දෙවැනි ලෝක යුද්ධයේ විරුවන් සැමැරීමේ කැනඩා උත්සවයකට සහභාගීව සිටි බි්රතාන්යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා පැවසුයේ රුසියා ජනපති දැන් කටයුතු කරමින් සිටින්නේත් එදා ඇඩොල්ෆ් හිට්ලර් කටයුතු කළ ආකාරයට බවයි.
කුමරාගේ ප්‍රකාශය ලොවම මවිතයට පත්කිරීමට සමත්ව තිබේ.රජ පවුලේ සාමාජිකයින් අන්තර්ජාතික තලයේ කටයුතු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් සාමාන්‍යයෙන් වැළකී සිටීම ඊට හේතුවයි.
රුසියාවේ කි්රමියා ආක්‍රමණය 1945 වසරින් පසු ලෝකයේ ප්‍රධාන බලවත් රටක් එවැනි ආක්‍රමණයක් සිදුකළ පළමු අවස්ථාව වේ.
විචාරකයින් පවසන්නේ හිට්ලර් චෙකොස්ලෝවැකියාව අත්පත් කර ගත් ආකාරය හා දැන් පුටින් කි‍්‍රමියාව හා යුක්රේනය අත්පත් කරගනිමින් සිටින ආකාරය එකිනෙක හා සමාන බවයි.
දැන් පුටින් කරන්නා සේ හිට්ලර්ද එකළ චෙකොස්ලෝවැකියාවේ කැළඹුම්කාරී තත්ත්වයන් ඇතිකිරීමට වෙස් ගැන්වූ විශේෂ හමුදා භට පිරිස් යෙදවූයේයැයි ඔවුහු පවසති.
බි්රතාන්යය රජය චාර්ල්ස් කුමරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඔහුටද නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙන බවයි.
බි්රතාන්යය නියෝජ්‍ය අගමැති නික් ක්ලෙග් මේ සම්බන්ධයෙන් බිබීසි පුවත් සේවය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් සදහන් කර තිබුණේ චාර්ල්ස් කුමරු පෞද්ගලික සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබෙන හෙයින් කලබල විය යුතු නැති බවයි.චාර්ල්ස් කුමරුටද නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි ඔහු පවසා තිබුණි.
ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ද මීට පෙර අවස්ථාවකදී රුසියා ජනපති ව්ලැදිමිර් පුටින් හිට්ලර්ට සමාන කරමින් ඔහු විවේචනය කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමරන්ල,මිලිබැන්ල,හිලරිල වගේ ත්රස්තවාදීන්ගෙන් යැපෙන ,උන්ට රැකවරනය සලසන දේශපාලුවන්ගෙ කථා නිතරම දෙසවනට ඇහෙන කොට වාල්ස් කුමාරයගෙත් කට වරදින එක අහම්බයක් නොවෙයි.මේ අය කෙසේ කීවත් ව්ලැදිමීර් පූටින් යනු කවර ඝනයේ නායකයෙක්ද,යන්නත් ඔහු අභිමුව කැමරන්ලා හිලරිලා දේශපාලන කූඹිත්තන් බවත් මුළු ලොවම දන්නා කරුණක්. (අ)
ඉරාකේ ඇෆ්ගනිස්ථාන් කලබල වලට එයාලගේ ජනතාවත් වගකියන්න ඕනේ. රටක කලබල ජාතිවාදී රණ්ඩු ගොඩක් ඇති වෙන්නේ ජනතාව මෝඩ වෙලා රැවටෙන නිසා. එකෙන් ප්‍රයෝජන ගන්න අය දන්නවා කොහොමද හරියටම ඒවා කරන්නේ කියල. හරියට අපේ දේශපලකයන් දැන් කරගෙන යන වැඩේ වගේ. එත් සුද්ද හිටිය නම් අපේ රට මීට වැඩිය දියුණු වෙලා මෙලහකට. කැනඩාව, නවසීලන්තය සහ හොංකොං සමග සමාන කරන්න ඉන්දියාව, ලංකාව, අප්‍රිකාව. ඔන්න නිදහසේ ආනිසංස. (ස)
සුද්දට නෑදෑයෛා් වූ අය ගොඩක් ලංකාවෙ ඉන්න බව මෙහි අදහස් දාපු අයගෙන්ම පේනවා (අ)
සුද්දගෙන් වෙච්ච සේවය පෙනෙන්නෑ වගෙයි. ලංකාවෙ ප්‍රධාන අපනයන බෝග වන තේ පොල් රබර් කව්රු ලංකාවට ගෙනාපු ඒවද? සුද්දම තමයි. මොනවද මේ හූරගත්ත කියන්නෙ. අපේ රටේ ඉන්න පාලකයො ඔය කියන හූරන වැඩේ නෙමෙද කරන්නෙ. අනිත් එක සුද්ද නොහිටියනම් අපි තාමත් අර වැදි යුගයේ තමා. අද ලෝකෙට අවශ්‍යම භාෂාව වන ඉංග්‍රීසි නොතිබුණා නම් අනෙක් රටවල් එක්ක සිංහලෙන් කතා කරල වෙන්න සම්බන්ධතා පවත්වන්නෙ.අපේ රටට ඉස්කෝල ක්‍රමය අවෙත් ඔය බනින කට්ටියගෙන් තමා.අනිත් එක හොංකොං වලින් සුද්දව පැන්නුවේ නෑ. එගොල්ලො ඒ රට හොඳට දියුණු කරල භාර දීල ගියා.දකුණු ආසියවෙ රටවල් මීට අවුරුදු විසි තිස් ගානකට කලින් අපි ඉගෙන ගත්ත සංවර්ධනය වෙමින් පවතින රටවල් හැටියට. තාමත් එතන. තවත් පරම්පරා දෙක තුනක් ඉස්සරහට ගියත් ළමයින්ට ඉගෙන ගන්න වෙන්නෙ අර කියපු එකම තමා. සුද්දා මේ වෙනකන් හිටියනම් අපේ රටවල් දියුණුයි. දැන් ඔය සුද්ද බනින දෙන්නා දේවල් ලියන්නෙත් ඒ ගොල්ලො හොයාගත්තු පරිපරිගණක තාක්ෂණයෙන් නේද?තව ලියනවනම් කරුනු එමටයි සුද්දගෙන් ලංකාවට විතරක් නෙමෙ මුලු ලෝකෙට වෙල තියන සේවය ලියන්න.
අම්මෝ කට වරද්දා ගන්නනම් එපා(දිල්)
මේ කතාව චාල්ස් කුමරුගේ පුද්ගලික එකක් විනා ප්‍රසිද්ධව කළ එකක් නොවෙයි. (දිල්)
මෙහි කිහිප දෙනෙකු පවසා තිබෙන්නේ සුද්දා නිසා ඔවුන් වනචාරි යුගයෙන් සදාචාර යුගයට අවා කියා . ඔවුන් වටහා ගෙන නැහැ . අපට ලැබුන පාරවල් හෝ සියලුම දේ ඔවුන් අප රට සුරා කන විට ඒවායේ පහසුකමට ඇති කල යටිතල පහසුකම් බව . සිංහලයන්ට ඕනේ කාගේ හෝ බලයට පාලනටයට නතුවී , නිකන් ලැබෙන දෙයකින් කාල ඉන්න වාගේ . එදත් අදත් සුද්දා ( බටහිර ලෝකය ) කිසිම අවස්ථාවක තව රටක් හේදුවේ නෙහෙ . (අ)
රන්දුනු පතිරෑන්ණෑහැලාගෙ ජානක ඔබ සුද්දාට කඩේ යෑම ඉහළිම්ම කරනවා වගේ. අද 3 වන ලෝකයේ බොහෝ දෙනෙකු සුද්දන්ගේ රටවල ඉන්නේ සුද්දා තුන් වන ලෝකයේ තිබු සියලු වස්තුන් සහ සංකෘතිය විනාශ කර එම රටවල වස්තුව ඔවුන් රැගෙන ගිය නිසා . අදත් වක්‍රව අපි සුද්දට වහල් සේවයක් කරන්නේ . නොදැනුව හෝ . (අ)
අඩුම තරමින් සුද්ද හදපු කෝච්චි පාර අඩියක් වත් දික් කර ගන්න තවම අපිට බැරි උණා. අද ලංකාව මේ තරමින් වත් තියෙන්නෙ සුද්ද නිසා. නැත්නම් තවමත් අපි "දුන්නයි, ඊතලයයි" කරේ තියා ගෙන තමයි. (නදී)
අපි වහල් බාවය අගය කරනවා නෙමෙයි. සුද්දාගෙන් පස්සේ බිහිඋනු කළු සුද්දෝ සුද්දට වැඩිය මේ රට හුරගෙන ගිහිල්ලා සුද්දගේ රටවල් වලම බැංකු වල දාගත්තා. ඊට පස්සේ සුද්දාගෙන් නයට අරගෙන රටම නය කලා. අදත් අපිට දේශානුරාගය ගැන කිය කිය අපිට නොපනී සුද්ද ළඟ දනින් වෙටෙනවා. නිදහසෙන් පස්සේ අපිට හිටපු පාලකයෝ තමන්ගේ දරුවෝ එක්කෙනෙක් හරි සුද්දගේ රටට යවලා ඉගැන්නුවා. (සමහර විට විජේතුංග ජනාධිපති හැර.) අදත් අපේ රටේ අම්මලා අක්කලා පිටරටවල වහල් සේඑවයේ යෙදනවා. නමුත් සුද්දා රට පාලනය කරා නම් තමන්ගේ ජනතාව පිටරට වහල් වැඩට යවන්නේ නෑ. මොකද එහෙම උනානම් තමන් රටක් පාලනය කරන්න අසමත් බව ලෝකයට පෙනෙන නිසා. (නදී)
අපේ ප්‍රතිචාර පුටින්ට යන්නේ නැ.නමුත් රුසියාවෙන් වෙන්වුන සියලු රටවල් නැවත එක්කර ප්‍රෞඩ සෝවියට් දේශය ගොඩනැගීමට හැකි වේවා. (ස)
අපේ මිනිස්සු තාම ඉන්නේ අවරුදු 2500 කට එහා අදහස් ඔලුවේ තියාගන. එක තැන පල්වෙනවා මිසක් විචාරශීලීව යමක් හිතල තේරුම් ගන්න ක්‍රමයක් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් සකස් කරලා නැහැ. සුද්දෝ දියුණු වුනේ කොහොමද කියල හිතල බලන්නේ නැතව නිකම් අතීතය ගැන පම්පෝරි ගහල වැඩක් නැහැ. අපේ දරුවන්ටත් මේකෙන් ගොඩවෙන්න විදියක් නැ වගේ පෙනෙන්නේ. එ්කයි මට කණගාටු. (නදී)
එතකොට මෙගොල්ලයි ඇමරිකාවයි එකතුවෙලා ඉරාකෙට , ඇෆ්ගනිස්ථානෙට ගහල අල්ලාගත්ත ඒවා ? (ස)
සුද්දට බැන්නට පිටරට යන අය සොයන්නේ බ්‍රිටිෂ් , ඇමරිකන් හෝ ප්රංස කොම්පැනියක්. මොකද ඒ (අ)
ඇමෙරික රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් යන්න හිටපු රාජ්‍ය ලේකම් ලෙස නිවැරදි විය යුතුය. (අ)
මේ ඡායාරූපයේ හිට්ලර් මහත්මයාගේ මුහුණ හරිම පින්වත් පාටයි. (ස)
සුද්දගේ සේවය සහ තුචක්කුව ගැන මෙතන කතා කරන අපේ උන්නැහලට අතීතය අමතක වෙලා! කරුණාකරලා පත පොත ටිකක් කියවන්න, අවුරුදු 500යක් පුරා අපේ රටට වුණ වින්නැහිය කාටවත් සුළු විදිහට සලකන්න බැහැ, එහෙම කරන්න පුළුවන් මුග්දයන්ට විතරයි. රේල්පරවල් හැදුවලු, බවබෝග දුන්නලු; මේ මිනුස්සු මේවා සේරම කර අපිට අදරයකට නොවන බව පැහැදිලිවම පෙන්නෙන තියන දෙයක්, "උඩරට කැරැල්ල" පොත කියවන්න...අපේ රට යටත් කිරීම, ඉතාම සුළුවෙන් කියතොත්, සුද්දන්ට බිසනස් එකක් විතරයි!! (අ)
කොහොම උනත් පුටින් රුසියාවෙන් කැඩුණු රටවල් ඔක්කොම එකතු කරලා රුසියාව ගොඩනගනවා ඇමරිකාව ඒකට බයයි !! (ස)
මෙය වාර්තාකර තිබෙන ආකාරයේ නිවැරදි වියයුතු තැන් ගණනාවක්ම තියෙනවා. මේ ඊයේ පෙරේද නේටෝව ලිබියාව ආක්‍රමණය කලා විතරක් නොවේ ගඩාපි මහමග මරල දාන්නත් උදව් කලා, ඉරාකය ඇෆ්ගනිස්ථානය ඍජු ආක්‍රමණ. 1953 වෙනතුරු මහා රුසියාවට අයත්ව තිබු ක්රිමියව එවකට තිබුන සෝවියට් රාජ්‍ය [නිකිතා කෘෂෙව් ] යුක්රෙනයට දුන්නේ පරිපාලන පහසුවට එත් එයාලට ස්වයං තීරණ අයිතිය තිබුණ ඕනෑම අවස්ථාවක වෙන් වෙන්න. යුක්රෙනයේ සිදුවූ අන්ත දක්ෂිනශිකයන්ගේ බලය අල්ලා ගැනීම නිසා තැති ගැනීමට පත්වූ ක්රිමියව 95% වඩා අනුමැතියෙන් රුසියාව සමග එක්වුණා එක වෙඩිල්ලක් වත් පත්තු වුනේ නැහැ එක යුද ටැන්කියක්වත් ආවේ නැහැ. හිට්ලර්ට ගැන කියන චාර්ල්ස් ගේ තාත්තගේ නංගිලා 3 දෙනෙක්ම විවාහ වෙලා තිබුනේ ජර්මන් නාසි නිලදාරීන් සමග. ඒ වාගේම ඩයනගේ මරණය තාමත් අබිරහසක්. මේ කුමාරයාද කව්ද පරිස්සම් වෙන්න ඕන විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන කොට. (අ)
සුද්දෝ කවදාවත් අපේ රටට ආදරේ කරේ නැහැ තිබුණ දේවල් උන්ගේ රටට ගන්න ඕනේ නිසා , ඒවාට අවශ්‍ය කරන යටිතල පහසුකම් හදපු එක.ඇයි මිනිස්සු කියන්නේ, ඒ අයට යටත් වෙලා හිටියනම් හොදයි කියල ? අපේ රට නැති කරේ අපේ මිනිස්සුමයි .කව්ද කියන්නේ ඒ අයට යට වෙලා හිටියේ නැතිනම් දියුණුවක් නැහැ කියල .... උදාහරණයකට , ජපානය . කවදාවත් වෙන රටකට යටත් වෙලා නෙමෙයි ලෝකේ 3නි ලොකුම ආර්ථිකය උනේ .ඒ හරි විදියට වැඩ කරපු නිසා .නැතිව කාගේවත් කටු ලෙවකාල නෙමෙයි .සුද්දෝ එදත් කරේ රටට හෙන , අදත් කරන්නේ රටට හෙන .ඒ අය කැමති නැහැ රටක් හැදෙනවට .මොකද , රටක යුද්දයක් ,ප්‍රශ්නයක් තිබුනොත් තමයි ඒ අයගේ , ආයුද ටික විකුණගන්න ලැබෙන්නේ .ආයුද විකුණලා ,රට යුද්දයකට ගියාට පස්සේ තමයි බෙහෙත් විකුණගන්න ලැබෙන්නේ . අද ඇමෙරිකාවේ ආර්ථිකයෙන් වැඩි හරියක් ඉපයුම් තමයි , ආයුද /බෙහෙත් /තාක්ෂණය .බටහිරයෝ ක්රිමියාවට , පිලිෆින් ,වියට්නාම් ,ලංකාවට උදව් දෙන්නේ රුසියාව /චීන /ඉන්දියා කියන රටවල් කොන්ට්‍රෝල් කරගන්න ඕනේ කමට මිසක් , ඒ රටවල් වලට ආදරේට නෙමෙයි .අනික අපේ මිනිස්සු කියනවා , සුද්ද නිසා ඉංග්‍රීසි ඉගෙන ගත්ත රටවල් තමයි දියුණු කියල . මම කියන්නේ නැහැ ඉංග්‍රීසි ඉගෙනගන්න එක හොඳ නැහැ කියල . එත් , හොඳට බලන්න ,ලෝකේ දියුණුයි කියන රටවල් ඉංග්‍රීසි නිසා දියුණු උනා කියල කියන්නේ කොහොමද ? ඇමෙරිකා , ඔසිට්රෙලියා ,ඉංලන්තය ,කැනඩා වල මුල ඉඳල (ඇමෙරිකා , ඔසිට්රෙලියා ,කැනඩා වල නියම උරුමක්කාරයෝ දැන් වඳ වෙන්න ඇරලා ඉන්නේ ) ඉංග්‍රීසි පාවිච්චි කරා . එත් , යුරෝපයේ බලවත් කියන රටවල් (ඉතාලි ,ජර්මන් ,ප්‍රංශය ,ඩෙන්මාර්ක් , ස්පාන්යය)ආසියාවේ බලවත් රටවල් (චීන,ජපන් ,ඉන්දීය , රුසියා) ලතින් ඇමෙරිකාවේ බලවත් රටවල් (බ්‍රසීලය ,වෙනිස්යුලා ,අනිත් ලතින් රටවලුත් ) ,දියුණු උනේ තමුන්ගේම කියල භාෂාවක් තිබුන නිසා නෙමේද ? ජාතික හැගීමකින් , ජාතික ප්රතිපත්තියකින් ,කරනවානම් රට දියුණු වෙනවා . ඒවා කරන්නේ නැති හන්දයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ .(අ)
උමේෂ් ජපන්" මෙය සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක්. (ස)
හිල්මි ...මගේ අදහස "ඇයි අපිට බැරි රටක් විදියට නැගිටින්න .අපේ රටේ ස්වබාවික සම්පත් නැතුව නෙමෙයි ,මානව සම්පත නැතුව නෙමෙයි ,ඒවා හරියට කළමනාකරණයක් නැතිකම .එහෙම කරන්නේ නැති නිසයි අපේ රටේ මිනිස්සුන්ට රස්සා නැත්තේ , බුද්ධි ගලනයක් වෙන්නේ .ඒවා හරියට කරනවානම් ලංකාව දියුණු වෙන එක ඉර හඳ වගේ ."(ස)
සුද්දෝ ඇවිල්ලා අපේ රටට කළ විනාශය දැන් අමතක වෙලා වගෙයි (නි)
මේ ගොල්ලන්ට හිතේ හැටියට පිනුම් ගසමින් තම හිතවතුන් නායකයින් ලෙස අන් රටවලට හොඳින් හෝ නරකින් පත්කර ගැනීමට නොහැකි වූ විට මෙවැනි ප්‍රකාශ නිකුත් කරනවා. (නි)
මංගල ඔබ හරියටම හරි. අපේ රටවල් දුගී තත්වෙට ඇදල දාල අපිව හුරාගෙන කෑවේ මේගොල්ලෝ තමා. මේගොල්ලන්ගේ ක්‍රමය උනේ මිනිස්සු දෙපැත්තට කොටවල යටත් කර ගන්න එක. අපේ වගේ දුප්පත් රටවල පසු කාලෙක දරුණු යුද්ධ පවා ඇති උනේ මේගොල්ලෝ හින්ද තමා. සිංහල දෙමල කියන්නේ බොහොම සමගියෙන් හිටපු ජාති දෙකක්. අදටත් පන්සල් වල දේවාල තියෙන්නේ මේ නිසා. මේගොල්ලෝ ජාති බේද ඇති කරවල මිනිස්සුන්ව බේද බින්න කරලා ඒ රටවල් හූරගෙන කෑවා. (ස)
මෙයාටත් දුමින්දට වගෙ මතක නැති ලෙඩේ ඇවිත්ද. මෙයාගෙ ආච්චිලා සීයලා තමා ඉතිං ඕවා පටන් ගත්තෙ. (ස)
මංගල ඔබගේ අදහසට මම එකග වෙමි , (දී)
මෙතුමාට ජයවීවා , තමාගේ රට වාසිය ගැන හිතන ඔබතුමා ඉක්මනින්ම රජවීවා (දී)
කුමාරයා වරද්ද ගත් දේවල් වල හැටියට මේක මොකක්ද අනේ! (නදී)
මංගල ද සිල්වා, ඇත්තටම 1948 කලින් හා දැන් රටේ තත්වය සංසන්දනය කර බලන්න. සුද්දන්ගේ කාලේ දුම්රිය ගමන් කල ආකාරය දැන් දුම්රිය යන විදිහ එක්ක සසඳා බලන්න. ඉස්සර රජයේ ආයතනයකට ලියුමක් යැව්වම පිළිතුරක් එන්න ගිය කාලයත් අද යන වෙලාවත් සසඳා බලන්න. අනිත් කරුණ නම් මෑතක් වනතුරු යටත්ව තිබුණු හොන්කොන් සහ ගොඩක් කලින් නිදහස ලබාගත් ඉන්දියාව වැනි රටක් සසඳා බලන්න. දැන් වඩා හොඳ තත්වයක ඉන්නේ මොන රට ද ? (නදී)
නිදහස තමයි අපේ හෙනේ. (ස)
මෙයාලගෙ අය කළාම හොඳ වැඩ. අනිත් අය කළාම නරක වැඩ. (ස)
මෙතන ඉන්න ඔක්කොටම මම කියන්නේ මගේ අදහස විතරයි. සුද්දා රට පාලනය කළා නම් තාමත්,අපි අද ඉන්නෙත් හොං කොං වලටත් වැඩිය හොඳ විදිහට.එයාලා කළ දේ හරියට කළා.එහෙනම් මෙලහටත් අපේ ළමුන් නිදහසේ එංගලන්තයට ගිහින් හොදට උසස් අධ්‍යාපනය ලබනවා. කුමාරයාට ජය වේවා! (නි)
පිටිගල, ඔබගේ අදහස හරි. ලෝකය තාමත් තියෙන්නේ අවුරුදු සියගණනක් පසුපසින් කියලා මංගලට හිතෙනවා ඇති ලංකාව දිහා බැලූවිට. ලෝකය හුඟක් වෙනස් වෙලා. ඒ වුණාට අපේ රට හැමදාම පස්සට. පුංචි මාලදිවයිනත් අපිට වඩා ඉදිරියෙන්. (නි)
අපේ රට විනාශ වුණේ අපේ රට පාලනය කළ මිනිසුන්ගේ වැරැද්දෙන් නැත්නම් අපේ රට ගොඩක් ඉස්සරහින් ඉන්නවා.අපේ රටට මෙහෙම වෙන්න හේතුව ලංකාවේ ජනතාවමයි. (නි)
මුන්නැහැට තමන්ගෙ මුතුන් මිත්තො රටවල් අල්ලාගෙන සූරගෙනම කාපු ඒව අමතක වෙලාවගේ. හොංකොං වලින් එලෙව්වෙත් බොහොම අමාරැවෙන්. පුටින් අල්ලනානෙ අල්ලපු වැටේ රට, මෙයාල මුලු ලෝකෙම යූද්ධෙට ඇදල දැම්මා. ලැජ්ජ නැතුව තව කටඅරිනවනේ. (නදී)
තාරක, අසුබවාදී වෙන්න එපා. ලෝකෙත් එක්ක අපිත් වෙනස්වෙලා තියෙනවා. වෙනදා ලංකාවෙන් පිට ගිය කෙනෙකුට ගෙදරට පණිවිඩයක් යවන්න සති දෙකක්වත් ගියා. කොළඹින් පිටනම් ඒක සති 3 කට වැඩියි. ඒත් අද? වරද තියෙන්නේ අපි බලන විදියෙයි. (නි)
බොරු නීති හරහා තවමත් අධිරාජ්‍ය ගොඩනගන්න හැදන ඇමැරිකා, බ්‍රිතාන්‍ය ඇතුළුයුරෝපා ත්‍රස්තවාදය ගැන කුමරයා මහත්තයා නිහඩද? (අ)
බොරු නීති හරහා තවමත් අධිරාජ්‍ය ගොඩනගන්න හැදන ඇමැරිකා, බ්‍රිතාන්‍ය ඇතුළුයුරෝපා ත්‍රස්තවාදය ගැන කුමරයා මහත්තයා නිහඩද? (අ)
අපිත් පරිස්සමෙන් අදහස් ප්‍රකාශ කරමු,,නැත්නම් ආර්ථික සම්බාධක පනවයි අපිට,,,,(අ)
මිනිහට වැරදිලා පුටින් කියල, තියෙන්නේ. ඇත්ත නම් ටික පස්සේ කිව්වා ඔබාමා සහ එංග්ලන්ඩ් අගමැති. පස්සේ වැරැද්ද හදල ප්‍රකාශයක් නිකුත් කරයි (අ)
මේ ගොල්ලෝ මොනවා කිව්වත් ඉතින් ඒවා රජ කියුම්නේ! අසරණ අපි මොනවා කියන්නද? ඇත්තෝ කති, බොති, පුරසාරම් දොඩති, නැති අප ඒවාට වැල්වටාරම් දමමින් බලා හිඳිති. (ස)
චාල්ස් කැමිලාත් සමඟ විවාහ වුණාට පස්සෙනේ බොහෝ දේවල් වෙනස් වුණේ... (නි)
සුද්දා අපේ රටේ සම්පත් හොරකම් කරගෙන ගිය එක ගැන කතා කරන අපිට අමතක වූ දේවල් ගැන හිතන්න.සුද්දාගෙන් පස්සේ අපට හිටි සමහර පාලකයෝ රටේ ජාතික ධනය හොරකම් කරලා අරගෙන ගියේ පිටරට බැංකු වලට. සුද්දා රට යටත් කළාට රට දියුණු කළා.පිටරට වලින් ණය අරගන නොවෙයි, පිටරට වලටත් ණය දීලා. (නි)
ඕක මොකක්ද? ඔය අපේ ගොඩක් දෙනා කටවල් වරද්දාගන්නේ.... (නි)
මම සැමවිටම උදාහරණයට ගත්තේ ඔබතුමාවයි. ඔබතුමාත් කටවරද්ද ගත්තා නම්... කොහොම වුණත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අපට නැතිවුණාට ඔබතුමාට තිබෙනවානේ. කට ඇරලා ඔබතුමා කියන්න. මට ඉතිරිවෙලා ඉන්නේ ඔබ පමණි. (නි)