ඇමරිකා ඩොලර් කෝටි 6600 (රුපියල් කෝටි 882219.66 ) ක වාර්ෂික ආදායමක් ඇති ගූගල් සමාගමේ මීළඟ ප්‍රධාන විධායක නිලධරයා ලෙස තමිල්නාඩුවේ උපන් සුන්දාර් පිච්චෙයි (43) පත්කරනු ලැබ සිටී.
තොරතුරු තාක්ෂණවේදයේ බහුජාතික සමාගමක් වන ගූගල් සමාගමේ ක්‍රෝම් බ්‍රවුසරය, ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමට මුල්වූ පිච්චෙයි නිහතමානී එහෙත් තාක්ෂණයේ අති දක්ෂ පුද්ගලයකු බව ඇමරිකාවේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්‘ පත්‍රය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ලාංකික අපට වැදගත් වන්නේ ඔහු රනිල් මහත්තයාගේ කලන මිතුරෙකු වීමය. (ම)
සුබ පැතුම්! (නි)
අම්මෝ! අපේ රටේ අය නම් නියමයි. ඊර්ෂ්‍යාවේ පැළෙන්න යනවා. සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙන්නේ. ගූගල් කියන්නේ ලංකාවේ අමාත්‍යංශයක් නෙමෙයිනේ. ඔබට සුභ පැතුම්! (නි)
අපේ ඇමෙරිකාවේ ඉන්න අර අහවල් පුතාගෙනුත් ඇහුවා. එයා බැහැ කිව්වනේ.ඊටපස්සේ වෙන්න ඇති ඉන්දියාවේ එක්කෙනාට තනතුර ලැබුනේ (නි)
මෙය හුදෙක්ම ඔහුගේ දක්ෂතාවය මත ලැබූ පත්වීමක්. (නි)
ලංකාවේ එහෙම ඕක වුණානම් හැමතැනම උද්ඝෝෂණ. (නි)
ඒකටත් එක්ක මෙහේ? (නි)
සුදුසුකම් තිබෙන ඉන්දියානුවන් වගේම වෙන රටවල අයත් ඉන්නවා.මේ රටවල දක්ෂයාට හොඳ තැනක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. (නි)
නාමල් ඔය දන්න දේට විතරක් කට දන්න.(ම)
ඉන්දියාවේ රජය පහුගිය දශක කිහිපය පුරාවටම උසස් අධ්‍යාපනය ආයතන රටපුරා ඇතිකලා.. පෞද්ගලික විශ්වවිද්‍යාල රටේ අරඹන්න ඉඩ දුන්නා.. පර්යේෂණ වෙනුවෙන් වියදම් කලා... බැංන්ගලෝර්, හයිද්‍රාබාද් වගේ නගරවලට ලෝකයේ තාක්ෂණික සමාගම්වලට ආයෝජනය කරන්න පහසුකම් ලබා දුන්නා. ඉන්දියාවේ තමිල්නාඩුවේම තියෙන මදුරාසි විෂ්වවිද්යාලය, ත්රිච්ර තාක්ෂනික ආයතනය වගේ ඒවා ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයට වඩා සෑහෙන්න ලෝක දර්ශකයේ ඉදිරියෙන් ඉන්නේ.. රටේ අධ්‍යාපනය වෙනුවෙන් 77 ඉදන් රජයක් අවධානය අඩුකිරීමේ හා විදේශ ආයෝජකයින් ලංකාවට නොගෙනේමේ විපාක තමා අපේ රටෙන් මේ වගේ අය අඩුවෙන් බිහිවීම... අගෝ. 18 ඡන්දෙන් පස්සේ මේවා වෙනස් වෙයි. (අ)
ඔබට සුබ පැතුම්! (නදී)
ලක්සිරි දන්නා දෙයක් කතාකරන්න. පරිගනක විද්‍යාව ගැන 'එම්.එස්.සී' උපාධියක් නැතිව ගූගල් පුහුනු ඉංජිනේරු තනතුරකටවත් යන්න බෑ. හිතාගෙන ඉන්නේ ගූගල් සමාගමේ තනතුරු දෙන්නෙත් ලංකාවේ අමාත්‍යංශවල වගේ කියලද? ගූගල් එකේ බහුතර කොටස් තියෙන්නේ ඇමරිකානුවන් අතේ. මොහුගේ උගත්කම ගැන අන්තර්ජාලයෙන් හොයාගෙන කියවන්න (නදී)
අනුරයෝ ඔය තනතුර ලැබුනේ උගත්කමටම නොවේ. ගූගල් හි වැඩි කොටස් අයිතියක් තියෙන්නේ ඉන්දියානුවන්ට සහ විශාල පාරිබෝගික ප්‍රජාව ගැන සලකල. උඹට වගේ හැදිමිටේ නුවණ නැහැ ව්‍යාපාර වලට (බ)
ඉන්දියාවේ තියන පුත්ගලික විශ්ව විද්‍යාල වලින් තමයි මේ පුද්ගලයන් බිහිවන්නේ. අපේ අය පුද්ගලික විශ්ව විද්‍යාල එපා කිය කිය පෙළපාලි යනවා. නිදහස් අධ්‍යාපනේ බේරගන්න කියල. අන්තිමට එක ලකුණක් මදිවෙච්ච ළමයි මුදල් ඇත්නම් පිටරටකට යනවා නැත්නම් රස්සාවක් ඉල්ලන් දේශපාලුවෙක් පස්සේ යනවා. (නදී)
සුදුස්සාට සුසුදු තැන. මහා ජාතියට මුල් තැන දෙන්න ඕනේ කියල නැහැ (ම)
ඉන්දියාව තොරතුරු තාක්ෂණයෙන් ඉදිරිමගට- අප නැණසලින් ගත් මගින් පිටුපසට (බ)
සුනදර් පිච්චෙයි මහතාට සුබ පැතුම්!! (බ)