ආදරය මුදලට ගැනීමට නොහැකි බව කියතත් තනි රත්රනින් නිම කැරුණු කමිසයකින් කාන්තා ආකර්ෂණය දිනා ගැනීමට තැත් කරන පුද්ගලයකු ඉන්දියාවේ සිටී.
දන්තා පුජ් (32) සල්ලි පොලියට දෙන්නෙකි. මේ රත්රන් කමිසය සඳහා ඔහු වියදම් කළ මුදල පවුම් 14000 (රුපියල් 2,912,000) කට ආසන්නය. සාදා නිමකිරීමට දිනකට පැය 16ක් බැගින් වැඩ කළ රන් කරුවන් 15 දෙනකුට සති දෙකක් ගතවිය.
වෙල්වට් රෙද්දක් මත රන් ඇතිරීමෙන් කමිසය මසා ඇති අතර ඊට කැපෙන ලෙස රන් මුදු හා දම්වැල් ආදී පළඳනාද නිර්මාණය කැර තිබේ.
‘මේ කමිසය මගේ සිහිනයක් සැබී වීමක්. මම දන්නවා මම ලෝකයේ සිටිනා කඩවසම්ම පුද්ගලයා නොවේය කියා, නමුත් මොන ගැහැණිය ද රත්රන් කමිසයක් ඇඳන් සිටින මා දැක්කොත් බැහැයි කියන්නේ‘ දත්තා පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරම්පරිකව එන දෙයක්ද දන්නේ නෑ (ස)
මටත් හිතෙනවා පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න (ස)
මේ මනුස්සයගේ ජීවිතෙත් අවසන් වේවිද දන්නේ නෑ. සමහර විට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ලංකාව නෙමෙයිනේ (ස)
කමීසේ වැඩක් නෑ හතවතයි රත්තරන් විය යුතු (ස)
මොළයක් තියෙන මිනිහෙක් එක්ක එන්න කැමති ගෑණියෙක් නම් කවදාවත් එන එකක් නැහැ. (නි)
මෙහෙම අය ඉන්නේ ඉන්දියාවෙම තමයි (ස)
ඥානවතී, මගේ ටෙලිෆෝන් නොම්මරේ එවන්නද? (නි)
අනේ පුලුවන් නම් ඔය කමිසය ඇදගෙන ලංකාවට එන්නකෝ. (නි)
රත්තරන් වලට පුලුවන්ද සැබෑ ආදරයක් හොයන්න? (නි)
අයියෝ සල්ලී (ස)
හිගා කකා කොළපතක් අරන් යන තැනකට යන්න රත්තරන්... (නි)
රන් කමීසයයි ,සල්ලියි තියෙනකම් ගෑනු පොරකාවි අන්තිමේ තමන් තමන්වම රවටා ගැනීමක් වෙන්නේ (ස)
සල්ලි තියෙනවානේ. ඒත් ඉතින් අනේ මන්දා? (නි)
සල්ලි තිබුණට මොළය පිළිබදව මට ප්‍රශ්නයක් ඇත. (නි)
එකම කමිසෙ වුණත් හැමදාම අඳිනකොට ගඳ ගහනවා... අනිකුත් ගෑණු කෙසේවෙතත් තමන්ගේම ගෑණි වැඩිකල් මෙයා එක්ක ඉඳීවිද දන්නෙ නැහැ. (නි)
පොඩි ගාණක් වියදම් කරලා මානසික වෛද්‍යවරයෙක් ළඟට ගියානම් හොඳයි වගේ. (නි)
අයියෝ සල්ලි. (නි)
අනේ මන්දා... මම නම් කැමතියි කැමතියි වගේ. බැරිද ටෙලිෆෝන් නොම්මරේ එවන්න? (නි)
සල්ලි තිබුණට තව මොනවාහරි දෙයක් නැහැ වගේ. (නි)
ආදරය කියන්නේ මිළ කළ නොහැකි දෙයක්. ඒත් රත්තරන් කියන්නේ හුගක් වටිනා මිළෙන් වැඩි දෙයක්. මෙහෙම දෙයක් පෙන්නලා මිළ කළ නොහැකි, ගැඹුරු ආදරයක් ලබාගන්න පුලුවන්ද? (නි)
අනේ මෙහෙමත් අය... (නි)
හොද නිර්මාණයක්.. (නි)
අනේ මන්දා? ඒත් කැමති වේවිද? (නි)