විවිධාකාරයේ විශ්වාසයන්ගෙන් අන්ධව සිටින අයිඑස් අන්තවාදීන්ට කාන්තාවක අතින් මරණයට පත්වීම යනු මහත් බියගෙන දෙන්නක් බව පැවසේ.
ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව කාන්තාවක අතින් මරණයට පත්වුවහොත් ඔවුනට සුරලොව අකැපය.
මෙය තමන්ගේ වාසියට යොදාගෙන සිටින කුර්දි සටන්කාමිීහු දැන් කාන්තා සේනාංකයක්ද පිහිටුවාගෙන සිටින අතර එම කාන්තාවෝද තම පිරිමි සගයින් හා එක්ව හරි හරියට සටන් වැදෙති.
වයි.පී.ජේ ලෙස හැදින්වෙන මෙම සේනාංකයේ සිටින්නේ ස්වේච්ඡුාවෙන්ම බැදුණු කාන්තාවෝය.ඔවුන් අතර වෛද්‍ය සිසුවියන්,නීති සිසුවියන්,ගෘහණියන්,තරුණියන් ආදී සියල්ලෝ සිටිති.
මේ දිනවල අයිඑස් අන්තවාදීන් හා දරුණුවට සටන් ඇවිලෙන සිරියාවේ කොබේන් නගරයේ ඔවුහු සටන්වැදී සිටින්නෝය.අයිඑස් අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වීමට වඩා මරණය කැපයැයි සිතා සිටින ඔවුන් නගරය ගලවා ගැනීමේ බලාපොරොත්තු වියැකී ගියහොත් සියපණ නසාගැනීමට පවා සූදානම්ය.
කොබේන් නගරයට මේ දිනවල ලෝකයේම අවධානය යොමුව තිබේ.නගරය වටා කඳවුරු බැඳගෙන සිටින අයිඑස් අන්තවාදීහු නොනවත්වාම නගරයේ ස්ථානගතවී සිටින කුර්දි සටන්කාමිීන්ට ප්‍රහාර එල්ල කරන අතර රැයක දවාලක වෙනසක් නොමැතිව දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලේ.
ඇමරිකාවද අයිඑස් ඉලක්ක වලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී.එසේවුවත් කුර්දි සටන්කාමිීන්ගේ අදහස වන්නේ අන්තවාදීන් මර්දනය කිරීමට ගුවන් ප්‍රහාර පමණක් ප්‍රමාණවත් නොවන බවයි.
නගරය වටලා සිටින අන්තවාදීන් නිසා කිසිවෙකුටත් නගරයට ඇතුල්වීමට හෝ පිටවීමට නොහැකි අතර මෙනිසා ආහාර ද්‍රව්‍ය සපයාගැනීම අතිශයින් දුෂ්කර වෙමින් පවතින බව සඳහන්ය.
මෙවන් තත්ත්වයක මුදල් වලට අගයක් නොමැති හෙයින් කොබේන්හි වැසියෝ ඔවුන් සන්තකයේ ඉතිරිව ඇති ආහාර ඔවුනොවන් අතර හුවමාරු කරගනිමින් සිටිති.නමුත් මෙසේ කවදා වන තෙක් සිටිය හැකිදැයි සැක සහිතය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයද උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ඉක්මන් පියවර නොගතහොත් 1995 වසරේ බොස්නියාවේ සිදුවූ පරිදි මහා මිනිස් සංහාරයක් නැවත වරක් අත්දැකීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කර ඇත.
තත්ත්වය කෙතරම් දරුණු වුවද කොබේන්හි සිරවී සිටින 13000 ක් පමණ වන වැසියෝ බලාපොරොත්තු අතහැරීමට සූදානම් නැත.නිදහස පතා අවසාන එකා දක්වා සටන් වැදීමට ඔවුන් සූදානම්ය.නමුත් එසේයැයි කියා ඇස් කන් පියාගෙන සිටීමට ලෝකයාට හැකියාවක් නොමැත.දේශපාලන අරමුණු තකා මිනිස් ජීවිත සමග කරන සෙල්ලම් නවතා දැමිීමට කාලය පැමිණ ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම වැඩක්නේ! මම නම් මේ අදහසට විරුද්ධයි (නි)
සුර ලෝකෙට කෙසේ වෙතත් අඩි හයක් පොළව යටට නම් යවනවා ළගදීම.(හේ)
මේ අය සුර ලෝකේ කියන්නේ කොහාටද දන්නේ නේ නේද?(හේ)
ධනංජය කියන්නේ ඇත්ත තමයි. ගැහැණු ළමයා ලස්සනයි. (නදී)
අයිඑස්අයිඑස් ත්රස්තයන්ගේ මොලේ හැටි තමා. ඒ අයට දිවිය ලෝකේ යන්න පිරිමිම වෙඩි තියන්න ඕනි. (අ)
අයි එස් අයි එස් ත්රස්තයෝ මොලේ හෝදලා දාපු අමනුශ්ය කොට්ටාසයක්.මේ වගේ හිතන පතන අය ගැන තවත් මොන කතාද? (ස)
අනේ මෙහෙම මෝඩ විශ්වාශ හා ඇදහිලි ක්‍රමයක්!(හේ)
හරි පුදුමයි. 21 ශත වර්ෂයේ දිව්‍ය ලෝක ගැන තවමත් විශ්වාස කරන මිනිසුන් තවම ජීවත්වෙන එක.(හේ)
අපේ කට්ටිය නම් ගැහැණියක් ළඟින් හිටියත් සුරලෝකේ ගියා වාගේ ඉන්නේ. (නි)
බන්දුල පෙරේරා වනාහි අමුතුම සත්වයෙකි. (නි)
හරක් මරලා, මිනී මරලා සියලුම පව්වැඩ කරලා දිව්‍යලෝකයට යන්න පුලුවන්නම් අද ලෝකේ කිසිම මනුස්සයෙක් නැහැ. තිරිසන්නු වෙලා ඉපදෙන්නේ ඔය වගේ කට්ටිය තමා. (නදී)
"මෙහෙ වේලි වේලි මේ ගෑනුන්ගෙන් බැණුම් අහ අහ ඉන්නවට වඩා කොච්චර සැපක්ද කලින් කියන්න එපැයි.. වැඩේ ශුවර්ම නේද" අනේ කවුරුවත් බන්දුල මහතාට බනින්න එපා. පෙනෙනවා නේද එයා ඉන්න අසහනකාරී තත්වය. අනේ පව් ගිය ආත්මේ මොන කරුමයක් කොරලද දන්නේ නැහැ ගෑනුන්ගෙන් බැණුම් අහ අහ ඉන්න (නදී)
කාගේ අතින් මැරුණත් මේ අනුන්ගේ බෙලි කපන්නන්ට යන්න තියෙන්නේ අපායටම මිසක් වෙන කොහෙටද? (නදී)
බැනුම් ඇහුවට අවුලක් නැහැ බමුණු මහත්තයෝ මැරුම් කන්නේ නැතුව. (නදී)
අනේ ඇත්තට මෙහෙමත් අදහස්? (නි)
ටිකිරි බණ්ඩාට හිතෙන්නේ නැද්ද මේ සුන්දර කෙල්ලගේ අතින් මැරෙන්න ලැබෙනවානම් ඒකත් සැපක් කියල..අපායේ යන්නේ පස්සෙනේ.. ඇත්තටම ලස්සන පින්තුරයක්..(අ)
"බැනුම් ඇහුවට අවුලක් නැහැ බමුණු මහත්තයෝ මැරුම් කන්නේ නැතුව" මැරෙන එක තත්පර ගණනකින් අවසන් වෙනවා. බැනුම් අහන එක ජීවිත කාලයටම කරන්න එපායැ (නි)
අනේ ඇත්තට, මිනිස්සුත් හිතන විදිහේ හැටි! (නි)
බටුගෙදර, මෙන්න මම අඩුව පිරෙව්වා. (නි)
අපි නම් ඔක්කොම ඉන්නේ දිව්‍යලෝක පෝළිමේ. (නි)
සුර ලෝකෙට නෙමෙයි මේ අය අපායටවත් වැද්ද ගන්න එකක් නැහැ මොකා අතින් මැරුණත්. (නදී)
ලෝකේ මේ කොටසේ උපන් මිනිසුන්ගෙන් සියට අනු පහකටම මොන දේ තබුනත් මොලේ නම් බින්දුවක් වත් නෑ (නදී0
දරු ප්‍රසුතියේදී ඒ වේදනාව දරාගනු වේදනාවෙන් මිරිකෙන ගැහැණිය.... තමන්ගේ දේශය නමැති දරු සිගිත්තා රැකගැනීමට අවි දරා නගන මදහස කෙතරම් අවිහින්සකද? සුන්දරද? (නදී)
බන්දුල උඹලා කොහොමත් අපායට තමයි (නදී)
මේ සියල්ල, අර අන්තගාමී ම්ලේච්ඡ අදහස් නිසා සිදුවන මහා විපත්ත්යක්. (නදී)
ඇමෙරිකාවට තියන්නේ ගැහැණු ගුවන් නියමුවන් අරින්න බෝම්බ දාන්න. (නදී)
අපොයි හේමන්ත තනියෙම දිව්‍යලෝකේ යන්න වගේ හදන්නේ..හරි හරි..හැබැයි ගෑනු පරාන වලින් ප්‍රවේශම් වෙලා ඉන්න.... වැඩ වරද්ද ගෙන අපේ පෝලිමට ආවොත් පස්සට පයින් ගහල එලියට දාන්නේ (නදී)
මට නම් කාන්තාවක් අතින් මියගියත් සැපයි (නි)
ගැහැනියක නිසා උත්පත්තිය ලැබුවා නම් දැන් මොකද මේ සුර ලෝකෙට යන්න පිරිමි හොයන්නේ. ? (නදී)
ඒ බය මොකද?මේ ලෝකයේදී ගැහැණියක් අතින් මැරුම් කෑවොත් සුර ලෝකයේදී කන්‍යාවන් හත් දෙනෙක් ලැබෙන්නේ නැතිලු. (නදී)
රෙජි මහත්තයෝ..වැඩේ ඇත්තනම් මම අදම කෝච්චියට බෙල්ල තියනවා..මෙහෙ වේලි වේලි මේ ගෑනුන්ගෙන් බැණුම් අහ අහ ඉන්නවට වඩා කොච්චර සැපක්ද කලින් කියන්න එපැයි.. වැඩේ ශුවර්ම නේද? (ස)
මේ යන ක්‍රමයට ඉදිරියේදී ගැහැණුන්ගේ ඉදල් පාර කාල තමයි බන්දුල පෙරේරාට සැතපෙන්න සිද්ද වෙන්නේ.කොහොමත් මේ මනුස්සය ගැහැණුන්ගෙන් ඉල්ලන් කන්න උපන් හපන් මනුස්සයනේ. (ස)
චමි.වැඩිය ඔයා උදේ පාන්දරින් නැගිටින්නේ එපා.මොකද පිනසෙ හදාගෙන ඔය මොලෙන් වැඩක් ගන්න බැරි වේවි.සත්තකින්ම එල අදහසක්. (ස)
දවසක මෙයාල මුළු ලෝකෙම විනාශ කරනවා.(අ)
මේ රූපේ ඉන්න අක්ක අතින් නම් මලත් සැපයි තමයි යසිරු කොල්ලො! (ස)
කෝ මෙතන අර කට්ටියගේ අදහස් නැහැනේ ? එහෙනම් මේක බොරුවක්ද ? කිව්වා වගේ ඇමෙරිකාවට අබ සරණයි. බන්දුලට ලජ්ජා නැද්ද නිකන් බැනුම් අහන්නේ (නදී)
පොතක් ලෝකෙට කරන විනාසයක තරම.(හේ)