කැරැලිකරුවන් අතින් කුරිරු ලෙස ඝාතනය වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහි නඩු විභාගය ලබන මාසයේදී පැවැත්වීමට සියලූම කටයුතු සූදානම් යැයි ලිබියානු නව රජය පවසයි. ලිබියා කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේදී, කැරැලිකරුවන් සහ සිවිල් වැසියන් ඝාතනයට අණ දුන්නේ යැයි ගඩාෆිට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද නඩු පැවැරීමට සූදානමින් සිටී. ලිබියා රජය පවසන්නේ, සෙයිෆ් අල් ඉස්ලාම් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පෙර, තම රටේ නීතියට අනුව ඔහුට දඬුවම් නියම කළ යුතු බවය. ගඩාෆි ඝාතනයෙන් පසු සෙයිෆ් අල් ඉස්ලාම් ද රටින් පැනයෑමට උත්සහ ගත් අවස්ථාවේදී කැරැලිකරුවන්ට හසුවිය. කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර, නඩු විභාගයකින් ද තොරව මේ වන තෙක්ම ඔහු සින්ටාන් නුවර සිරගත කර තැබීමට ලිබියා නව රජය කටයුතු කළේය. මානව හිමිකම් කි‍්‍රයාකාරීන් මෙන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද ලිබියානු රජයට චෝදනා කළේ සෙයිෆ් අල් ඉස්ලාම් නිරන්තරයෙන් වද බන්ධනයන්ට ලක් වන බවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල කම් පල දේ කියන්නේ බොරුවට නෙමෙයි..(ස)
ඔහුට කෙසේ හෝ සහනයක් සැළසේවා! (නි)
අමිල කටුනායක ,ඔයාගේ කවුරුහරි මුස්ලිම් කෙනෙක් බැඳලා ඉන්නවද ? ඔයාට හරි කැක්කුමක් තියෙනවා මුස්ලිම් රටවල් ගැන . (නි)
ජාතීන් ගැන තේරුම්ගත් පුද්ගලයෙක්. (නි)