ඉන්දියාවේ ටජ් මහල් ස්මාරකය හින්දු පූජණීය ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉන්දීය නීතිවේදීන් කණ්ඩායමක් අධිකරණයට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
ටජ් මහල හින්දු පූජණීය ස්ථානයක්ව තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඉන්දියා සංස්කෘතික කටයුතු ඇමති මහේෂ් ෂර්මා ප්‍රකාශ කරයි.
1983 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කැර ඇති ටජ්මහල හින්දු භක්තිකයන්ට ලබාදිය යුතු බව කියමින් නීතිඥයන් කණ්ඩායමක් පසුගිය වසරේ ඉන්දියාවේ අධිකරණයක ගොනුකරන ලද පෙත්සමක් සම්බන්ධයෙන් රජය මේ නිවේදනය නිකුත් කරන ලදී.
17 වැනි සියවසේ දී සාජහාන් නමැති මුස්ලිම් ජාතික මෝගල් අධිරාජ්‍යයා විසින් මියගිය සිය බිරිඳ සිහිවීමට මේ ස්මාරකය ඉදිකරන ලදී. මෙය නැරඹීමට දිනකට 12,000ක පමණ සංචාරකයෝ පැමිණෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකපුජිත ටජ්මහල හින්දුන්ට අයත් නොවේ. එය ඉස්ලාම් භක්තික මුස්ලිම්වරුන්ට අයත් එකක් යැයි මම පවසමි. පැරණි දේ ගරු කරන සැමට ටජ්මහල අයිති වේ (නි)
ලෝක උරුමයන් විනාශ කරන අය ගැන මොනවද දැන් හිතෙන්නේ? (නි)
මෙය අයිති හින්දුන්ට බව මම නම් පිළිගනිමි. මෝගල්වරු ඉන්දියාව ආක්‍රමණයකොට බොහෝ හින්දු බෞද්ධ පූජනීය ස්ථාන අරාබි අකුරු සහිත ගල්පුවරු අල්ලා වෙනස්කොට ඇති බව පෙනේ. ඉතිහාසය හොයා බලන්න. ටජ්මහල් වල ඇතුළේ පෙනෙන්නේ නැති කාමර තිබේ. ඒවා සඳහා ඇතුළුවීමට අවසර නැත. එම කාමර වල මෑත කාලයේ බදාම තට්ටු වලට යටින් මතුව ඇති දේව රූප කුමන ආගමකට අයත් ඒවාදැයි මඳක් සොයාබලන්න (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
හෙසාන්, එය ඉස්ලාම් භක්තික මුස්ලිම් නොවේ, ඉන්දියානු ඉස්ලාමිය අධිරාජ්‍ය වාදියෙක් ගොඩනැගු සිහිවටනයක් පමණ වන බැවින් හින්දු හා අනෙකුත් ජාතින් එය රටේ සම්පතක් ලෙස සලකා රැක ගත යුතුවේ. අප රටේද කිනම් ආගමකට හෝ ජාතියකට අයත් පෞරාණික වස්තුන් රැකගැනීම අප යුතුකමවේ. (ර)
ශෆික්, ඔබ සමඟ මමද එකඟවෙමි. අදහසට ඔබට පින්. (නි)
හෙසාන්, ඔයා දන්නේ මෑතකාලීන එක් එක් අය පවසා තිබෙන ඉතිහාසයනේ. (නි)
එක එක්කෙනා අයිතිවාසිකම් කියාගන්නේ නැතුව ලෝක උරුමයක් ලෙස රැකගත්තා නම් නේද හොඳ? (නි)
ඉතිහසය කියන්නේ බොරුවක් නේ. ඒ ඒ කාලවල වෙනස් කරනවා ඉතිහාසය. ඇත්තම ඉතිහාසය අපට හොයන්ඩ බැහැ. ඕව ගැන වැඩිය හිතනවට වඩා අනාගතේ දියුණුව ගැනයි වැඩ කරන්ඩ ඕනේ. (ස)
සියල්ල නැසෙන ලෝකයේ මෙයත් කවදා හරි විනාශ වෙනවා. අපි අයිතිය හොය හොයා දඟලනවා. කවදාද මෙය තේරුම් ගන්නේ.? (ර)
මොන ඉතිහාසයක්ද? (ර)