වසර 11 පුරාවට තම හිසෙන් ගැලවී වැටුණු කොණ්ඩ ගස් එකතු කර ඒවායින් කබායක් හා හිස්වැස්මක් මසා තම සැමියාට තෑගි කළ කාන්තාවක පිළිබඳව චීනයෙන් වාර්තා වේ.
ෂියෑන්ග් රෙන්සියෑන් නම් වන මේ කාන්තාව විශ්‍රාමික ගුරුවරියකි.ඇය දැනට 60 හැවිරිදි වියේ පසුවේ.
‘මට තරුණ කාලේ තිබුණා ලස්සන කොණ්ඩයක්.නමුත් වයසට යනකොට මගෙ රූපෙත් එක්කම කොණ්ඩෙත් වයසට යන්න පටන් ගත්තා.ගැලවී යන කොණ්ඩ ගස් ඉවත දමන්න මට හිත දුන්නේ නැහැ.ඉතින් මම ඒවා එකතු කළා.‘ ඇය කියන්නීය.
ඇය තම කොණ්ඩ ගස් එකතු කිරීමට පටන්ගෙන ඇත්තේ වයස අවුරුදු 34 සිටය.
එකතු කළ කොණ්ඩ ගස් වලට කුමක් කරන්නේදැයි ඇයට සැළසුමක් තිබී නැත.පසුව ඒවා යොදාගෙන තම සැමියාට කබායක් හා හිස්වැස්මක් මසා දෙන්නෙමියි ඇය ඉටාගෙන ඇත.
‘එක සැරේ කරන්න පුළුවන් වෙච්ච වැඩක් නොවේ.මොකද එක සැරේට කොණ්ඩ ගස් තොගයක් ගැලවිලා වැටෙන්නේ නැහැනේ.ඉතින් මම ගැලවි වැටෙන හැටියට ඒවා එකතු කර ටික ටික තමයි කබායයි හිස්වැස්මයි මැහුවේ.මහලා ඉවර වෙද්දී අවුරුදු 11 ක් ගිහිල්ලා‘ ඇය පවසන්නීය.
කබාය හා හිස්වැස්ම මසා ඇති නූල් ‘හිස කෙස්‘ එකට අඹරා සාදාගත් ඒවාය. හිස කෙස් වලින් නූල් සාදාගැනීමට තමන්ට අපහසුවූවත් පසුව එම අභියෝගයත් ජයගත් බව ඇය කියන්නීය.
වසර 11 පුරාවට ගැලවී වැටුණු කොණ්ඩ ගස් ගණනද ඇය ගණන් කර ඇත්තීය.
‘මේ දෙක මහන්න මම කොණඩ ගස් 116058 ක් පාවිච්චි කර තියෙනවා.මහලා ඉවර වුනාට පස්සේ කබාය ග්‍රෑම් 400 ක් විතර බර වුණා. තොප්පියේ බර වුණේ ග්‍රෑම් 120 ක් විතර‘ ඇය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියවන්න කලින්ම හිතුව ආසියාවේ වෙන්න ඕනේ, චිනේ වෙන්න ඕනේ කියලා.(නදී)
තම සුවාමියාට හදවතින්ම ආදරය කරන භාර්යාවක්.(නදී)
අනේ මේ වර්තා කලා වගේම අපේ ලංකාදීපය, ඒ ආදරණීය කබායේ පොටෝවක් අපේ දුප්පත් ඇස්දෙකට දැකගන්න ඉඩ නොතබුවේ ඇයි..?ඔබ දෙපළ මතු භාවයේත් මේ වගේම ආදරණීය සැමියා බිරිද වී උපදීවායි ප්‍රර්ථනා කරමි ..!!!!ඔබට දීර්ගායු වේවා..!!! (අ)
http://mekapudumalokayak.com/news_more.php?id=3541(දිල්)
වැඩෙත් හොඳයි.. උත්සාහයත් හොඳයි ..භාර්යාවගේ තෑග්ගක් උනත් ,උකුණන් ගැන ටිකක් විමසිලිවීම වඩාත් වටිනවා.පාවිච්චිකළ .හිසේ කෙස් ගණනද නිවැරදිද කියා නැවත ගන්නකිරීම තවත් වටිනවා... (අ)
තව කොන්ඩ ගස් කීයක් විතර ඉතිරිද? (නදී)
නියම වැඩක්.(නදී)
තම සැමියාට මෙතරම් ආදරය කරන බිරිදක් .ඔබට දීර්ඝායු ලැබේවා (දිල්)
හිත ඇත්නම් පත කුඩාද..?කියන්නේ මේ වගේ දේවල් වලට තමයි, මේ වැඩේ ගැහැනියක් විසින් නිර්මාණය කරපු නිසාද මන්ද, සමහර අය වැරදි කතා ලියල තියෙන්නේ (අගය කලයුතු දේ අගය කරන්න පුරුදු වෙන්න )ස්තුතියි (අ)
හැම පිරිමියෙකුටම මේ වගේ ගැහැණු උදවිය ලැබේවා කියා පතනවා. (දී)
ලංකාවේ කාන්තාවන්ගේ කෙස් ගැලවෙන තරමටනම් අවුරුදු 11 ක් යන්නෑ කබායක් මහන්න. දවස් 11 න් මහන්න පුළුවන්..... (දී)
හරිම සුන්දර මානව සම්බන්දතාවයක්. මම ඔයාට ආදරේයි කියල ලක්ෂ වාරයක් කියනවටත් වඩා ප්‍රබල ආත්මීය ප්රකාශනයක්.(දී)
ආදරය ඇත්තටම මේ වගේ සුන්දර වෙන්න ඕන හොද බිරිදක් ඔව්න්ට මම සුබ පතනවා (දී)
විශිෂ්ට කාර්යයක් (නි)