ජපානයේ දකුණු බටහිර සීමාවේ ඇතිවූ රිච්ටර් මාපාංකයේ 7.0 ක භූකම්පනය හේතුවෙන් සුළු සුනාමි තත්ත්වයක් ඇතිවූ බව බීබීසී පුවත් සේවය කියයි.
දකුණු නකනොෂිමා දූපතේ සෙන්ටිමීටර් 3 ක් පමණ උසැති උදම් රළ ඇතිවූ බව ජපාන කාළගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
මේ වනතුරු භූමිකම්පාවෙන් කිසිදු අනතුරක් හෝ ආපදාවක් සිදුවී නැතැයි එරට ආරංචි වාර්තා කරයි.
කගොෂිමා හා සට්සුනාන් දූපත්වලට මේ වනවිට සුනාමි අනතුරු සංඥා නිකුත් කර ඇති බවත් කිලෝ මීටර් 10 ක් ගැඹුරින් කම්පනය සිදුවී ඇති බවත් ජපාන පුවත් සේවා කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම කාලේ ලකුණු තමා... (ර)
චින්තක, ජපානේ මිනිස්සුත් මේ භූමිකම්පාව ගැන දැන ගත්තේ මාධ්‍ය වලින් විතරයි. මේක දැනුනෙවත් වත් නැහැ එහෙම ලොකුවට. අසුබවාදීව හිතන අයට නම් හැම දවසම පෙන්නේ අන්තිම දවස වගේ. (ර)
කිසිවෙකුට කරදරයක් නොවේවා! (නි)