ජපානයේ උතුරුදිග ප්‍රදේශයට ඊයේ(27) බලපෑ හිම කුණාටුවකින් නිවාස 41,000කට විදුලි බල සැපයුම බිඳ වැටුණු බව වාර්තා වේ. හිම කුණාටුව පැයට කිලෝමීටර් 144ක වේගයෙන් හොකයිඩෝ දූපත්වල පැසිපික් වෙරළාසන්න ප්‍රදේශය ඔස්සේ හමා ගිය බව ජපාන කාලගුණවිද්‍යා අංශ පවසයි. විදුලිබල සැපයුම බිඳ වැටීමෙන් දහස් ගණන් ජපන් වැසියෝ අසීරුතාවට පත්ව සිටිති. විදුලිබල සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිබල සමාගම් නිලධාරීහු පවසති. හිම කුණාටු තත්ත්වය නිසා දුම්රිය ගමන් 90ක් සහ අභ්‍යන්තර ගුවන්ගමන් 10ක් අවලංගු කර ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd