ස්පාඤ්ඤයේ සාම්ප්‍රදායිකව පවත්වන ගොන්පොර තහනම් කරන ලෙස ඉල්ලමින් මැඩ්රිඩ් නුවරට එක්වූ දහස් ගණන් ජනතාව විරෝධතාවයක් කළහ.
ගොන් පොර කුරිරු සම්ප්රදායක් බවත් එය තම ජාතිය නින්දාවට පත් කරන බවත් පවසමින් විරෝධතාකරුවෝ වීදි බැස සිටියහ. ඔවුන් පවසන්නේ විනෝදාස්වාදය සඳහා සතුන්ට වදහිංසා පැමිණවීම නැවැත්විය යුතු බවයි.
සෑම වර්ෂයකම ගොන්පොර උත්සව 2000ක් පමණ ස්පාඤ්ඤයේ පැවැත්වෙන අතර බොහෝ සංචාරකයින්ද මේවාට සහභාගී වේ.
පසුගිය ජූලි මාසයේ සිට ඉතාලි රජය විසින් උත්සව අවස්ථාවන්හිදී ගොනුන් මැරීම තහනම් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුරිරු වින්දනය නවත්වන්න තව ටික කලක්ධෙ ර්යසම්පන්නව අරගල කරන්න වේවි. (ර)
මේ වගේ වැඩ තහනම් කළ යුතුයි.(හේ)
මම නම කියන්නේ ගොන් පොර හොඳ දෙයක්. මසට හරක් මරනකොට කකුල් ගැට ගහල හරකට කිසිම දෙයක් කරන්න බැරි විදිහට හිර කරලා තමයි මරන්නේ. එත් ගොන් පොර වලදී හරකා නිදහස්, ඌටත් සටන් කරන්න අවස්ථාව තියෙනවා. (ර)
මම නම් කවදාවත් හිතුවේ නැහැ මේ වගේ රටවල මිනිස්සුන්ට මේවා තේරේවි කියලා. (ර)
කතාවටත් කියනවා ගොනා වගේ කියල. බලාගෙන ගියාම ගොන් වැඩ කරන්නේ මොලේ ඇති උදවියනේ. (ර)
ඇත්ත. මේවායින් සතුන් විඳින පීඩාව අපමණයි (නි)
සත්‍ය ජය ගනී. (ම)
ඕනේ ගොනෙකුට තේරෙනවා මේක උසස් අධ්‍යාපනේට අදාල කාරණයක්. (බ)
ඕන ගොනෙකුට පුළුවන් ගොන්පොර සෙල්ලම් කරන්න...ගොන්නු ඉන්නවා නම්.(හේ)
මිනිසා අභ්‍යවකාශය තරණය කළත්, මොනවා අලුතින් සොයාගත්තත් තවම මිනිස්සු වැඩි දෙනෙක් තමන්ව අධ්‍යයනය කරලා නැහැ. මේ වගේ තරඟ තවමත් ලෝකයේ පවතින්නේ ඒ නිසා. මේ වගේ තරඟ පවත්වන්නට හේතුව වෙන්න පුළුවන්, ඒ කාලයේ මිනිස්සු වනාන්තර මැද්දෙන් ගමන් කරනකොට හම්බවුණ කුළුහරක් එක්ක කළ සටන් සිහිගන්වන්න. නමුත් දැන් වාහන වලින් යන යුගය නිසා මේ තරඟ නවත්වන එකම තමා හොඳ (නි)
මෙය ඉබේ සිදුවුණ දෙයක් නොවේ. යුරෝපයේ අය බුදු දහම ඉගෙනගෙන එය ජිවිතයට එකතු කරගැනීමේ එක උදාහරණයක් (නි)