චීනයේ බින්සු ප්‍රදේශයේ පිහිටි කණිටු විදුහලක් ගින්නකදී ආරක්ෂා විය හැකි ක්‍රම සම්බන්ධයෙන් වූ වැඩසටහනක පෙරහුරුවක් ගින්නෙන් දැවෙන ගබඩාවක සිට පැවැත්විණි.
විදුහලේ සිසුන්ට ගිනි ගෙන දැවෙන ගබඩාව අතරින් පැනගොස් දිවි ගලවාගැනීමට සිදුවිය.තැනින් තැන රදවා සිටි ගිනි නිවීමේ භටයෝ හා උපදේශකයෝ ඔවුන්ට උපදෙස් නිකුත් කළෝය.
එක් අවස්ථාවකදී ඉහළින් එල්ලෙමින් තමන්ව වටකරගෙන සිටි ගිනි ගෙන දැවෙන කඹ ගොඩක් අතරින් පැනයාමට ඔවුන්ට සිදුවිය.මෙහිදී ගින්නෙන් ආරක්ෂා වීමට බ්ලැන්කටයක් වැනි දෙයක් භාවිතා කරන්නේ කෙසේදැයි ඔවුන්ට පෙන්වා දෙනු ලැබුණි.
ගින්නත් සමග සෙල්ලම් කිරීමට දරුවන් යොදාගෙන ඇතැයි බොහෝ දෙනා පාසැලේ පාළනාධිකාරිය වෙත චෝදනා නගමින් සිටියද ඇතැමුන්ගේ අදහස වන්නේ සැබෑවටම සිසුන්ට අවශ්‍ය වන්නේ පන්ති කාමරයේ පුටුවල හිදගෙන නිදිකිරා වැටෙමින් උපදේශකයෙකුට සවන් දීම නොව හදිසි අවස්ථාවක දිවි ගලවාගත හැක්කේ කෙසේදැයි ප්‍රායෝගිකව අත්විදිය හැකි මෙවන් සේවාවන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හොදයි වතුරෙන් බේරෙන හැටි ඉගෙන ගන්න ගොඩක් මැරෙන්නේ දියේ.(නදී)
රොෂාන් හරි. ලංකාවේ ගොඩාක් මුහුදු, වැව තිබුණට ගොඩක් දෙනෙකුට පීනන්න බෑ. වෙන රටවල පාසල් ළමුන්ට පීනන්න පුරුදු කරනවා. ලංකාවෙත් එවැනි වැඩ පිළිවෙලක් තිබුණොත් හොඳයි. (ස)
නමුත් බොහෝවිට ජලයේ අනතුරු වෙන්නේ තමන්ගේ පිහිනීමේ හැකියාව ගැන අධි තක්සේරුවෙන් සිතන, මත් ද්‍රව්‍ය පාවිච්චි කරන ලද්දන්. මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් පසුව ජල ආශ්රිත ක්‍රියා නොකරන්න කියාදීම වැදගත්. (ස)
පන්ති කාමර දැනුම දීම ලාභම ක්‍රමය ඒකයි. අද හැමතැනම එහෙම කරන්නේ. ඇත්තටම නම් දිය යුතු වන්නේ ප්‍රයෝගික දැනුම. බොහොමයක් ආයතන ලාබෙට අඩු සුදුසුකම් තියෙන අය අරගෙන ළමයින්ට මොකක් හරි බොරුවක් කරලා සල්ලි ගරා ගන්නවා. සහතිකේ විතරයි. වැඩ බෑ. (ස)