සිරියාවේ සිට පැමිණෙන සරණාගතයින් වෙනුවෙන් නීති ළිහිල් කොට දේශසීමා විවෘත කිරීමට කටයුතු කර තිබුණ ද විශාල වශයෙන් සරණාගතයින් පැමිණෙන්නට ගැනීම නිසා වහාම කි‍්‍රයාත්මක වන පරිදි පෙර පරිදිම දේශ සීමා නීති කි‍්‍රයාත්මක කිරීමට ජර්මනිය පියවර ගෙන තිබේ.
ජර්මන් බළධරයින් මෙය හදුන්වාදී ඇත්තේ තාවකාලික පියවරක් ලෙසය. දැනට රටට ඇතුල් වී සිටිනා සරණාගතයින් පිරිස හරිහැටි හදුනාගැනීමට අවැසි හෙයින් තවත් සරණාගතයින් රටට ඇතුල්වීම සීමා කරනු වස් මෙම තීරණය ගත් බව ඔවුහු කියති.
සිරියා සරණාගතයින්ගේ ප්‍රධාන තේරීමක් බවට පත්ව ඇත්තේ ජර්මනියයි. දැනටමත් ලක්ෂ ගණනක සරණාගත පිරිසක් එටට ඇතුල්ව සිටින අතර විචාරකයින් පවසන්නේ මෙම වසර අවසානය වන විට එම ප්‍රමාණය ලක්ෂ 8 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.
ඔස්ටි්රයාව හා ජර්මනිය අතර කි‍්‍රයාත්මක දුම්රිය සේවාවන්ද තාවකාලියව අත්හිටුවා ඇත. ජර්මනියට වැඩිම සරණාගත පිරිසක් පැමිණෙමින් සිටින්නේ ඔස්ටි්රයාව හරහාය.
ඔස්ටි්රයාවේ සිට සරණාගතයින් අතුරු සිදුරු නැතිව පිරී පැමිණි දුම්රිය කිහිපයක්ම ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් දුම්රිය ස්ථානයේදී රදවා තබා ගැනිණ. දුම්රියේ සිටින්නවුන්ට දුම්රිය වේදිකාවට බසින්නටවත් අවසර නොලැබිණ.
සංක්‍රමණිකයින්ට සහන සැළැසීම අරමුණු කරගෙන යුරෝපා රටවල් එකඟවූ චෙන්ගෙන් ගිවිසුමට ජර්මනිය හදිසියේ පිටුපෑම අනෙක් රටවලට ප්‍රහේලිකාවක් වී තිබේ. සරණාගතයින් ට යුරෝපා රටවල් සහය විය යුතුයැයි මුල සිටම ප්‍රබල හඩක් නැගුවේද ජර්මනියයි.
මේ අතර ප්‍රංශය,පෘතුගාලය වැනි රටවල සංක්රමණිකයින්ගේ ආගමනයට එරෙහි විරෝධතා ව්‍යාපාරද කි‍්‍රයාත්මක වෙමින් පවතී. ඔවුන්ගේ ඉරණම ගැන තමන් කණගාටු වුවත් ඔවුන් යුරෝපයට පැමිණීම යනු යුරෝපයේ ද අවසානය තීන්දු කෙරෙන්නක් බව විරෝධතාකරුවෝ පවසති.

![2C3A42B700000578-3232763-image-a-1_1442157020464[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C3A42B700000578-3232763-image-a-1_14421570204641.jpg)
![2C3C011600000578-3232763-image-a-2_1442153884911[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C3C011600000578-3232763-image-a-2_14421538849111.jpg)
![2C44BB5F00000578-3232744-image-a-62_1442174779853[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C44BB5F00000578-3232744-image-a-62_14421747798531.jpg)
![2C45D37100000578-3232744-image-m-49_1442172277992[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C45D37100000578-3232744-image-m-49_14421722779921.jpg)
![2C47ACE400000578-3232744-image-a-58_1442172793442[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C47ACE400000578-3232744-image-a-58_14421727934421.jpg)
![2C455A6E00000578-3232744-image-m-3_1442161639398[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C455A6E00000578-3232744-image-m-3_14421616393981.jpg)
![2C457D8900000578-3232744-image-m-24_1442163425579[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C457D8900000578-3232744-image-m-24_14421634255791.jpg)
![2C3905AE00000578-3232763-image-a-37_1442162350623[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C3905AE00000578-3232763-image-a-37_14421623506231.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපය මුස්ලිම්වරුන් විසින් ආක්‍රමණය කිරීම දැන් නම් වලක්වන්න බැහැ . මෙය කවදා හෝ ඇති වීමට තිබු දෙයක්..(අ)
හොද තීරණයක් මොකද යුරෝපෙටම යන්නේ? (බ)
මට නම් පොනන්නේ වෙන විදිහකට.සෞදිය වැනි රටවල් වලින් මේගොල්ලන්ව ගන්නේ නැත්තේ ඇයි? හොඳට හිතලා බැලුවොත් තමයි තේරෙන්නේ මේක සැළසුමක් කියලා. (නි)
ටෙනිසන් කාරනා හොයාබලා කතාකරන්න... ඇමරිකානු.නීතියට අනුව එරටට ආයුධ විකිනිය හැක්කේ රාජ්‍යන්ට පමණයි... ලෝකයේ ත්‍රස්තයින් ආයුධ ලබා ගන්නා 'බ්ලැක් මාකට්' එක ඇතේ චීනය, රුසියාව හා නැගෙනහිර යුරෝපීය රටවල බව ප්‍රසිද්ධ දෙයක්.. ඇමරිඅකාවෙන් අරාබි රටවල මිලටගත් ආයුධ ඒ රටවල ත්‍රස්තවාදී සංවිධාන ප්රහාරවලදී අල්ලාගත් අවස්ථා තිබෙනවා... අයි.එස් සංවිධානයට ඇමරිකාවේ නිෂ්පාදිත යුද ටැංකි ඉරාක හමුදාවට පහරදී අල්ලාගත්තා වගේ..(බ)
නුවන්.ඇමෙරිකාවේ නිෂ්පාදිත අවි ආයුද මුහුදට දමන්න ඇති නේද ? (ම)
ලෝක බල උමුතුවේ අමිහිරි අස්වැන්න ......(ම)
මෙම සරණාගතයින් සෞදිය වැනි රටවලට නොයන්නේ ඇයි? (නි)
වපුරන දේ අනුව තමයි අස්වැන්නත්. මේ රටවල් අස්ථාවර කරනකොට මෙහෙම වේවි කියලා නොසිතන්න ඇති. (නි)
ඔය නුවන් ඉන්නේ කුමන රටේද? සරණාගතයන් ගැන නුඹ ඇයි කණගාටුවෙන්නේ? (නි)
දැන් ඉතින් ජර්මන් ජාතිකයන්ට රටින් එළියට බහින්න වෙන්නේ නැතිවෙයි (නි)
සැමගේ සිතේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව පහළවේවා! මනුස්සකම මතුවේවා! ආත්මාර්ථය දුරුවේවා! වෛරය දුරුවේවා! (නි)
පරක්කු වෙලා හරි ඔය එන මිනිස්සු නැවැත්තුවේ නැත්නම් සොරිම තමා! (බ)
යුරෝපා සංගමය මේ ගැන දෙවරක් සිතාබැලිය යුතුයි. (නි)
ඩෝසන් ලෝකයේ ත්‍රස්තවාදී සංවිධාන (අල් කයිඩා සහ එල්ටීටීය ඇතුලු ) බහුලව භාවිතා කලේ චීනයේ, රුසියාවේ හා චෙක් රාජ්‍ය වැනි රටවල නිපදවූ අවියි.. ඉස්ලාමීය අන්තවාදීන්ට ඒ ආයුධ සදහා මුසල් ලැබෙනේ සවුදි, කුවේට්, කටාර්, තුර්කිය වැනි රටවල ධනවතුන්ගෙන්...(ම)
ආගමිකයන්ට මෛත්‍රීයෙන් වැඩක් නෑ. කොහොම හරි මේ අයි එස් උන්මත්තකයන් විනාශ කෙරේ නැත්තම් ලෝකෙම අය විනාශ කරනවා.(ම)
මුස්ලිම් රටවල් සරණාගතයෝ බාරගන්නේ නැහැ. (නදී)
කරන දෙයක් ප්‍රවේශමෙන්... (නි)
මට නම් පෙනෙන්නේ මේක හොඳ බුද්ධිමත් තීරණයක් (නි)
අහිංසක මිනිස්සුයි මහමඟට වැටෙන්නේ (නි)
යුද්ධ ඇතිවෙන්න යුධ අවිආයුධ දුප්පත් රටවලට ලබාදුන් රටවලට සරණාගතයෝ විදියට ඇතුළුවෙන ත්රස්තවාදීන් නිසා එම රටවල් දැඩි තර්ජනයකට මුහුණදීලයි ඉන්නේ (නි)