විද්‍යාගාරයක් තුළ ගව මස් කෘති‍්‍රමව නිර්මාණය කිරීමට බි්රතාන්ය විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ.
ගව මස්වල රසය මෙන්ම ගුණය ද සුරකින අයුරින් නිර්මාණය කළ එම කෘති‍්‍රම මස් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පෙරේදා (5) ලන්ඩනයේ දී පැවැත්විණි.
මාධ්‍ය හමුවේ දී මස් යොදා සැකැසුණු බර්ගර් බනිස් මාධ්‍යවේදීන්ට රස බැලීමට ද අවස්ථාවක් උදා විණි.
ගවයන් නොමරා ගවමස් රස බැලීමට අවස්ථාවක් ලබා දීමට සමත් වූ එම බි්රතාන්ය විද්‍යාඥයන්ට මේ වනවිට සතුන් සුරැුකීමේ සංවිධාන බොහොමයකින් පැසැසුම් ලැබී ඇති බව ද වාර්තාවේ.
කෘති‍්‍රම මස් නිර්මාණය කෙරෙන්නේ ගවයන්ගේ මාංශපේෂී ෙසෙලවල ගෙන ඒවා බාහිරව වර්ධනය කිරීමේ කි‍්‍රයාවලියක් මගිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් සිල් පදේ කැඩිලා ඉවරයි. මොකද චේතනාව මස් වැළඳීම නේ (නි)
රිෂාර්ඩ් පැන පැන ආගම ඇදගෙන ලියන්නේ කෘතීම මස් මුස්ලිම් මිනිස්සු කන්නේ නැහැ කිය කියා. එතකොට කෘතීම දේවල් බොන්නෙත් නැද්ද? පෙප්සි කෝලා , එතකොට කෘතීම බෙහෙත්? මොනවද මේ ගොඩක් ලොකුවට හිතාගෙන ඉන්නේ? මහා පොලවේ බැහැලා ජීවත් වෙන්න බැරිකම. ඔය රණ්ඩු වෙන්නේ හැමතැනම ඒකනේ? (නි)
රිෂාර්ඩ්,ඇයි කන්නේ ගව මස් ? කන්න පිරිසිදු නිර්මාංශ ආහාර ? (නි)
ඇත්තටම ඇසල ඔබ උපන්දා සිට මස්,මාළු, බිත්තර කාලම නැද්ද (අ)
මේ කෘති‍්‍රම මස් මුස්ලිම්වරු කන්නේ නැහැ. (අ)
ලුම්බිණි පවුම් නෙවෙයි යුරෝ 250,000 ක්, ඒ කියන්නේ රුපියල් ලක්ෂ 435 ක් වෙනවා මේ බර්ගර් එකක්, ඊට හොදයි නොකා මැරෙන එක. (නි)
සමහර එළවලු කන කට්ටියගේ අදහස් දැක්කම මට හරිම පුදුමයක් දැනෙන්නේ (නි)
මස් වැද්දන්ට නිවුස්. (ස)
අසේල හලාල් වුණත් හරාම් වුණත් බයිට් එකට නම් අපේ කට්ටිය රසකරකර බුදීවි (නි)
දැන් ඕවා හලාල්ද හරාම්ද දන්නේ නැහැ. (නි)
ඉස්සර අපේ අය ගවයා නොමරා ගව මස් කාලා තියෙනවා. අහලා නැද්ද පොල් පිත්තක් බැඳලා හරකාගේ කකුල කපන කතාව ... (නි)
දැන් අපේ සේනාව මොකද කියන්නේ? (නි)
උපාසක අම්මලටත් හොද අවස්ථාවක් (නි)
ගව මස් වලට කෙළ හලන්නන්ට හොද පුවතක් වෙයි. (නි)
දන්නා කෙනෙක් කියනවද මේ මස් හලාල් කරගන්නේ කොහොමද කියලා (නි)
මෑතකදී අහපු සතුටුදායකම පුවත.අහිංසක සතුන් මිනිසා නමැති ලෝකයේ දරුණුම සතාගෙන් බේරෙන්නට කළ ලෝක ඉතිහාසයේ හොදම සොයාගැනීම. (නි)
අවුරුදු 50ක් විතර මේවා කාලා බලන්න ඕනේ. මොනවද එයින් ලැබෙන අතුරු ආබාධ කියල දැනගන්න, හැබැයි එතකොට පෙරහෙර ගිහින් ඉවර වෙලා තියෙවී. (ස)
ජගත් හිතනවා ඇති සෛලයක් කියන්නේ අතක් පයක් වගේ ලොකු අවයවයක් කියලා :D (ස)
එංගලතයෙන්නේ හදල තියෙන්නේ මොකුත් කියන්න බැහැ වරදක් කිවත් වැඩක් නැහැ. චේතනා පරිශුද්ධ නොවෙන බැවින්.(ස)
මේකෙන් ගවයා සුරකිනවනම් මේක ඉතාම හොඳ ක්‍රියාවලියක්.මොකද කොතරම් නීති දැම්මත් ලෝකයේ ගව මස් කන එක නවත්තන්නවත්, ගවයා මරන එක වලක්වන්නවත් බෑනේ. (ස)
මට මැවිලා පේනවා මේ ක්‍රමය දියුණුවෙලා ගිහින් තව අවුරුදු සීයකදී විතර කෘත්‍රිම ගවයොයි අපේ ගවයොයි එකට එකතුවෙලා කතා කර කර සහෝදරත්වයෙන් කුඹුරුවල වැඩ කරන හැටි! (ස)
ගවමස්වලට තියෙන කෑදරකම කොතෙක්ද කියල පෙනෙනවානේ. (ස)
මාංශ පේශි ගන්න එකෙන් ගවයාට කිසිම වදයක් නැහැ. කොහොම උනත් මේ පොඩ්ඩ හදන්න ගිය වියදම පවුම් 250,000 ක්. ඒ නිසා මේක වාණිජ ක්‍රමයට එන්න තව බොහෝ කල් යනවා.(ස)
කාල ටික දවසක් යනකොට කියයි ලෙඩ හැදෙනවා කන්න එපා කියලා, කෙසේ හෝ අනුන්ගේ මස් කන්න තියෙන තණ්හාව නම් ප්රහාණය කලයුතුමයි. (ස)
මාංශ පේශි සෛල ගන්න ගවයාට වද දෙන්න වෙනවනේ! (ස)