‍යාපාරික කටයුතුවල නිරත ට්‍රම්ප් දියණිය ඉවන්කාගේ සැමියා වන කුෂ්නර් මහතා ද ව්‍යාපාරික කටයුතුවලට ලැදි අයකු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් එහෙමද? (නි)
මොහු යුදෙව් ජාතිකයෙක් නේද ?ඊශ්‍රායලය කොහොමත් හැමදාම දිනුම් (අ)
මොහු සුදුසුකම්ලත් දක්ෂ කළමනාකරුවෙක් (නි)
ලොව හොඳම මොළකරුවන් ඉන්නේ ඊශ්‍රායලයේය. අපේ රටේ වගේ නොවෙයි උපදේශකයෝ පත්කරන්නේ (නි)
රාජපක්ෂව කොපි කරලා වගේ. (බ)
තමුන්ට හිතවත්, දක්ෂ පුද්ගලයෝ පත්කර ගන්නේ නැතුව කොහොමද ආණ්ඩුව කරන්නේ? එ්ක මහින්ද කළත්, ට්‍රම්ප් කළත් වරදක් වෙන්නේ කොහොමද? වරදක් වෙනවා තමුන්ගේ නෝනට ලේකම්කම, පුතාට සම්බන්ධීකරන තනතුර, දුවට තව මොකක් හරි තනතුරක් දුන්නොත්. මේක අපේ රටේ මන්ත්‍රීලා, ඇමතිලා එදා සහ දැනටත් කරනවා. (නි)