පෘථීවියේ ස්කන්ධය හා සමාන ස්කන්ධයක් ඇති එහෙත් සම්පූර්ණයෙන්ම පාහේ ගෑස් වලින් සැදුණු නව ග්රහලොවක් සොයාගැනීමට ඇමරිකා විද්‍යාඥ පිරිසක් සමත්ව සිටිති.
මෙම ග්‍රහලොව පිහිටන සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ පෘථීවියේ සිට ආලෝක වර්ෂ 200 ක දුරින් බව සදහන් වේ. එම ග්රහමණ්ඩලයට ඇත්තේ ග්‍රහයින් දෙදෙනෙකු බවද සොයාගෙන තිබේ.
කේඕඅයි -314සී ලෙස නම් කර ඇති මෙම ග්රහයයා පෘථීවියට වටා 60 ගුණයකින් පමණ විශාල වන මුත් බරින් පෘථීවිය හා සමානය.මෙය පාෂාණමය ග්‍රහයින් හා ජලයෙන් හෝ වායුවලින් සැදුණු ග්‍රහයින් අතර වැඩි වෙනසක් නොමැති බව හොදින්ම පෙන්වා දෙන්නක් යැයි විද්‍යාඥයන් කියයි.
පෘථීවියට බරින් සමාන වූවත් අන් කිසිදු අයුරකින් මෙම ග්‍රහයා පෘථීවිය හා සමාන නොවන බව ඔවුන් පවසයි.
ග්‍රහයාගේ බර මැනීමටත් විද්‍යාඥයන් භාවිතා කර ඇත්තේ අලූත් ක්රමවේදයකි.ග්රහමණ්ඩලයේ අනෙක් ග්‍රහයා මෙම ග්‍රහයා මත ඇති කරන ගුරුත්ව බලයත් මෙම ග්‍රහයා එම ග්රහමණ්ඩලයේ ප්‍රධාන තරුව වටා භ්‍රමණය වීමේදී තරුවෙන් නිකුත් වන ආලෝකයේ සිදුවන වෙනස්වීමත් ආශ්රයෙන් ගණනය කිරීම සිදුකර තිබේ.
කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්ෂය ආධාරයෙන් සොයාගෙන ඇති මේ නව ග්‍රහලොව අභ්‍යාවකාශයේ චන්ද්‍රයින් සොයා සිදුකෙරුණු නිරීක්ෂණයකදී අහම්ඛෙන් හමුවූවක් යැයි විද්‍යාඥ පිරිස පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි! අර හඳෙන් ගෙනාපු හාල් ටික මේ ග්‍රහලෝකෙන් ගේන ගෑස් වලින් උයා ගන්න පුළුවන්.(නදී)
ලංකාවෙත් තියෙනවා ගෑස් නිදියක් කෝට්ටේ පැත්තේ.(නදී)
බඹයක් පමණ වූ ශරීරය තුල තථාගත බුදුන් වහන්සේ ලෝකය පැනවූ සේක. ඒ කියන්නේ ලෝකය දකින්න කැමති වූ තැනැත්තා තමන් ව හොදින් දකීද ඔහු ලෝකය දකී කියන එකයි. (නදී)
හලෝ කැළුම් ඕවා අලුත් දේවල් නෙමෙයි අමුතුවෙන් හොයන්න. නවග්‍රහ මණ්ඩලය ගැන බුද හාමුදුරුවෝ කිව්වේ ඇමරිකාවට කලින්.(නදී)
අපේ ලංකාවේ ග්‍රහයන් ගැන සොයා බැලුවොත් නරකද යමක් වෙන්න කලින්. අපිට මොකටද පිට සක් වල ග්‍රහලෝක.(නදී)
බමුණු මෙහි තිබෙන්නේ කදුලු ගෑස්.(නදී)
මෙහි තිබෙන්නේ මොන ගෑස් ද? (දී)
අනේ ලමයිනේ ගෑස් කියන්නේ අපේ රටේ තියෙන එල්.පී ගෑස්වලට විතරක් නෙමෙයි. තාරකා විද්‍යාෙව් පාෂාණ ග්‍රහලෝක සහ වායුමය ග්‍රහලෝක කියා වර්ග තයෙනවා. ටිකක් අන්තර්ජාලෙය්ම හොයලා බලන්න මේ ගැන.(නදී)
ලංකාවේ තෙල් තියෙනවා කියුවා නේද ඒ දවස් වල කෝ මොකද උනේ ඒකට (දී)
පරම සත්‍ය නිවැරදි බුදු දහමයි. එය නිවරදිව කියවන්න. තේරුම්ගන්න. සක්වල සෙවීමෙන් සාන්තියක් නෙවෙන බව උන් වහන්සේ පැවසු සේක.(නදී)
ටිකක් දුර වැඩියි , නැත්තන් ඔය ග්‍රහ ලෝකෙත් ඇමෙරිකන් කාරය සූරා කාල ඉවර කරයි.(නදී)
මෙහෙ තියෙන ගෑස් නිදි වත් හොයලා ඉවර නැතුව වෙන ලෝක වල ඒවා හොයනවා. පලක් නැති වැඩ.(නදී)
අපි මොකුත් කරන්නෙත් නැහැ. කරන මිනිස්සුන්ට කරන්න දෙන්නෙත් නැහැ. අලුතෙන් දෙයක් හොයාගත්තම සතුටු වෙන්න ඕනා.(නදී)
අලුත් ග්‍රහයෙක් සොයා ගත්තාලු, අපිට මොකටද, මගේ පඩි වැඩි වෙනවද එතකොට (දී)
ආලෝක වර්ෂ 200ක් හිතාගාන්නවත් බැහැ දුරයි ප්‍රමාණය (දී)
එහෙනම් හෙට අනිද්දා වෙනකොට ගෑස් ගණන් හොඳටම බහිවී නේද?(දිල්)
ඇමරිකාව ඔය බොරු කතා ගොතනවා ලෝකේ මුලාකරන්න. ඒ ගොල්ලන්ට ඕනි හැම වෙලාවේම ඉදිරියෙන් ඉන්නයි.(නදී)
දැන් ඉතින් අපිට තියෙන්නේ දිග බටයක් හදාගන්න එක තමයි. (දී)
අපි නොදන්නා කොයිතරම් දේවල් තියෙනවා ඇතිද තව (දී)
බණ්ඩාර කුවේට්, හරියට හරි. ඔය බොරු වැඩ වලට වඩා මේ ලෝකේ තියෙන දෙයක් හෙව්වා නම් ඊට වඩා වටිනවා.(නදී)
වැඩි ඈතක නෙවෙයිනේ. හදිස්සියකට ගිහිල්ල ගේන්නත් පුළුවන්. හැබැයි තවම පොළොවේ ගෑස් තියෙන තැන් ඔක්කොම හොයගෙනත් නැහැ නේද?. ඒත් ආලෝක වර්ෂ 200 ඈත තියෙන ඒවා හොයාගෙන. මේවා අපිටම කියන හින්දා හොඳයි.(නදී)
උත්පත්ති වශයෙන් යන්ට නොහැකි , ගමනින් ද නොයාහැකි ලෝක සොයා කරන දේ කාලය කා දමන දෙයක් ! බුදුවදන් නොදත් මිත්‍යා දුෂ්ටිකයන්ට හිමි ලොවක් ...!!! (අ)
විශ්වයේ නිමක් නැත සෙවීම තේරුමක් නැත ඔබ අතරමංවෙවී [වසර 2500 පෙර බුදුරජුන් දෙසනා කල සේක } (දී)
කොච්චර අලුත් ග්‍රහ ලෝකවල , චක්‍රාවාට , චන්ද්‍රයන් හොයාගත්තත් අපේ පෘතුවියට සමාන පරිසරයක් ඇති, මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝකයක් පෘතුවියේ සිට ආලෝක වර්ෂ 200 එපිටට යනතුරුවත් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ කියන ග්‍රහලෝකයේ වුනත් මතුපිට උෂ්ණත්වය සෙල්සියස් -100 ගානක් ලු. අනෙක මේ ආලෝක වර්ෂ 200 යක් යන්න දැන් තියෙන තාක්ෂනය අනුව යම් යානයක් පෘතුවියේ ඉදලා යැවුවොත් අවුරුදු දස දහසක් විතර යයි. (දී)
සීනි 500 g කිරාගන්ඩ බැරි අපිට මොන ග්‍රහලෝකවල බරද (දී)
විශ්වයේ තව කොයි තරම් මේ වගේ දේවල් ඇතිද, විශ්වය ගැන සෙවීම නිෂ්පල කාර්යයක් විදිහටයි බුදුන් වහන්සේ දේශනා කලේ (දී)
මට නං හිතෙන්නෙ මුලු විශ්වයම පෘතිවියට සමානයි. මොකද පෘතිවියේ පැවැත්මට හිරු එලිය, ජලය, ගහකොල, වාතය ඕනා වගේ විශ්වයේ පැවැත්මට මේ ගෑස් ග්‍රහලෝක... විවිධ ඛනිජ වර්ග තියනෙ ග්‍රහලෝක විවිධ ද්‍රව තියන ග්රහලෝකත් ඕනා ඇති? (දී)
ග්‍රහලෝකවල බර මනින අලුත් ක්‍රමය පරණ ක්‍රමයට වඩා නිවැරදි ක්‍රමයක්ලු, ඒ කියන්නේ පරණ ක්‍රමයට මෙච්චරකල් බර මනපු ග්‍රහලෝක වල බර වැරදි සහගතයි කියන එකයි, නමුත් විද්‍යාඥන් රස කර කර හොද හොද කතන්දර කියුව ග්‍රහලෝක වල බර ගැන, අපිත් රස කර කර කියෙවූව, දැන් ඉතින් විද්‍යාඥන්ට කියන්න ඕන කලින් බර මනපු ග්‍රහලෝක වල බර අලුතෙන් මැනලා අලුත් කතන්දර ටිකක් ගොතල කියන්න කියල අපිට රස කර කර අයෙත් කියවන්න. (දී)