පසුගියදා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයකින් බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් දෙමළ ප්‍රජාවට පමණක් සුබ පැතීම පිළිබඳව එංගලන්තයේ වෙසෙන සිංහල පිරිස් සිය විරෝධය පල කිරිමේ පසුබිමක් පවතිද්දි ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රි ලංකා ජනහඬ පදනමේ සභාපති ශ්‍රි ලාල් ඩයස් , උප සභාපති ශිරාන් අල්මේදා , සුර්යා සමරවීර සහ ලරිෂා ඩයස් ඩේවිඩ් මිලිබැන්ඩ් සහ කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සීමා මල්හෝත්‍රා මුණගැසි ඒ සම්බන්ධ කරුණු පහදාදී සිදු වු අතපසුවිම නිවැරදි කිරිමට ඔවුන් කැමති කරවාගෙන ඇත.
මෙම හමුවේදි බ්‍රිතාන්‍යයේ ඡන්දය හිමි සිංහල , මුස්ලිම් , බර්ගර් , සහ මැලේ යන ජනකොට්ඨාසයන්ට අයත් පිරිස් ද විශාල සංඛ්‍යාවක් ජිවත් වන බවත් ඔවුන්ගේ කැමැත්ත දිනාගැනිමද කම්කරු පක්ෂයේ ජයග්‍රහණය උදෙසා වැදගත් වන බවත් පැහැදිලි කර දි ඇත. ශ්‍රි ලංකාව පිළිබඳව මීට වඩා පුළුල්ව සිතාබලා කටයුතු කිරිමද සාධාරණ බව ඔවුන් පෙන්වා දි ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලේ ආවමත් මොලේ තිබේවා. (ස)
මුන් ඔක්කොම ලංකාව කන්න හදපු උන් එකේවත් දිනවන්න නම් වටින්නේ නැ.(ස)
කරපු දේ හොඳයි, එත් පරක්කු වැඩියි. අපි හිත හදාගෙන ඉවරයි. මේගොල්ලෝ කම්කරු පක්ෂයට වැඩ කරනවානම් ඇයි මිලිබෑන්ඩ් මේ වගේ ප්‍රකාශ කරනකම් බලාගෙන හිටියේ. එකෙන් කියන්නේ මේගොල්ලෝ දේශපාලන පක්ෂ වලට වැඩ කලාට එම පක්ෂ දැනුවත් කරලා නැහැ කියන එකනේ. වැරැද්ද මේ අයගේ. අශ්වයා ගියාට පසුව ඉස්තාලය වසා වැඩක් නැහැ. (ර)
කරුණු පහදාදී සිදු වු අතපසුවිම නිවැරදි කිරිමට ඔවුන් කැමති කරවා ගන්න දෙයක් නැහැ, මිලිබෑන්ඩ් පසුගිය සති අන්තය වෙන්නත් ඉස්සර වැරැද්ද නිවැරදි කළා එංගලන්තයේ තිබෙන බොහෝ ශ්‍රී ලාංකික සමිති සංවිධාන සහ ඡන්ද දායකයින්ගේ පැමිණිලි කිරීම මත. (අ)
දැනුවත් කිරීමට වඩා පත්තරේ පින්තුරේ දාගන්න එකනේ මුලික අරමුණ. එ්ක ඔය හොඳටම වෙලා තියෙන්නේ. ඒ මඳෑ. (බ)
මොන මගුලකටද බොළ ඔකුන්ගෙන් බලෙන් සුභපැතුම් ගන්නේ ?(ස)
මිලිබෑන්ඩ් ල ගේ මේ ප්‍රකාශ අතපසුවීම් හෝ නොදැනුවත් වීම් නොවෙයි . සිතා මතා කරන දේවල්. මේගොල්ලෝ කොහොමත් සිංහල බෞද්ධයන්ට විරුද්ධව දෙමල ජාතිවාදය ඇතිකර පෝෂණය කරනවා. ලංකාවේ දෙමල ජාතිවාදයට මුල මේ සුද්දෝ මිසක් වෙනකෙක් නොවෙයි. (ස)
සමාව ගත්තාට අපි නම් ඡන්දෙ මෙයාට දෙන්නේ නැහැ. ඉන්න කෙනා හොඳයි නොදන්නා කෙනාට වඩා නේද? (නි)
කෙනත්ගේ කතාව සහතික ඇත්තයි. කොහොමත් බ්‍රිතාන්‍යයෝ තමයි දෙමළ ජාතිවාදය ඇති දැඩි කර පෝෂණය කරන්නේ. ඒ සියල්ල කරන්නේ අපේ රටේ ඉතිහාසය සහ අනන්‍යතාවය ගැන නොදැන එහෙම නොවෙයි. හැබැයි මිලිබෑන්ඩ්ගේ රෝස සමාජවාදී පක්ෂය දැන් බලයේ ඉන්නා උදවියටත් වඩා දෙමළ ජාතිවාදයට නැඹුරුව වැඩියි කියලයි කියන්නේ. ඒ නිසා දැනගෙන ම තමයි නැති දෙමළ අවුරුද්දකට දෙමළ අයට විතරක් සුබ පතලා තියෙන්නේ. අපේ අයත් යනවනේ ඉතින් සූප්පුත් අරගෙන මිලිබෑන්ඩ් තොත්ත බබාට කිරි පොවන්න. (ස)
එළ නාලි අක්කා එළ! මේ සුදු කොටින්ට කිරි පොවන්න ගිහිං මුං ලජ්ජා නැතුව තව පින්තුරු වලටත් ඉන්න අපූරුව නේද?, දැක්කම හිතෙනවා හොම්බට ...න මොනා කරන්නද තව ලිව්වොත් මේක දාන එකකුත් නෑ නේ. (ස)
ඇත්ත. අපි නම් සමාවක් දෙන්නෙ නැහැ (නි)
අප්පට සිරි ගජ කිව්වලු. හොරු සමග හෙළුවෙන් නේද මේ ඔක්කොම. මේගොල්ලන්ගේ සෙල්ලම් ලන්ඩන් වල හැමෝම දන්නවා. මේවට කියන්නේ නරි නාටක කියලා. නොදන්නා අයට හරි ෂෝක්. (බ)