ජපානයේ විකට රජා ලෙස කෙන්චි තකාහෂි (44) ටෝකියෝ උසස් පාසල් සිසුවියන්ගේ නිල ඇඳුම් දුසිම් ගනනක් සොරා ගෙන පොලිස් අත් අඩංගුවට පත් වූ බව වාර්තා වේ. ජපාන පොලීසිය කෙන්චි තකාහෂිගේ නිවස සෝදිසි කිරීමකින් පසුව සිසුවියන්ගේ නිල ඇඳුම් බහාලූ ප්ලාස්ටික් මලු හැත්තෑවක් පමණ සොයගෙන තිබෙන බවත් ඒවා සයිතමා සහ කනගවා ප්‍රදේශ වලින් සොරකම් කරගෙන තිබෙන බවත් සොයා ගැනිණි.
විකට රජා කෙන්චි මෙවැනි සොරකම් වසර 20 කට ආසන්න කාලයක සිට කරගෙන ගිය බව කියති.පසුගිය අප්‍රේල් 25 වැනි දින සටගයානී උසස් පාසලක් බිඳ 23 ක් සොරා ගෙන ඇති අතර එහි සිසුවියන්ගේ වර්ණවත් කබා හෙවත් බ්ලේසර් සහ සාය තිබී ඇත. මෙවැනි දේ සොරා ගැනීමට ආසන්නම හේතුව ලෙස ජපාන පොලීසිය සැකකරන්නේ කෙන්චි තකාහෂි අස්වාභාවික ලිංගික මානසිකත්වයකින් පෙළෙන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික ලෙඩක් නම් පොලිසිය එහෙ හොඳ දොස්තර කෙනෙක්ව මුණගස්වන්නේ නැතැයි (අ)
අපේ එවුන් නම් ඕව ගලවලා විසිකරනවා වේදිකාවලට (කෞ)
ජපානයේ අයට තිබෙන්නේ පුදුම ලෙඩනේ. මම හිතාහිටියේ ජපානයේ මිනිසුන් ඉතා සංවර හොඳ මිනිසුන් කියලා. බලනකොට එහෙත් මාර ලෙඩනේ තියෙන්නේ (නි)
මාගේ යහළුවෙක් සිටියා ගැහැණුන්ගේ යට ඇඳුම් දැක්කහම පිස්සු වැටෙන. ඔහු ඒවා සොරෙන් ගෙන ඔලුවේ දමා නැටීම වැනි ක්‍රියා කරනවා. පසුව ඔහු මානසික රෝහලකට යොමුකළා (නි)
බලනකොට මොන රටත් එකයි (නි)
ඔය වගේ අය නම් අපේ ලංකාවේත් ඕනෑතරම් ඉන්නේ. (නි)
ආනන්ද දොඩන්ගොඩ මහත්තයාටත් පුදුම යාළුවොනේ ඉන්නේ (නි)
ආනන්ද මහත්තයෝ ඕව සමහර වෙලාවට හදිස්සිය වැඩි වුනාම ඔයාල අපිත් ඔලුවේ දාගෙන නටන වෙලාවල් තියෙනවා ..හැබැයි ඉතින් එහෙම වෙන්නේ හදිස්සියට කොරොස් කටේ ඔලුව දාන්න ගිය වෙලාවල් වල තමයි ..(බ)
මම ළඟදි (ඕස්ට්‍රේලියාවේ) පත්තරයක දෑක්කා, ජපානයේ ගැහැණු ළමයි පදින බයිසිකල් වල සීට් ගළවගෙන යන පිරිසක් ඉන්නවා කියලා. සිසිටිවි වලින් බලලා කීප දෙනෙක් අල්ලාගෙන තිබුණා (නි)
මෙයා නම් එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි නේද? (නි)