ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ.එෆ්.පී පුවත් සේවය හා දුරකතනය ඔස්සේ කළ සාකච්ඡාවකදී පැවසීය.
ජනපතිවරයා සදහන් කළේ ශී‍්‍ර ලංකාවේ සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීමේ සිදුවීම් පිළිබඳ අධ්‍යනය කරන්නට අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි කවුන්සිලයේදී වැඩි ඡුන්දයෙන් සම්මත කර ගත්තද ශී‍්‍ර ලංකාව එය පිළිනොගන්නා බවයි.මෙම යෝජනාවලිය හා සිදුකිරීමට යන පරීක්ෂණය ශී‍්‍ර ලංකාවේ ආරම්භ කර ඇති සංහිදියා හා ප්‍රතිසංස්කරණ වැඩකටයුතු වලට උදව්වක් නොව මහත් බාධකයක් බව හෙතෙම කීය.
කෙසේ නමුත් තමන් අධෛර්යමත් වී නොමැති බවත් ආරම්භ කර ඇති සංහිදියා හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් දිගටම කරගෙන යන බවත් ජනපතිවරයා පැවසීය.
ඉන්දියාවේ අනපේක්ෂිත හැසිරීම සම්බන්ධයෙන්ද ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කළේය.එය ශී්රලංකාව ඉන්දියාව හා අනාගතයේ සිදුකෙරෙන ගනුදෙනු දිරිගන්වන්නක් බව ඔහු කීය.
රටේ ජාතීන් අතර සමගිය ඇති කිරීමට උගත් පාඩම් හා සංහිදියා වාර්තාවෙන් රජය ලබාගත් දැනුම යොදාගනිමින් තිබෙන බවත් වාර්තාවේ ඇති සියලූ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට නම් ශී‍්‍ර ලංකාවට තවත් කාලය අවශ්‍ය බවත් ජනපතිවරයා පැවසීය.
කවුන්සිලයේදී ආරම්භයේ සිටම තිබුණේ ශී‍්‍ර ලංකාවට අවාසිසහගත වාතාවරණයක් යැයි ජනපතිවරයා පෙන්වා දුන්නේය.ශී‍්‍ර ලංකාවට එරෙහිව ව්‍යාපාරයක් ගෙන ගිය ඇමරිකාව සියල්ල ආරම්භ වීමටත් ප්රථමයේ සිටම ඡන්ද දුසිමක් පමණ ඔවුන්ගේ පැත්තට දිනාගෙන සිටි බව ජනපතිවරයා කීය.
ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡුන්ද 23 කින් සම්මත වුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 12 කි.රටවල් 12 ක් ඡන්දය පළ කිරීමෙන් වැළකී සිටියේය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් පවසන්නේ රටවල් බහුතරයක් ඇමරිකාවේ මෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ වැඩකටයුතු කෙරෙහි පැහැදීමක් නොමැති බව ඡන්ද ප්රකාශයේදී පෙනී ගිය බවයි.ගියවර පැවති මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියක් ඡන්ද 25 ක් ලබාගෙන එනම් කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනා සැළකීමේදී අති බහුතරයකින් සම්මත කර ගැනීමට ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් සමත්වුවත් මෙවර ඡන්ද 23 ක් පමණක් ලබාගනිමින් සියයට 50 කගේවත් සහය නොමැතිව යෝජනාව සම්මත කර ගැනීමට ඔවුනට සිදුවී ඇතැයි අමාත්‍යවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් , සේරම් , ඔසී, ශිරෝමි කියන දේවල් ගණන් ගන්න එපා. ඇත්ත ඒ විදිහටම දකින්න පුළුවන් මිනිස්සු මේ රටේ ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්.ලෝකයම ඉල්ලන්නේ අපිම හදපු කොමිසමේ තිබෙන දේවල් කරන්න කියලා මිසක් වෙන දෙයක් නොවේ. ඉතින් මොකද අපි කාටවත් බනින්නේ? අපිම හදපු දේවල් අපිටම කරන්න තමා ඒ අය පුන පුනා කියන්නේ.ඉතින් කොහෙද ගින්නක් තියෙන්නේ? මේකෙන් ගොඩ වෙන්න චණ්ඩිකමෙන් බැරි බව අපි තේරුම් ගත් දවසට රට ගොඩ. (නි)
ඉවත දමන්න පුළුවන් සාධාරණ හේතු ඔබතුමන් ළඟ ඇති නේද? (දී)
අතිගරු ජනාධිපති තුමනි, අපි සේමද ඔබ සැම ද ඔබ සමගයි.උතුරේ වගේම නැගෙනහිර අන්තවාදීන් කරන දේවල් බලන්න. බද්යුද්දීන් මන්නාරමේ කරන නැවත පදිංචි කිරීම් ගැනත් සොයා බලන්න. අන්තවාදීන් සිංහලයන්ට කවන වඳ බෙහෙත් ගෙනත් සැලකිලිමත් වන්න. (දී)
උතුරේ තව බෝම්බ තියෙනවා යන්න බෑ කියමු. ඕනම නම් ඉදහිට පිපිරීම් කරමු. සිරියාවට යන්න කියන්න. වීසා නැතුව කාටවත් එන්න දෙන්න එපා.(නදී)
ගණන් ගන්නේ නැහැ කියල කියන්න පුළුවන්ද? ආර්ථික සම්බාදක වගේ දේවල් ලංකාවට දමපුවහම ඒකේ ප්‍රතිපල ලැබෙන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට. ඇමරිකන් යෝජනාවේ එල්.ටී.ටී.ඊ යුද්දේ ගැන බරපතල දෙයක් නැහැ. වර්තමානේ ලංකාවේ වෙන දවල් නවත්වන්න තමයි ඉල්ලා තියෙන්නේ. (නදී)
රොෂාන් කට කට. බහුතරයට ඇත්ත ඇලජික් (නි)
රොෂාන් ප්‍රනාන්දු, සේරම් ඔයාලා සිහි බුද්ධියෙන්ද ඉන්නේ? (ස)
ශිරෝමි මම ඇත්ත කියන්න බයවෙන්නේ නැහැ. (දී)
රොෂාන් ප්‍රනාන්දු මහත්තයා කියන විදියට තිස් අවුරුද්දක් කොටින්ගෙන් බැට කෑවට වඩා දැන් අපි මේ රජය යටතේ බැට කනවා. මිනිස්සුන්ට කතා කිරීමේ ලිවීමේ කොටින්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් නැති කරලා.ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් අහෝසි කරලා, විරුද්ධ මතධාරීන් මර්දනය කරන, ඝාතනය කරන වාතාවරණයක් ඇති කරලා, මානව හිමිකම් නැති, මිනීකන්නන්ගේ දේශයක් බවට මේ රට පරිවර්තනය වෙලා තියෙන්නේ. පිටරටක සිට සැප සම්පත් විඳින ගමන් මේ රටට අරාබි වසන්තයක් එනතුරු පෙරුම් පුරන රොෂාන් මහත්තයෝ,මේ රටේ මිනිස්සු අන්ධයෝ නෙමෙයි.ඒකයි තාමත් ඔබතුමාගේ ඔය දේශපාලන දර්ශනයට මේ රටේ ඉඩක් නැත්තේ. (නි)
බටහිර රටවල් වැරදියි තමයි. එයාලා මානුෂික හිමිකම් මුවාවෙන් අපේ නිදහසට බලපෑම් එල්ල කරනවා. ඉතින් අපි බේරෙන්න යමක් කළයුතුයි නේද? අපි මේ උගුලෙන් ගැළවෙන්න ගන්න පියවර මොකක්ද? කවුරු වැරදි වුණත් විනාශ වෙන්නේ අපි සහ අපේ රටනේ. (නි)
බන්දුල පෙරේරා, මම මුලින්ම කියන්න ඕන මම පිට රටක ඉදගෙන ලියනවා කියන එකට ,පිටරටක තමයි මම ඉන්නේ නමුත් ද්විත්ව පුරවැසි කම තියන අවුරුද්දේ වැඩි හරියක් ලංකාවේ ඉන්න කෙනෙක්. ලංකාවේ තත්වය මම හොදට දන්නවා. හලාවත සහ කදානේ අපි ජිවත් වෙන්නේ. ඔයා නම් ලංකාවට යන බවක් පේන්ඩ නැහැ. බන්දුලට ලියනවට ආණ්ඩුවෙන් ගෙවනවා ඇති ,එහෙම කට්ටියකුත් ඉන්නවා. සමන් කියල තියන දේ ගැනත් හිතල බලන්න.ඇත්තටම මොන ප්‍රස්නේ ආවත මටනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපේ රට,සහ රට වැසියෝ ගැන කණගාටුයි.(නදී)
මේක අප්‍රියෙල් 1 වැනිදා නිසා කිවුව දෙයක් නෙමෙයි නේද? (නි)
ජනාධිපතිතුමනි, කෙලින් වැඩකරන, කෙලින් කතා කරන, පරදේශක්කාරයන්ට හිස නොනමන ඔබට ජාතියේ ප්‍රණාමය!ජයවේවා රජතුමනි! (නි)
රොෂාන් මහත්තයෝ, මට නම් මේ රටේ පුරවැසිකම තියෙන්නේමේ පොළොවේ පය ගහල ජිවත් වෙන්න. මම දන්නේ නැහැ කදාන වත්තල පැත්තේ ඔය කියන විදියේ රටක් තියෙනවද කියලා. මේ රටේ උතුරු නැගෙනහිරත් එක්කම මිනිස්සු නිදහසේ තම ජීවිතය ගෙනියනවා. ඕන දේකට නිදහස තියෙනවා..සිමාව ඉක්මවා යන තැන් වලදී අනෙකුත් ජනතාවට වන හිරි හැර මඩින්න ලෝකේ ඕනෑම රටක් ගන්න පියවරවල් මේ රටෙත් ගන්නවා. මොන කොමිසමේ මොන නිර්දේශ තිබ්බත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ ප්‍රයෝගික යථාර්තයන් සලකලා. උගත් පාඩම් කොමිසමේ හොද නිර්දේශ වගේම ජාතික ආරක්ෂාවට ඍජුවම තර්ජන එල්ල වෙන නිර්දේශ තියෙනවා. හැම නිර්දේශයක්ම ක්‍රියාත්මක කරන්න රජය බැදිලා නැහැ. මේ රට පාලනය විය යුත්තේ කාටවත් ඕන හැටියට නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදිව බහුතරය ලබාගත් රජයට ඕන හැටියට. ඒක සන්ධාන යු ඇන් පි කියල විශේෂයක් නැහැ. සමහර අදහස් දැක්කම අපරාදේ මේ තරම් යුද්දයක් කලේ කියල හිතෙනවා..එක දෙයක් පැහැදිල්යි ..මේ රටට වැඩියෙන්ම හෙන පතන්නේ දෙමල ඩයස් පෝරාවටත් කොටි ත්රස්තවාදීන්ටත් වඩා මේ රටෙන් පිට ඉන්න සුද්දන්ට කඹුරන අපේම සිංහලයෝ කියන එක.(නදී)
ඔය යෝජනාවලින් ටිකක් අහුලගන්න වේවි. නැතිනම් කට්ට්ටිය එකතුවෙලා ආයෙම ගිනිගොඩකට අදීවී. කින් මූන් මොනවද කියලත් තිබුනා. අනේ මන්ද දෙයියෝ දනී ,මන් නොදනී.(නදී)
ජනාධිපති තුමා සමග අපි ඉන්නවා ඕනෑම ප්‍රශ්නයකදී (දී)
මම ලියන ඒවා සංස්කාරක විසින් කපල වෙන්න ඕන. (ස)
ජනපතිතුමනි, ඔබ මොන තීරණය ගත්තත් අපි සැමදා ඔබ සමඟයි. (නි)
මෙයාලට දුක අවසන් යුද්දෙදි ප්‍රභාව බේරගන්න ශ්‍රී ලංකා රජය උදවු නොකළ නිසයි , ගුවනින් බේරගන්න හැදුවා ඉඩ දුන්නේ නැහැ. ආවොත් වෙඩි තියනවා කිවා. මුහුදෙන් ආවා එතකොට ප්‍රභා පරලොව ගිහින් ඉවරයි. ප්‍රභා හිටියා නම මෙයාලගේ යුද වෙළදාමට හොඳ වෙළඳ පොලක් තිබුනා. මෙන්න මේ දුකට තමයි මේ පළි ගන්න හදන්නේ නැතුව අපිටවත් දෙමල මිනිසුන්ටවත් තියෙන ආදරයට නෙවෙයි.(නදී)
ප්‍රතික්ෂේප කිරීම ගැන අපිත් කැමතියි. ඉතින් යෝජනාවෙන් පොදුජනයා වන අපිට සිදුවිය හැකි අයහපත් ප්‍රතිපල වැළැක්වීමට ගන්නා පියවර මොකක්ද? (නි)
බලපෑම විශාලයි. මේක ජාත්‍යන්තර නීතිමය ‘ඩ්‍රෝන ප්‍රහාරයක්‘ වගෙයි. 2002 සිට 2009 වෙනකම් සෑම සියලු දෙයක්ම මේ අයට සොයා බලන්න පුළුවන්. ඒ වාර්තාවෙන් අපට විරුද්ධව නීතිමය හා ආර්ථික පියවර ගන්න ඉඩ තියෙනවා. වෙන්න යන දේ ගැන දුක්වෙලා එකමුතු වෙමු (නි)
මගේ අදහස නම් කිසිම දවසක අපට ලැබුන අවස්ථා වලින් ප්‍රයෝජන අරගෙන විදේශ ප්‍රජාව දැනුවත් කරලා කොටි ත්රස්තවාදීන් කළ ම්ලේච්ඡකම් හරියට ලෝකයට හෙළිකළේ නැහැ කියන එකයි. ඒ වෙනුවට හැමදාම කළේ උතුරු නැගෙනහිර යටිතල පහසුකම් වැඩිදියුණු කළ එකම පුන පුනා කියපු එකයි. උදාහරණයක් හැටියට පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීම හරියට පාවිච්චි කළේ නැහැ මේ කාරණයේදී. ජිනීවා රැස්වීමේදීවත් හරිහමන් තර්ක ගොඩනගලා මතවාදය අපේ පැත්තට හරවන්න කතාකරන්න නොහැකි වුණා. (නි)
එනකල් තමයි ලංකාවට අපිත් බලාගෙන ඉන්නේ. දැන් හොඳට තිබෙන රට විනාශ කරන්න දෙන්න බැහැ (නි)
පිල්ලේ නෝනා ඉතිහාසය හොඳට බලලා අනුරාධපුරේ දී , අරන්තලාවේදී මරපු අහිංසක හිමිවරුන්, සිල් මෑණිවරුන්, සාමාන්‍ය මිනිසුන් ගැන දැනගත්තා නම් මානව හිමිකම් චෝදනා දෙන්න ඕනෑ අපේ අවුරුදු 30ක් රට කරපු රජයන්ට මේ කොටියන්ව කලින්ම නැති නොකළේ ඇයි කියලා. (නි)
අනේ බලන්නකෝ ඉතින්, ඇමෙරිකානු පුරවැසියොත් අපේ රටේ ඉහළම නිලතල වල ඉන්නවානේ. නේද? (නි)
ජනාධිපතිතුමනි,අපි ඔබ සමඟයි. ඔබට දේව අාශිර්වාදය ලැබේවා!!! (නි)
කොන්දක් තියෙන එකම නායකයා මා ඔබට සදා නයගැති උතුමානෙනි ඔබට දීර්ගායු වෙවා (දී)
ජනාධි පති තුමනි අපි සැමදා ඔබ සමගයි (දී)
අවුරුදු 30ක් ලංකාවේ මිනිස්සු විදපු දුක ඔය මානව හිමිකම් කට්ටියට නොතේරෙන්නේ මොකද කියලා තමයි මට තියෙන ප්රශ්නය මේ ණය ගෙවන්නේ කව්ද ? (දී)
ලංකාව පිටසක්වල තිබෙන රටක් නොවන බව හැමෝම දැනගත්තොත් ගොඩක් වටිනවා (නි)
අපේ රටෙත් ඉරාකය, ලිබියාව සහ කුපිත වෙලා සිටින ඊජිප්තුව වගේ අරාබි රටවල් වල තත්ත්වයට පත්කරලා, දියුණු වෙමින් තිබෙන බටහිර රටවලට නොනැමෙන අපේ රටේ ආණ්ඩුව පෙරළලා, ඔවුන්ට කත් අදින කට්ටියක් අපේ රටේ පාලනයට පත්කර ගන්නද නැවත සමහරු උත්සාහ කරන්නේ? (නි)
ඔය මොන හිමිකමකටවත් අවුරුදු 30ක් තිස්සේ අපේ රටේ මි නිස්සු බල්ලෝ බළල්ලු ගානට මැරෙනකොට පෙනුන නැහැ. දැන් අපි නිදහසේ සැනසිල්ලේ ඉන්න එකයි ඒ අයට දිරවන් නැත්තේ. ඔය අටමගලෙන් අයින් වෙන්න අපිට බැරිද? මම හැමදාම කියන්නේ ජාති,ආගම්,කුල බෙදා අතහැරලා රටක් වශයෙන් එක් වෙන්න හැමෝම හිතට ගන්න. නැතිනම් අපිට බටහිර ගැත්තන් වෙන්න වෙයි ලගදීම. (නදී)
කවුරු කොහොම කිවුවත් අපේ ඇති වැරැද්දක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)